Close Menu
Lanka Focus News
    What's Hot

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ආණ්ඩුවට අභියෝග කරන්න රනිල් පිටිය සකසයි ?
    Featured

    ආණ්ඩුවට අභියෝග කරන්න රනිල් පිටිය සකසයි ?

    By LFNJanuary 31, 2025No Comments2 Mins Read128 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) පැවැති විශේෂ දේශපාලන සාකච්ඡාවේදී කරුණු රැසක් පිළිබඳව අවධානය යොමු කර තිබූ බව වාර්තා වෙයි.

    කොළඹ පෞද්ගලික හෝටලයක මෙම සාකච්ඡාව පැවැති අතර එහිදී වැඩි අවධානයක් යොමුකර ඇත්තේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ පිළිබඳවය.

    ඊට අමතරව UNP-SJB සාකච්ඡා සම්බන්ධයෙන් ද අදහස් හුවමාරු කරගෙන ඇති අතර දෙපාර්ශ්වයෙන් සහභාගී වූ මන්ත්‍රීවරුන් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබුණි.

    තවද වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා වී ඇති අතර එහිදී බොහෝ අදහස් පළවී ඇත්තේ ආණ්ඩුව විපක්ෂයේ දේශපාලන පක්ෂ මර්දනයක් ගෙනයන බවටත් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට විරෝධීව කටයුතු කරමින් ඇති බවටත් ය.

    පසුගිය සමයේ කෝප් කමිටුව වැනි කමිටුවල සභාපති ධුරය එවකට විපක්ෂය නියෝජනය කළ සුනිල් හඳුන්නෙත්ති වෙත ලබාදී තිබූ නමුත් වත්මන් ආණ්ඩුව කෝප් සභාපති ධුරය ඔවුන් භාරයේ තබා ගැනීම පිළිබඳවත් මෙහිදී දැඩි ලෙස සාකච්ජාවට ලක්ව තිබේ.

    එමෙන්ම පාර්ලිමේන්තුවේ කමිටු සඳහා විපක්ෂයේ පිරිස් නම් නොකිරීම සම්බන්ධයෙන්ද එහිදි රැස්ව සිටි නියෝජිතයින් අදහස් දක්වා තිබේ.

    රැස්ව සිටි පිරිස එය හඳුන්වා ඇත්තේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් ලෙසය.

    අදාළ සාකච්ඡාව රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැඳවා තිබූ අතර පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපතිවරයාට සහය පළ කළ දේශපාලන පක්ෂ නියෝජිතයින් මෙන්ම වෙනම තරග කළ පක්ෂවල නියෝජිතයින් ද මෙම සාකච්ඡාවට එක්ව තිබීම විශේෂත්වයකි.

    ඒ අනුව සමගි ජනබලවේගය නියෝජනය කරන මනෝ ගනේෂන් සහ පී. දිගාම්බරම් යන මන්ත්‍රීවරුන් ද මෙම සාකච්ඡාව සඳහා සහභාගි වී ඇත.

    මීට අමතරව, හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන, උදය ගම්මන්පිල, අනුර ප්‍රියදර්ශන යාපා, දුමින්ද දිසානායක, කංචන විජේසේකර, සාගල රත්නායක, වජිර අබේවර්ධන, ප්‍රේමනාත් සී දොලවත්ත යන මහත්වරුන් ද ඊට එක්වී තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 202603 Views

    පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා ද දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර මාර්ගගත ක්‍රමයට ලබාදීමේ පහසුකම එළඹෙන සැප්තැම්බර්…

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.