Author: LFN
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන මැතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු හෙට (25) අනුරාධපුරයෙන් ආරම්භ කිරීමට නියමිතව ඇත. එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුතු සිදු වේ. ඒ අනුව පළමුව ජය ශ්‍රී මහා බෝධිය හා රුවන්වැලිසෑයට වෙත ගොස් අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගැනීමට එම පක්ෂය තීරණය කර ඇත. ඉන් අනතුරුව ග්‍රාමීය නායකයන්ගේ සහභාගිත්වයෙන් ජනහමු මාලාවක් පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු යොදා තිබේ.
ඊච්චන්කුලම පොලිස් වසමේ සුන්දරපුරම් ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. පොලීසිය පැවසුවේ මියගිය පුද්ගලයා සහ තවත් පුද්ගලයෙකු අතර අද (24) අලුයම ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවය. මියගොස් ඇත්තේ 31ක් හැවිරිදි සුන්දරපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඝාතනය සිදුකළ වයස අවුරුදු 30ක් වන සැකකරු ඝාතනය සඳහා යොදා ගත් කඩුවක් ද සමඟ අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් ඊච්චන්කුලම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
පාරිභෝගික කටයුතු අධිකාරිය මගින් ඊයේ (23) දින කොළඹ දිස්ත්‍රික්කය තුළ සහල් වැඩි මිලට අලෙවි කරන වෙළෙඳුන් සොයා විශේෂ වැටලීමක් සිදු කළේය. එහිදී විශේෂ විමර්ශන කණ්ඩායම් 6ක් යොදවමින් පිටකොටුව තොග වෙළෙඳුන් සහ ආනයනකරුවන් පරීක්ෂා කෙරුණි. තවද බොරැල්ල, නුගේගොඩ, වැල්ලවත්ත, දෙහිවල, රත්මලාන, මොරටුව, බත්තරමුල්ල, කොහුවල, බොරලැස්ගමුව, කොලොන්නාව, වැල්ලම්පිටිය, කඩුවෙල, හංවැල්ල, අවිස්සාවේල්ල, පාදුක්ක, ගොඩගම යන නගර ආශ්‍රිතව තොග සහ සිල්ලර වෙළදසැල් තුළ වැටලීම් ක්‍රියාත්මක විය. එහිදී වැඩි මිලට සහල් අලෙවි කළ වෙළෙඳුන් 20 කට වැඩි ප්‍රමාණයක් නීතියේ රැහැනට හසුකරගත් අතර සහල් සඟවාගන සිටි වෙළෙන්දෙකු සහ කල්ඉකුත් වූ සහල් ගබඩාකරගෙන සිටි වෙළෙඳසැලක් ද නිලධාරීන් විසින් වටලා තිබුණි. සහල් වැඩි මිලට අලෙවිකරණ වෙළෙඳුන් සොයා පාරිභෝගික…
පාසල් සිසුන් විවිධ කාණ්ඩවලට බෙඳී හොරණ නගරයේදී දින කිහිපයක ඇතිකරගෙන තිබෙන ආරවුලක් පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවා ඇත. ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලීසිය ඊයේ (23) හදිසියේම හොරණ බස් නැවතුම්පොළ වෙත පැමිණ සිසුන් අතර ඇතිව තිබූ එම තත්ත්වය පාලනය කර තිබේ. අප වාර්තාකරු පැවසුවේ නිල ඇඳුමින් පාසල නිමවී නගරය පැමිණෙන සිසුන්, නගරය තුළදී පාට ඇඳුමින් සැරසී සෙසු සිසුන් අතරට පැමිණ පහර දෙන බවයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය (22) ඇති වූ ගැටුමක් අතරතුරදී වෙළෙඳසැලක ඉදිරිපස වීදුරුවක් බිදී ගොස් ඇති අතර, ඒ පිළිබඳව හොරණ මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් ද ලැබී ඇත.
මෙරට පුරවැසියන් 340,000කට මෙම වර්ෂය තුළදී විදේශ රැකියා අවස්ථා ලබාදීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අද (23) පැවති නව බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩසටහනට එක්වෙමින් එම කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය. පසුගිය 2024 වසරේදී 311,000කට විදේශ රැකියා ලබාදී ඇති අතර, එය මෙම වසරේදී 12%කින් වැඩිකරමින් මෙලෙස රැකියා අවස්ථාදීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය සැලසුම් සකසා ඇත. ඒ අනුව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ නියාමනයන් සිදුකොට නිවැරදිව රැකියා සඳහා ජනතාව විදේශගත කළ යුතු බවයි. එමෙන්ම විදේශ රැකියා බලපත්‍ර ලබාගත් ඇතැම් ඒජන්සි වංචනික ක්‍රියාවල යෙදෙන බවට තමන් වෙත තොරතුරු වාර්තා…
ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකළපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (24) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකිය. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 50ක පමණ තරමක තද වැසි ඇති විය හැකිය. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම්වල සහ උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇති වෙයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වලත් බදුල්ල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී…
කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ යතුරුපැදි කණ්ඩායම විසින් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දී ඊයේ (23) රථවාහන හදිසි සෝදිසියකට ලක් කර තිබුණි. එහිදී අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට පොලීසිය විසින් ඊයේ රාත්‍රියේ වෙඩිතැබීමක් සිදුකර තිබුණි. පොලීසිය සඳහන් කළේ එහිදී සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවය. එම රථය හඹාගොස් මාලිගාවත්ත ප්‍රදේශයේදී පොලීසිය විසින් මෙම වෙඩිතැබීම සිදුකර තිබුණි. රථය පරීක්ෂා කිරීමේ දී එහි තිබී නීතිවිරෝධී මත්පැන් සොයාගත් බවද පොලීසිය සඳහන් කළේය. සිද්ධිය ගැන ඉදිරි විමර්ශන ක්‍රියාත්මකය.
නිසිපරිදි බදු තීරණය නොකිරීම හේතුවෙන් පසුගිය වසර 5ක පමණ කාලය තුළ සුරාබදු ආදායමෙන් රුපියල් බිලියන 100ක පමණ මුදලක් රටට අහිමිවූ බව මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසයි. එහි විධායක අධ්‍යක්ෂ සම්පත් ද සේරම් මහතා පවසන්නේ මෙම බදු ප්‍රමාණය තීරණය කිරීම හරහා දුම් වැටි අලවිය සියයට 50කින් පමණ අඩු වුවද දුම්කොළ සමාගමේ ලාභය සියයට 400කින් පමණ ඉහළ ගොස් ඇති බවය. “2023 වසරේ සුරා බද්ද 20%කින් වැඩි වුණා. එහිදී දුම්වැටි බදු ආදායම රු.බි. 7.7ක්. ඒ කියන්නේ තිබුණු ආදායම 7%කින් වැඩි වුණා. මධ්‍යසාර බදු ආදායම 7%කින්… ඒ කියන්නේ රු. බි. 11.6කින් වැඩි වුණා. බදු ආදායම වැඩි වුණා… භාවිතය අඩු වුණා. ශුද්ධ මධ්‍යසාර ලීටර…
පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන්ගෙන් ආහාර සඳහා දෛනිකව අය කළ මුදල රුපියල් 2000ක් දක්වා ඉහළ දැමීමට අද (23) පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේදී තීරණය කර තිබේ. බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා ඒ බව සඳහන් කළේය. ඒ අනුව පාර්ලිමේන්තු භෝජනාගාරයේ උදේ ආහාරවේලක් රුපියල් 600ක් දක්වා ඉහළ දමා ඇති අතර දිවා ආහාර වේලක් රුපියල් 1,200ක් දක්වා ඉහළ දමා තිබේ. තේ එකක මිල රුපියල් 200කි. මෙම නව මිල ගණන් පෙබරවාරි මස 01 වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගත් හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඇතුළු සැකකරුවන් සිව්දෙනා ඇපමත මුදා හැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව කොළඹ අතිරේක මෙහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා මෙම නියෝගය නිකුත් කර තිබේ.