Close Menu
Lanka Focus News
    What's Hot

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 2026

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ගාල්ලේදී වෙඩිතබා ඝාතනය කළ තිදෙනා ගැන හෙළිවූ කරුණු
    Featured

    ගාල්ලේදී වෙඩිතබා ඝාතනය කළ තිදෙනා ගැන හෙළිවූ කරුණු

    By LFNJanuary 31, 2025No Comments1 Min Read171 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගාල්ල, හිනිඳුම මහාබෝධිවත්ත ප්‍රදේශයේදී ඊයේ (30) රාත්‍රියේ නාඳුනන තුවක්කුකරුවකු සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

    පොලිසිය පැවසුවේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බවය.

    හිනිදුම, මහබෝධිවත්ත ප්‍රදේශයේ පිහිටි ලැගුම්හලක් තුළදී ඊයේ රාත්‍රී 11.15ට පමණ මෙම වෙඩිතැබීම සිදුකර තිබුණි.

    යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකුගෙන් අයෙක් T56 වර්ගයේ ගිනිඅවියකින් වෙඩිතැබී සිදුකර තිබූ බව පොලිසිය සඳහන් කළේය.

    වෙඩිතැබීම සිදුවන අවස්ථාවේ ලැගුම්හල තුළ පුද්ගලයින් පස් දෙනෙකු මන්පැන් පානය කරමින් සිටි ඇති අතර ඉන් තිදෙනෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වී තිබුණි.

    පොලිසිය පැවසුවේ අනෙක් දෙදෙනා වෙඩිතැබීම සිදුවන අවස්ථාවේදී එම ස්ථානයෙන් පලාගොස් ඇති බවය.

    වෙඩි ප්‍රහාරයට ලක්වී ජීවිතක්ෂයට පත්වී ඇත්තේ, ලැගුම්හලේ හිමිකරු වන 55 හැවිරිදි ඉඳුනිල් සමන් කුමාර, අම්බලන්ගොඩ පදිංචි එම්. නෙවිල් හා හිනිදුම පදිංචි 34 හැවිරිදි චතුරංග කුමාර නම් පුද්ගලයන් තිදෙනෙකි.

    වෙඩිතැබීමෙන් පසු වෙඩික්කරුවන් පලාගොස් ඇති අතර වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.

    පොලිසිය පවසන්නේ ඝාතනයට ලක්වූ පුද්ගලයන් තිදෙනාට කිසිඳු පාතාල සබඳතාවක්ද නොමැති බවය.

    සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන දකුණු පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න මහතාගේ අධීක්ෂණය යටතේ සිදුකෙරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 2026

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,466 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 202603 Views

    පසුගිය මාස 12ක කාලය තුළ ඕමානයේදී මියගිය ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් රුපියල් මිලියන 28කට අධික වන්දි…

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.