Author: LFN
ඇල්ල ඔඩිසී ඊ ටිකට්පත් වංචාවට සම්බන්ධ තවත් සැකකරුවෙකු මහනුවර දී අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (26) මහනුවර දුම්රියපල අසලදී මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම සැකකරුව අත්අඩංගුවට ගත් බව සඳහන් වේ. සැකකරු දුම්රිය ප්‍රවේශපත්‍ර වැඩි මිලකට විදේශිකයන්ට අලෙවි කර ඇති අතර ඔහු සතුව තිබී ඊ ටිකට්පත් දෙකක් හා ජංගම දුරකථන දෙකක් ද පොලිස් නිලධාරීන් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 32 වන කඩුගන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පසුව වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබේ. ඒ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇති වු ගැටුම පිළිබඳව විමර්ශනය කිරීම සඳහා සහකාර බන්ධනාගාර අධිකාරීවරයෙකුගෙන් සමන්විත කණ්ඩායමක් යොමුකර තිබේ. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී දිසානායක මහතා පැවසුවේ අදාළ ගැටුම පිළිබඳව අද (27) අධිකරණයට කරුණු වාර්තා කිරීමට කටයුතු කරන බවය. ඊයේ (26) පස්වරුවේ ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ගැටුමක් හට ගෙන තිබුණි. ඉන් රැඳවියන් සිව්දෙනෙකු තුවාල ලබා තිබු අතර දෙදෙනෙකු ගාල්ල කරාපිටිය ජාතික රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. ගැටුමෙන් තුවාල ලැබු අනෙක් රැඳවියන් දෙදෙනා බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබුණි. මේ අතර බන්ධනාගාර අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ, මේ වන විට එහි…
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව අද (27) සිට ආරම්භ වේ. ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ඉල්ලුම් කිරීමේ හැකියාව පවතින බව විභාග දෙපාර්තමේන්තුව පැවසුවේය. 2024 වසරට අදාළව පැවති 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල පසුගිය බ්‍රහස්පතින්දා නිකුත් කෙරුණි. අද සිට පෙබරවාරි මස 06 වෙනිදා දක්වා ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා ඉල්ලුම් කළ හැකි බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේය. “මේක නැවත සමීක්ෂණයක් නෙමෙයි. අභියාචනා සලකා බැලීමක්. අපේක්ෂකයින්ගෙන් මුදල් අයකරලා කරන ක්‍රියාවලියක්. මේක එහෙම නෙමෙයි. විදුහල්පතිවරුන් විසින් ඉදිරිපත් කරන අභියාචනා සලකා බැලීමක් කරන්නේ. ඒ නිසා විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා ඇදහිය නොහැකි ප්‍රතිඵලයක් සම්බන්ධයෙන් පමණක්…
අහුන්ගල්ල වෙරළ තීරයේ දියනෑමට ගිය විදේශ ජාතිකයෙකු හා විදේශ ජාතික ගැහැණු ළමුන් දෙදෙනෙකු දිය වැලකට හසු වී ගසාගෙන ගොස් තිබේ. එම අවස්ථාවේ එහි රාජකාරී යෙදී සිටි පොලිස් ජීවිතාරක්ෂක ඒකකයට අනුයුක්ත පොලිස් පරික්ෂක මනෝජ් ආරියරත්න, පොලිස් කොස්තාපල් 19342 සංගීත් සහ පොලිස් කොස්තාපල් 103992 දුලංජය යන නිලධාරින් විසින් ඔවුන්ව බේරාගෙන ඇත. කෙසේ නමුත් බරපතළ තත්ත්වයේ සිටි වයස අවුරුදු 54 ක් වූ යුක්‍රේන ජාතික පිරිමි පුද්ගලයා බලපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබේ. ඊයේ (26) දහවල් කාලයේ මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි. දිවි බේරාගත් ගැහැණු ළමුන් දෙදෙනා වයස අවුරුදු 13 හා 17 ක් වූ යුක්‍රේන ජාතිකයින් වේ. මෘත ශරීරය බලපිටිය රෝහලේ…
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අප්‍රේල් මස දෙවන සතියේ හෝ හතරවන සතියේ පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් කටයුතු කරනු ඇති බවට තමා විශ්වාස කරන බව බිමල් රත්නායක අමාත්‍යවරයා පවසයි. යාපනය ප්‍රාදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය. සියලු පක්ෂ එක්ව පළාත් පාලන ආයතන ඡන්දය පැවැත්වීම සඳහා වු පනත් කෙටුම්පත සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවද අමාත්‍යවරයා එහිදී පැවසීය. “සියලුම පක්ෂවල නායකයින්ගේ එකඟතාවයෙන් ආණ්ඩුව පැත්තෙන් පළාත් පාලන ඡන්දය නැවත පැවැත්වීමට අදාළ වන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. දැනට අධිකරණය තුල එයට පෙත්සම් ප්‍රමාණයක් ඉදිරිපත් කරලා තියෙනවා යම්කිසි පාර්ශවයන් කිහිපයක්. නමුත් අපි විශ්වාස කරනවා මැතිවරණ පැවැත්වීමට…
ඩිජිටල් හැඳුනුම්පතට අවශ්‍ය තොරතුරු ලබා ගැනීම සඳහා දිවයින පුරා මධ්‍යස්ථාන 2,300ක් ස්ථාපිත කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. තඹුත්තේගම ප්‍රදේශයේ පැවති සුහද හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා පැවසුවේ, ඩිජිටල් හැඳුනුම්පත හරහා මුල්‍ය ආයතන සමග ගනුදෙනු කිරීමට මෙන්ම බදු ගෙවීමේ කටයුතු සඳහා එමඟින් පහසුකම් සැලසෙන බවය.
2025 වසරට අදාළ නව පාසල් වාරය අද (27) සිට ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. පළමු පාසල් වාරය අදියර තුනක් යටතේ පැවැත්වෙන අතර, එහි පළමු අදියර අද සිට මාර්තු මස 14 වෙනිදා දක්වා ක්‍රියාත්මක වීමට නියමිතය. පළමු පාසල් වාරයේ දෙවැනි අදියර අප්‍රේල් 01 සිට 11 වෙනිදා දක්වාත්, එහි තෙවැනි අදියර අප්‍රේල් 21 වෙනිදා සිට මැයි 09 වෙනිදා දක්වාත් පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේය.
ශ්‍රීලංකන් ගුවන් සමාගම රජය සතු සමාගමක් ලෙස ඉදිරියටත් පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ පසුගිය රජය විසින් ශ්‍රීලංකන් ගුවන් සමාගම විකිණීමට කටයුතු සැලසුම් කර තිබූ බවය. වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් බිමල් රත්නායක අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය. “ශ්‍රීලංකන් ගුවන් සමාගම වහලා, විකුණලා, විනාශ කරලා තිබුණේ. ඒ වගේම මගේ දැනීමේ හැටියට ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් යානා තුනක් අවුරුදු 03ක් තිස්සේ ග්‍රවුන්ඩ් කරලා තිබුණා එන්ජිම නැතුව. අවුරුදු 03ක් තිස්සේ මාසයකට ඩොලර් ලක්ෂ 09 ගාණේ යානා බිම තියාගෙන ගෙව්වා රනිල් ලාගේ…
මෙවර වී මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් කෝටි 500ක් වෙන්කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. හෝමාගම, පිටිපන ප්‍රදේශයේ පැවති සුහද හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ එම මුදල වී මිලදී ගැනීම සඳහා රජයක් වෙන්කළ වැඩිම මුදල බවය. “අපි දැනටමත් රුපියල් කෝටි 500ක් වෙන්කරලා තියෙන්නේ වී මිලදී ගන්න. මෑත කාලයේ ආණ්ඩුවක් වෙන් කරන ලද වැඩිම මුදල ඒක. අපේ ගබඩා සියල්ල ප්‍රතිසංස්කරණය කරනවා. අපේ ගබඩාවල තියෙනවා ලක්ෂ 03ක ධාරිතාවයක්, අපිට ලක්ෂ 03ම මිලදී ගන්න බැරි වෙයි. හැබැයි අපි ඒ ගබඩා පුද්ගලික අංශයේ වී එකතු කරන අයට දෙන්න සැලසුම් කරනවා. එතකොට ඒ අය වී ගන්නවා අපේ ගබඩාවේ තැන්පත් කරනවා. අපි දන්නවා හාල්…
වංචා සහ දූෂණ සම්බන්ධයෙන් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ දී සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ දී පොලීසිය ඇතුළු නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට ආණ්ඩුව කිසිදු බලපෑමක් සිදු නොකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. හෝමාගම පිටිපන ප්‍රදේශයේ පැවති සුහද හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ ඇතැම් නීති නිලධාරීන් බලපෑම් නොකරන ආණ්ඩුවක් බලයට පත්වන තෙක් නඩුගොඩු සඟවාගෙන සිට ඇති බවය. එවැනි නිලධාරීන්ට නිදහසේ කටයුතු කරගෙන යාම සඳහා අවස්ථාව ලබා දී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය. “සමහර කට්ටිය කියනවා ගන්නවා ඇප දෙනවා කියලා. ඒක තමයි නීතිය. පරික්ෂණ කරන කෙනාට අධිකරණයට ඉදිරිපත් කරන්න පුළුවන්, පරික්ෂණ ඉදිරියට ගෙනියන්න ඒයාට අච්චුකරන්න පුළුවන් නඩුවක් දැම්මොත්. පරික්ෂණවලදී…