Author: LFN
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) පැවැති විශේෂ දේශපාලන සාකච්ඡාවේදී කරුණු රැසක් පිළිබඳව අවධානය යොමු කර තිබූ බව වාර්තා වෙයි. කොළඹ පෞද්ගලික හෝටලයක මෙම සාකච්ඡාව පැවැති අතර එහිදී වැඩි අවධානයක් යොමුකර ඇත්තේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ පිළිබඳවය. ඊට අමතරව UNP-SJB සාකච්ඡා සම්බන්ධයෙන් ද අදහස් හුවමාරු කරගෙන ඇති අතර දෙපාර්ශ්වයෙන් සහභාගී වූ මන්ත්‍රීවරුන් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබුණි. තවද වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා වී ඇති අතර එහිදී බොහෝ අදහස් පළවී ඇත්තේ ආණ්ඩුව විපක්ෂයේ දේශපාලන පක්ෂ මර්දනයක් ගෙනයන බවටත් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට විරෝධීව කටයුතු කරමින් ඇති බවටත් ය. පසුගිය සමයේ කෝප් කමිටුව වැනි කමිටුවල සභාපති ධුරය එවකට…
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් වැල්ලම්පිටිය සේදවත්ත ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි කිරීමකදී මිනිස් පරිභොජනයට නුසුදුසු තිරිගු පිටි සහිත ගබඩාවක් සොයාගෙන ඇත. එම අධිකාරියේ 1977 කෙටි දුරකථන අංකයට ලද පැමිණිල්ලකට අනුව ඊයේ (30) සිදුකළ මෙම වැටලීමේදී අදාළ ගබඩාවේ තිබී කිලෝ 25ක් සහිත ඇසුරුම් 30,000ක් සොයාගෙන තිබේ. මෙම තිරිඟු පිටි සත්ව ආහාර සඳහා නිකුත්කරන මුවාවෙන් නැවත වෙළෙඳපොළට නිකුත් කොට ඇතිදැයි සොයා එම අධිකාරිය විසින් විමර්ශනයක්ද මේ වනවිට ආරම්භ කර ඇත. මේ අතර මෙම ගබඩාවේ සඟවා තිබූ ආයනික සම්බා කිලෝ 25 බැගින් වූ ඇසුරුම් 8,000ක්ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි නිලධාරීන්ට සොයාගැනීමට හැකිව ඇත. එම සහල් කලකට පෙර මෙරටට ආනයනය කල ඒවා බවට තොරතුරු…
අද (31) දිනයේ ඌව පළාතෙත් මඩකලපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නවතම නිවේදනය මගින් ඒ බව සඳහන් කරයි. එහි දැක්වෙන පරිදි උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති වෙයි. තවද බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතී. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය…
සමාජ මාධ්‍යය භාවිතය ළමා සියදිවි හානි කරගැනීම් ඉහළ යෑමට හේතුවක් වී ඇති බව ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය සංගමය පවසයි. එහි සභාපති විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න මහතා පැවසුවේ පසුගිය වසර තුළ ළමා සියදිවි හානි කරගැනීම් 200කට අධික ප්‍රමාණයක් වාර්තා වී ඇති බවය. “ළමා සියදිවි හානි කරගැනීම්.. 2022 වසරේ 18ට අඩු දරුවන් 133 දෙනෙක් සියදිවි හානි කරගෙන තිබෙනවා. නිල නොවන දත්ත අනුව ගිය වසරේ 270ක් කියලා කියනවා. මේ සියලුම දේවලට විවිධ හේතු තියෙනවා. මේකට ගන්න පුළුවන් එක පියවරක් තමයි සමාජ මාධ්‍ය කොයි විදියටද තහනම් කරන්නේ කියන එක. රටක් වශයෙන් කුමක් කළ යුතුද කියන කරුණු ගැන තොරතුරු රැස් කරලා තියෙනවා. තව සතියකින් දෙකකින්…
ගාල්ල හිනිදුම පනංගල ප්‍රදේශයේදී වෙඩිතබා පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කර තිබේ. පොලිසිය පැවසුවේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු T56 වර්ගයේ ගිනිඅවියකින් ඊයේ (30) රාත්‍රී 11:15ට පමණ මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවය. වෙඩිවැදුණු පුද්ගලයන් එම ස්ථානයේදීම මියගොස් ඇති බවද පොලිසිය පැවසීය. වෙඩිතැබීම සිදුවන අවස්ථාවේ මෙම පුද්ගලයින් තිදෙනා මත්පැන් පානය කරමින් සිට ඇති බව සඳහන් ය. මියගිය අය අතර 29 සහ 54 හැවිරිදි වියේ පසුවන පුද්ගලයින් දෙදෙනෙකු සිටින අතර අනිත් පුද්ගලයාගේ වයස තහවුරු කරගෙන නොමැත. සැකකරුවන් සොයා හිනිදුම පොලිසිය විමර්ශන අරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පැවසීය.
මේ වසරේ ජනවාරි මාසය තුළ දිවයිනට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ දෙකේ සීමාව ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව ජනවාරි පළමු දින සිට 26 දක්වා කාලය තුළ දිවයිනට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 212,838ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය. මෙම කාලය තුළ දිවයිනට පැමිණි සංචාරකයින් අතරින් වැඩි පිරිසක් ඉන්දීය ජාතිකයින් වන අතර එම සංඛ්‍යාව 37,383කි. එමෙන්ම රුසියාව, බ්‍රිතාන්‍ය, ජර්මනිය, චීනය, ප්‍රංශය ඇතුළු රවලින් ද වැඩි විදෙස් සංචාරකයින් පිරිසක් දිවයිනට පැමිණ තිබේ.
කූට ලෙස සකස් කළ ඝානා රාජ්‍යයේ විදෙස් ගමන් බලපත්‍රයක් භාවිත කරමින් ශ්‍රී ලංකාවෙන් පළායාමට තැත් කළ නයිජීරියානු ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (29) රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුණි. සැකකරු 38 හැවිරිදි නයිජීරියානු ජාතිකයෙකි. ඔහු 2019 වසරේ මෙරටට පැමිණ ඇති අතර මොහුට එරෙහිව මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩු දෙකකට අදාළව සහ ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව, මෙරටින් පිටවීම තහනම් කරමින් ගුවන් ගමන් තහනම් ත්‍රිත්වයක් නිකුත් කර තිබූ පුද්ගලයෙකි. මීට අමතරව මොහු මෙරට රැඳී සිටියදී ආගමන විගමන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන්, එම දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන මිරිහාන රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා…
හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වූ ප්‍රියන්ත මයාදුන්නේ මහතාව අද (30) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
දේශපාලනයේ වැඩි කාලයක් රැඳී සිටීමට තමා බලාපොරොත්තු නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා පවසයි. විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඊයේ (29) පස්වරුවේ අර්ච්චුනා මහතාව අත්අඩංගුවට ගත් අතර, පසුව අධිකරණයට ඉදිරිපත් කර ඇප මත මුදාහැරියේය. ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, තමා වෛද්‍යවරයෙකු බවත් අතීතයේ සිට දේශපාලනයට ඇලුම් නොකර බවය. ජනතාව වෙනුවෙන් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වුවත් තමා අකමැතිම කේෂ්ත්‍රය දේශපාලනය බව ද ඔහු පැවසීය. “මම දේශපාලනයට ඇත්තටම කැමති නෑ. අවුරුදු 38ක් මම කවදාවත් ඡන්දේ දීලා නෑ. දැන් ඇත්තටම ආවේ මිනිස්සු වෙනුවෙන්. ඒ නිසා වැඩිදුරටක් ඉන්නේ නෑ. දේශපාලනය මම කැමතිම නැති කේෂ්ත්‍රයක්. හැබැයි ඉන්න කාලයක් මම කෙලින් ඉන්නවා.”
77 වන නිදහස් දින සැමරම් උත්සවය පෙබරවාරි 04 වන දින නිදහස් චතුරස්‍රය පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. “ජාතික පුනරුදයට පෙළගැසෙමු”යන තේමාව යටතේ මෙවර නිදහස් උත්සවය පැවැත්වෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍ය ඒ. එච්. එම්. එච්. අබේරත්න මහතා පැවසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (30) උදෑසන පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මේ අතර මාධ්‍ය හමුවට එක්වෙමින් ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා පවසා සිටියේ, නිදහස් දින සැමරුම් පෙළපාලියේ සංයුතිය යම් වෙනසක් සිදුකර ඇති බවය. ඒ අනුව මෙවර හමුදා පෙළපාලිය සාමාජිකයින් 1,873කට සීමා වී ඇති අතර, ගිය වසරට සාපේක්ෂව හමුදා සමාජිකයින් 1,511දෙනෙකෙුගේ…