Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නාමල් කුමාර මුදා හැරීමට නියෝග
    Featured

    නාමල් කුමාර මුදා හැරීමට නියෝග

    By LFNJanuary 28, 2025No Comments1 Min Read109 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජාතින් අතර සංහිඳියාව උල්ලංඝනය වන ආකාරයේ සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු පළ කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි නාමල් කුමාර මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (27) නියම කළේය.

    සැකකරුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අදාළ නඩුකරය පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තියේ නීතිඥවරු ඉකුත්දා කරුණු දක්වා තිබුණි.

    ඒ අනුව ඔහු මුදා හරින ලෙසත් එම නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තලුජා ලක්මාලි මහත්මිය අද දින සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ සැකකරුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අදාළ චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බවය.

    ඒ අනුව සැකකරු මුදාහරින ලෙසත් මහෙස්ත්‍රාත්වරිය සිය තීන්දුවෙන් සඳහන් කර සිටියේය.

    තහනමට ලක් කර තිබෙන කොටි සංවිධානයේ සලකුණු , ධජ හා නිල ඇඳුම් ඇතුළත් තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ පළ කිරීම තුළින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කර ඇතැයි සඳහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නාමල් කුමාර නැමැත්තාට එරෙහිව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබුණි.

    ඒ අනුව අධිකරණය විසින් නිකුත් කළ නොතීසියකට අනුව බන්ධනාගාර ගතව සිටි නාමල් කුමාර නැමැත්තා පසුගියදා අධිකරණයට ඉදිරිපත් කළ අතර පසුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය විසින් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 202600 Views

    විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ “රටම එකට” ජාතික මෙහෙයුමට සමගාමීව විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක්…

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026

    අයිස් කිලෝ 39ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.