Author: LFN

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, මෙම තත්ත්වය හරහා මෙරට අනාගතයටද දැඩි බලපෑමක් එල්ල විය හැකි බවය. “පසුගිය වසර 10 නිරීක්ෂණය කිරීමේදී දුටු දෙයක් තමයි මෙරට උපත් සංඛ්‍යාව ක්‍රමක්‍රමයෙන් අඩුවීම. 2013දී උපත් 350,000ක්. 2024දී 228,000ට අඩු වෙලා. ඒ ළමයින්ගෙනුත් යම්කිසි ප්‍රමාණයක් රෝග නිසා රෝහල්ගත වෙනවා. අවුරුදු 20කට කලින් අපි නොදුටු තත්ත්වයක් දැන් උදාවෙලා…ළමා දියවැඩියාව වාර්තාවීම වැඩි වෙලා. ළමා පිළිකා තත්ත්වයන් වාර්තාවීම වැඩිවෙලා. මානසික රෝගවලත් වැඩිවීමක් අපි දකිනවා. මේ වගේ දරුවෝ රෝගී වෙනවා නම් අනාගතය සුබදායක වෙන එකක් නැහැ. අපි හැමෝම මේ…

Read More

2025 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. ඒ අනුව මේ වසරේ ජනවාරි මස 1 වනදා සිට දෙසැම්බර් මස 31 වනදා දක්වා වු කාලසීමාව සඳහා ආණ්ඩුවේ වියදම් ලෙස රු බි 4,616ක් ලෙස ඇස්තමේන්තු ගත කර තිබේ. ඒ අනුව 2025 වසරේ අමාත්‍යාංශ සඳහා සිදුකර ඇති මුදල් වෙන්කිරීම් වලින් වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ මුදල් සහ ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය වෙතය. එය රුපියල් බිලියන 713කි. අමාත්‍යාංශ අනුව සම්පූර්ණ වියදම් පිළිබඳ විස්තරය, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පුනරාවර්තන – රු. බි 8.3 මූලධන – රු. බි 5.4 මුදල් සහ ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පුනරාවර්තන – රු. බි…

Read More

2025 අයවැය විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් අද (09) මීට සුළු මොහොතකට පෙර පර්ලිමේන්තුවට ඉදිරිපත් කළාය. අදාළ පනත් කෙටුම්පත දෙවන වර කියවීම පෙබරවාරි මස 17 වන දින සිදුකිරීමට නියමිතයි. මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා අලුතින් නාමයෝජනා කැඳවීමට අදාළ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් විශේෂ විධි විධාන පනත් කෙටුම්පත ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාය. අදාළ පනත් කෙටුම්පත පසුගියදා ගැසට් මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබීය. එම පනත් කෙටුම්පත සම්මත කිරීමෙන් අනතුරුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා අලුතින් නාමයෝජනා කැඳවීමට මැතිවරණ කොමිෂන් සභාවට බලය හිමි වේ.

Read More

චීන වෛරසය සම්බන්ධයෙන් රජය ඉතා සුපරික්ෂාකාරීව කටයුතු කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. අද (09) පාර්ලිමේන්තුවේ දී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, වසංගත රෝග විද්‍යා අංශය නිරන්තරයෙන් ඒ සම්බන්ධයෙන් වාර්තා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත සපයමින් සිටින බවය. එම වෛරසය වැළඳුනු රෝගියෙක් වාර්තා වුවහොත් නිසැකවම ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය. මේ අතර පසුගිය දා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ, මෙය සාමාන්‍ය ශ්වසන රෝග වෛරසයක් බවය. එම නිවේදනය මෙසේය. – උපුටාගැනීම – උතුරු චීනයේ, විශේෂයෙන්ම ළමුන් අතර ස්වසන රෝග…

Read More

එළැඹෙන අයවැයෙන් සැලකිය යුතු රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමක් සිදුකිරීමට නියමිත බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් අද (09) පාර්ලිමේන්තුවේ දී අසන ලද පැනයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. එමෙන්ම රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කිසිදු විරෝධයක් නොමැති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය. “රු 25,000ක් කියලා නෑ. අපි ඉලක්කම බලාගමු. කලබල වෙන්න එපා. ලිහලා බලන්න තියෙන මල්ල ඔබලා බලන්න හදන්න එපා. රනිල් වික්‍රමසිංහ මහතා සැප්තැම්බර් 4 තැපැල් ඡන්දෙට පෙර කැබිනට් තීන්දුවක් ගත්තා මේ රටේ රාජ්‍ය සේවකයින්ගේ ඡන්දය ඉලක්ක කරගෙන. හැබැයි රාජ්‍ය සේවකයෝ හොඳ උත්තරයක් දුන්නා. ඒක රාජ්‍ය සේවකයින්…

Read More

බුද්ධි නිලධාරියකු බව උසාවියට කී කෝට් සාජන් ගැනත් විමර්ශන තවත් කතාවක් එළියට බත්තරමුල්ල, ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවති උද්ඝෝෂණයකදී පොලිස් නිලධාරීන් තිදෙනකු කපා තුවාල සිදුකළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වීරකැටිය ප්‍රදේශයේ පාසලක සංවර්ධන නිලධාරියකු ලබන 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කඩුවෙල මහෙස්ත්‍රාත්වරයා පෙරේදා (07දා) නියෝග කළේය. පොලිස් නිලධාරීන් තිදෙනා කපා තුවාල කළේ යුද හමුදා බුද්ධි අංශයේ නිලධාරියකු විසින් බවට බරපතළ චෝදනාවක් එල්ල වී තිබිණි. මෙම නිලධාරීන් කපා දැමීම රජයේ අනුදැනුම මත සිදුවූවක් බවට ද චෝදනා එල්ල විය. එහෙත් නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ විමර්ශන කළ තලංගම පොලිසිය මෙම සැකකරු…

Read More

පානදුර ප්‍රසිද්ධ හෝටලයකින් මිල දී ගත් මාළු පාන් ගෙඩියක තිබී ලයිටරයක කොටස් හමුව තිබේ. පානදුර අරුක්ගොඩ ප්‍රදේශයේ පදිංචි මංජුල පෙරේරා මහතා ඊයේ (08) උදෑසන සිය පුතුන් දෙදෙනාට ලබාදීම සඳහා අදාළ හෝටලයෙන් මාළු පාන් ගෙඩි දෙකක් මිළදී ගෙන ඇත. එහිදී, සිය බාල පුතු කෑම ගත් මාළු පාන් ගෙඩියේ තිබී ලයිටරයක ලෝහමය කොටසක් හමුව තිබේ. ඒ මොහොතේම මංජුල පෙරේරා මහතා ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාව මේ බව දැනුවත් කර ඇතත් ඔහු පවසා ඇත්තේ, ඊයේ දිනයේ තමන් නිවාඩු බවත්, පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත සිය ගැටලුව දැනුම්දෙන ලෙසත්ය. ඒ අනුව පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත ගොස් මේ බව පැවසුවද සිය පැමිණිල්ල…

Read More

ජනාධිපති මාධ්‍ය ඒකකයේ තිබී පසුගිය කාලයේ අස්ථානගත වූ ඇතැම් භාණ්ඩ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ. ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙම සිද්ධියට අදාළව ප්‍රසම්පාදන නිලධාරියාගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති අතර, මෙම භාණ්ඩ භාරගත් අයගෙන් ප්‍රකාශ ලබාගැනීමට නියමිත බවත් සඳහන් කළේය. මෙසේ අස්ථානගත වූ භාණ්ඩ මොනවාදැයි සොයා බලා ඒ පිළිබඳව ලැයිස්තුවක් ඉදිරියේ දී අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට දැනුම් දී ඇත. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ කොටුව…

Read More

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. සබරගමුව සහ දකුණු පළාත්වලත් කළුතර සහ මහනුවර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලත් උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Read More

මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍ය කර සිටි සැකකරුවන් තිදෙනෙකුව ඊයේ (08) වත්තේගම පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. වත්තේගම, අටලහගොඩ ප්‍රදේශයේදී පසුගිය 04 වනදා තියුණු ආයුධ වලින් පහරදී මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම සම්බන්ධයෙන් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 25, 35 හා 37 යන වයස්වල පසුවන කරන්දෙණිය, කෑගල්ල හා හෙට්ටිමුල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. වත්තේගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More