Close Menu
Lanka Focus News
    What's Hot

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සුජීවගේ සිතාසිය වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්
    Featured

    සුජීවගේ සිතාසිය වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

    By LFNJanuary 28, 2025No Comments1 Min Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නීතිවිරෝධී ලෙස වාහනයක් එකලස් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා වෙත කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙන සිතාසිය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

    සුජීව සේනසිංහ මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් පසුව අභියාචනාධිකරණ විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් මහතා විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

    සුජීව සේනසිංහ මහතා සිය පෙත්සම තුළින් සඳහන් කර තිබෙන්නේ නීතිවිරෝධී ලෙස වාහන එකලස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය තමන්ට ලබන 05 වනදා එම අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කර තිබෙන බවය.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සිතාසිය ලබාගෙන තිබෙන්නේ වැරදි සහගත කරුණු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් බවත් එම ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් ඔහු සිය පෙත්සමේ සඳහන් කර තිබේ.

    ඒ අනුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් තමා වෙත නිකුත් කර තිබෙන සිතාසිය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත්කරන තුරු අදාළ සිතාසිය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් සුජීව සේනසිංහ මහතා සිය පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 202604 Views

    මැදපෙරදිග කලාපයේ බලශක්ති සැපයුම්වලට එල්ල වී ඇති බාධාකාරී තත්ත්වයත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන්…

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.