Author: LFN

නව වසරේ පළමුවරට පාර්ලිමේන්තුව අද (07) රැස්වීමට නියමිතව තිබේ. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය. පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පැවසුවේ 2024 වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබද වාර්තාව සම්බන්ධව සභාව කල් තැබීමේ විවාදය අද පෙරවරු 10.30 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වීමට නියමිත බවය. මේ අතර මෙම සතිය සදහා පාර්ලිමේන්තුව ලබන සිකුරාදා දිනය දක්වා පැවැත්වීමට නියමිත අතර හෙට දිනයේ දී ආනයන අපනයන පාලන පනත යටතේ රෙගුලාසි ඇතුළු පනත් කිහිපයක් සම්බන්ධයෙන් විවාදය පැවැත්වීමට නියමිතව තිබේ.

Read More

ආන්දෝලනයට තුඩු දී තිබෙන නඩු කටයුතු පිළිබඳ ජනපති සහ නීතිපති අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද (06) පවත්වා තිබේ. මෙහිදී නීතිය පසිඳලීම සඳහා ක්‍රියා කරන සියලු ආයතන ඒකාබද්ධව කටයුතු කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. අධිකරණ පද්ධතිය කෙරෙහි ජනතාව තුළ ඇති විශ්වාසය තහවුරු කිරීම නීතිපති දෙපාර්තමේන්තුවේ වගකීම බවත්, දේශපාලන අධිකාරීත්වය පිළිබඳව පැවති ජනතා අදහස් වෙනස් කර විශ්වාසය තහවුරු කළ යුතු බවත්, මහජන අපේක්ෂා බිඳ වැටීමට කිසිසේත්ම ඉඩ නොතැබිය යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී පැවසීය. එසේම මහජන අපේක්ෂා බිඳ වැටීමට රජයක් ලෙස කටයුතු නොකරන බවත්, ජනතාවගේ සිත් තුළ බිඳ වැටී තිබුණු යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය නැවත ප්‍රතිස්ථාපනය කිරීමට කටයුතු කරන…

Read More

16 හැවිරිදි පාසල් සිසුවියක් අතුරුදන් වී ඇති බවට ඇටම්පිටිය පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය සඳහන් කළේ, අදාළ දැරිය පසුගිය ජනවාරි 3 වනදා සිට අතුරුදන්ව ඇති බවය. දැරියගේ මව විසින් අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර ඇති අතර, අතුරුදන් වූ දැරිය උඩ අඩි 5යි අඟල් 2ක් පමණ උසැති තලෙළු සාමාන්‍ය සිරුරක් සහිත අයෙකි. ඇය අවසන් වරට ළා කොළ පැහැයට හුරු දිග ගවුමක් ඇඳ මිට ඇති අතර, වම් අතෙහි වැලමිට ආසන්නයේ සුළු කැපුම් තුවාලයක් දක්නට ලැබේ. අතුරුදන් වු අදාළ දැරිය සම්බන්ධයෙන් වැඩි විස්තරයක් වෙතොත් පහත දුරකථන අංකයන්ට දැනුම්දෙන ලෙස පොලීසිය පවසයි. ස්ථානාධිපති – ඇටම්පිටිය – 0718591528 පොලිස් ස්ථානය ඇටම්පිටිය -…

Read More

රුපියල් ලක්ෂ අනුවක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බස්නාහිර පළාත් සභාවේ හිටපු පළාත් සභා මන්ත්‍රී සලෝචන ගමගේ ඇතුළු සැකකරුවන් දෙදෙනා තවදුරටත් ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. සැකකරුවන්ගේ ඇප ඉල්ලීම් පිළිබඳ නියෝගය ඉදිරියේදී ප්‍රකාශයට පත්කරන බවත් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය නියෝග කළාය. නාගරික සංවර්ධන අධිකාරිය විසින් කොළඹ, ටොරින්ටන් ඇවනිව් හී පිහිටි ඉඩමක් පවරා ගැනීම වෙනුවෙන් ගෙවිය යුතු වන්දි මුදලින් කොටසක් කඩිනමින් ලබාදීම සඳහා රුපියල් ලක්ෂ අනූවක අල්ලසක් ලබා ගත් අවස්ථාවේදී මෙම සැකකරුවන් දෙදෙනා ඉකුත්දා අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගෙන තිබුණි.

Read More

හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සොහොයුරා ජනවාරි 17 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය අද (06) නියෝග කර තිබේ. ෆින්ලන්තයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් තිසර ඉරෝෂණ නානායක්කාර නැමැත්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් බිබිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණි. ඒ අනුව පසුගිය 29 වනදා සැකකරුව ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන්ම අනතුරුව අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළේය. සැකකරු ෆින්ලන්තයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ලැබී ඇත. එහි සඳහන්ව තිබුණේ, අදාළ පුද්ගලයා රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 40ක මුදලක් ඉල්ලා…

Read More

ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් සඳහා නව ව්‍යවස්ථාවක අවශ්‍යතාව මතුව ඇති බව කොළඹ අගරදගරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි. ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව සිදුකරන ලද දුෂිත ක්‍රියාවන් විමර්ශනය කිරීමට අවශ්‍ය ශක්තිමත් යාන්ත්‍රණයක් බිහිකිරීම සඳහා නව ව්‍යවස්ථාවක් අවශ්‍ය බව උන්වහන්සේ පෙන්වා දෙයි. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සහ කොළඹ අගරදගරු හිමිපාණන් අතර හමුවක් ඊයේ (05) පස්වරුවේ පැවති අතර ඉන් අනතුරුව කාදිනල් හිමිපාණන් මෙලෙස මාධ්‍යට අදහස් පළ කළේය. “පාස්කු ප්‍රහාරය පිටුපස තිබුණ සැබෑ තොරතුරු හෙළිදරව් කරගැනීම තමා හුඟාක් වැදගත් වෙන්නේ. කවුද මේක කළේ, කුමන කාරණාවකට මේක කළේ, කාගේ සහයෙන් ද මේක කළේ, කියන එක සම්බන්ධව පුළුල් විමර්ශනයක් කළ යුතුයි. ලංකාව තුළ පසුගිය කාලයේ දී මේවාගේ දේවල්…

Read More

අමෙරිකාවේ මධ්‍යම ප්‍රදේශයට බලපෑ හිම කුණාටු තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ නැගෙනහිර ප්‍රදේශය කරා ගමන් කරනු ඇති බවට එරට ජාතික කාලගුණ සේවය නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. හිම කුණාටුවේ අවදානම හේතුවෙන් වර්ජිනියා ඇතුළු ප්‍රදේශ කිහිපයකට හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන්ය. හිම කුණාටුවත් සමග ඇතිවන හිම පතනය, දශකයකට පමණ පසුව සිදුවන දරුණුතම හිම පතනය විය හැකි බව අමෙරිකානු කාලගුණ බලධාරීන් සඳහන් කර ඇත. මේ අතර පවතින ශීතාධික කාලගුණ තත්ත්වයෙන් බ්‍රිතාන්‍යයේ ද ප්‍රදේශ රැසකටම බලපෑම් එල්ල වී ඇති අතර ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 11ක පමණ අගයක් ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර…

Read More

බස් රථවල ගමන් ගන්නා මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මගී අයිතිවාසිකම් ලැයිස්තුවක් පිළියෙල කිරීමට කටයුතු ආරම්භ කර ඇති බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි. ඒ අනූව බස් රථ සඳහා ජාතික ගමනා ගමන කොමිෂන් සභාව විසින් ලබාදෙන ධාවන බලපත්‍ර වල අඩංගු කොන්දේසි මෙන්ම පළාත් සභා වලින් බස් රථ ධාවන බලපත්‍ර නිකුත් කිරීමේ දී අඩංගු කොන්දේසි සියල්ල එක්කර ගනිමින් මෙම මගී අයිතිවාසිකම් ලැයිස්තුව පිළියෙළ කිරීමට කටයුතු කෙරෙන බව වාර්තා වේ. අද දෙරණ කළ විමසීමක දී ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය දිලීප විතාරණ මහතා සඳහන් කළේ මෙම කරුණු සම්බන්ධයෙන් බස් රථ සංගම් සහ මගී සංගම් සමග සාකච්ඡා කර අවසන් තීරණයකට එළඹීමට නියමිත…

Read More

පදවි ශ්‍රීපුර පාසලක ගුරුවරියක් එම පාසලේම සිසුවියකට අසභ්‍ය වීඩියෝ දර්ශන වට්ස්ඇප් මඟින් එවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පෙරේදා (04දා) සැකපිට අත්අඩංගුවට ගත් බව ශ්‍රීපුර පොලිසිය කියයි. සයමස් ගැබිනි ගුරුවරියක් වන ඇය අට වසරේ ඉගෙන ගන්නා තම දියණියගේ වට්ස්ඇප් අංකයට අසභ්‍ය වීඩියෝ දර්ශන එවා ඇති බවට පියා විසින් ජාතික ළමා රක්ෂණ අධිකාරියට කළ පැමිණිල්ලකට අනුව පදවි ශ්‍රීපුර පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට කරන ලද දැනුම් දීමකින් අනතුරුව සැකකාර ගුරුවරිය අත්අඩංගුවට ගෙන ඇත. පාසලේ තොරතුරු තාක්ෂණ කාමරයේදී මෙම දැරියට මීට පෙරද ඇය අසභ්‍ය වීඩියෝ දර්ශන පෙන්වා ඇති බවට දැරිය පොලිසියට ප්‍රකාශ කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර ගුරුවරිය කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. පදවි…

Read More

සබරගමුව මහ සමන් දේවාලයට වැඩබලන බස්නායක නිලමේවරයෙක් පත්කිරීම සම්බන්ධයෙන් එම දේවාලයේ රාජකාරි මණ්ඩලයෙන් විරෝධයක් එල්ල විය. ඔවුන් පවසන්නේ සම්ප්‍රදායට එරෙහිව, දේශපාලන වුවමනාව මත එම පත්කිරීම සිදුකර ඇති බවටය. හිටපු බස්නායක නිලමේවරයාගේ ධුර කාලය අවසන් වීමෙන් පසු ස්ථිර බස්නායක නිලමේවරයෙක් පත්කරන තෙක් එස්.වී. චන්ද්‍රසිංහ මහතා වැඩබලන බස්නායක නිලමේ ලෙස පත්කිරීමට බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා පියවර ගෙන තිබුණි. එම පත්කිරීම සම්ප්‍රදායට එරෙහි බවටත් , එම පුද්ගලයා වත්මන් ආණ්ඩුවේ හිතවතෙකු බවටත් චෝදනා කරමින් දේවාලයේ කපු මහත්වරුන් ප්‍රමුඛ රාජකාරී මණ්ඩලය තේවා ඇතුළු රාජකාරී කටයුතු වලින් අද ඉවත් විය. අනතුරුව ඔවුන් සමන් දේවාලයේ පිවිසුම් දොරකඩ අසලට පැමිණ නිහඬ විරෝධතාවක නිරත විය.

Read More