Close Menu
Lanka Focus News
    What's Hot

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 2026

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජීවිත බිලිගත් මාරක අනතුරු
    Featured

    ජීවිත බිලිගත් මාරක අනතුරු

    By LFNJanuary 28, 2025No Comments1 Min Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු තුනකින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.

    ඊයේ (27) එම අනතුරු පොල්පිතිගම, බද්දේගම සහ පෑලියගොඩ යන පොලිස් වසම්වලින් වාර්තා වූ බව පොලීසිය පැවසීය.

    ගල්ටැංවැව – හිරිපිටිය මාර්ගයේ දංගොල්ලාගම ප්‍රදේශයේදී යතුරුපැදියක් පැදිකාරිය විසින් ඇඳගෙන සිටි සාරියේ කොටසක් පිටුපස රෝදයට හිරවීම හේතුවෙන් යතුරුපැදිය මාර්ගයේ පෙරළීමෙන් අනතුරක් සිදුව ඇත.

    අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකාරිය හිරිපිටිය රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රථිකාර සඳහා කුරුණෑගල රෝහලට මාරුකර යවා ප්‍රථිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.

    එලෙස මියගොස් ඇත්තේ, නිකදළුපොත ප්‍රදේශයේ පදිංචිව සිටි 53 හැවිරිදි කාන්තාවකි.

    මේ අතර බද්දේගම – වදුරබ මාර්ගයේ සුදුවැලිපත ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

    එලෙස මියගොස් ඇත්තේ, සුදුවැලිපොත ප්‍රදේශයේ පදිංචිව සිටි 50 හැවිරිදි පුද්ගලයෙකි.

    කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ ජ්‍යෙරාජ් ප්‍රනාන්දුපුල්ලේ අනුස්මරණ ගුවන් පාලම ආසන්නයේදී කොළඹ දෙස සිට නුවර දෙසට ගමන් ගන්නා මංතිරුවේ සිට අනෙක් මංතීරුවට පදික මාරුව නොවන ස්ථානයකින් මාර්ගය හරහා ගමන්කළ පුද්ගලයෙකු හඳුනා නොගත් රථයක ගැටී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් බරපතළ තුවාල ලැබූ පදික පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.

    එලෙස මියගොස් ඇත්තේ, පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි පුද්ගලයෙකි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 2026

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,466 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 202604 Views

    පසුගිය මාස 12ක කාලය තුළ ඕමානයේදී මියගිය ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් රුපියල් මිලියන 28කට අධික වන්දි…

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.