Author: LFN

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට අධිකරණ සේවා කොමිසම විසින් ස්ථාන මාරුවක් ලබාදී තිබෙන බව වාර්තා වෙයි. තිළිණ ගමගේ මහතාට මොරටුව දිසා අධිකරණය වෙත මාරුවීමක් ලබාදී තිබෙන බව වාර්තාවී ඇති බවය. රුපියල් ලක්ෂ 90ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සලෝචන ගමගේ ඇතුළු සැකකරුවන් දෙදෙනෙකුට අදාළ නඩුව විභාග කිරීම සඳහා වෙනත් මහෙස්ත්‍රාත්වරයෙකු පත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කළ තිළිණ ගමගේ මහතා ඊයේ අධිකරණ සේවා කොමිසම වෙත ලිඛිත ඉල්ලීමක් යොමු කර තිබුණි.

Read More

අද (31) මධ්‍යම රාත්‍රි 12 සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක ඉන්ධන මිල ගණන් සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කර තිබේ. ඊට අනුව භූමිතෙල් මිල රුපියල් 5කින් අඩු කර ඇත. අනෙකුත් ඉන්ධන මිල ගණන් සංශෝධනයකින් තොරව ක්‍රියාත්මකය. භූමිතෙල් මිල රුපියල් 5කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 183ක් වේ. මේ අතර ලංකා IOC සහ සයිනොපෙක් සමාගම් ද දැනුම් දී ඇත්තේ සිපෙට්කෝ ඉන්ධන මිල සංශෝධනය අනුව කටයුතු කරන බවය.

Read More

නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය, පොළොන්නරුව, හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මි. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. උතුරු පළාතේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකිය. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මි.මි. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය. උතුරු, නැගෙනහිර, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද…

Read More

නව වසරේ රාජකාරී ආරම්භ කරන අද (01) දිනයේ සියලු රාජ්‍ය ආයතනවල නිල උත්සවයක් පවත්වන ලෙස රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය දැනුම් දී තිබේ. අමාත්‍යංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතා විසින් චක්‍රලේඛයක් නිකුත් කරමින් අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත ඒ පිළිබදව දැනුම් දී ඇති බව වාර්තා වේ. “ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික වැඩසටහන සමග නව වසරේ රාජකාරී කටයුතු ඇරඹිය යුතු බව එම චක්‍රලේඛයේ සඳහන් වේ. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන එළිදැක්වීම රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශය ඒකාබද්ධව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ දී අද සිදුකිරීමට නියමිතව තිබේ. ඒ…

Read More

2024 වසරේ ලබාගත් ආර්ථික ස්ථාවරත්වය තවදුරටත් තහවුරු කර ගනිමින් “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” සැමට උරුම කර දීම වෙනුවෙන් 2025 නව වසරේ දී අධිෂ්ඨාන කරගත යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. නව වසර වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, ග්‍රාමීය දිළිඳු බව අවසන් කිරීම, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන, ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීම රටෙහි ප්‍රමුඛ සංවර්ධන අවශ්‍යතා ලෙස හඳුනාගෙන ඇති බවය. ජනතාව අපේක්ෂා කරන යහපත් රාජ්‍යය ගොඩනැගීම වෙනුවෙන් පැවති දේශපාලන පරිවර්ථනය සිදුකරමින් ජනවරමේ වගවීම හා වගකීම ඉටුකිරීමට මේ වනවිට යුහුසුළුව කටයුතු කරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. නිදහසින් පසු ලංකා ඉතිහාසයේ පළමු වතාවට ජනතාහිතෛෂී…

Read More

2025 නව වසර ඊයේ මධ්‍යම රාත්‍රියෙන් උදාවුණි. පළමුවෙන් නව වසර උදාවූයේ කිරිබාති රාජ්‍යයට වන අතර ඉන් අනතුරුව නවසීලන්තය, ඔස්ට්‍රේලියාව ඇතුළු රටවලට නව වසර උදාවුණි. ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවලට නව වසර උදාවූයේ ඉන් අනතුරුවය. විවිධ සැමරුම් හා විචිත්‍රවත් අවස්ථා සඳහා සම්බන්ධ වෙමින් 2025 නව වසර පිළිගෙන තිබුණි. නව වසර උදාව සැමරීම වෙනුවෙන් විශාල පිරිසක් ඊයේ (31) රාත්‍රියේ ගාලු මුවදොර පිටියට සහ කොළඹ අශ්‍රිත ප්‍රදේශ රැසකට එක් ව සිටි බව වාර්තාවේ දිවයිනේ ස්ථාන බොහොමයක මල්වෙඩි සංදර්ශන ඇතුළු ගිනිකෙළි සංදර්ශන රැසක් පැවති බව සඳහන්ය. 2025 නව වසර උදාව වෙනුවෙන් පොලීසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් මෙන්ම විශේෂිත මාර්ග සැලැස්මක් ක්‍රියාත්මක කර තිබුණි. ලැබුවාවු…

Read More

රාජ්‍ය සේවක කප්පදුවක් සිදුකිරීමට බලාපොරොත්තුවක් නොමැති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අද (31) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ, රාජ්‍ය සේවයේ සිටින පිරිස ඵලදායි ලෙස හා කාර්යක්ෂමව සේවයේ යෙදවීම රජයේ අපේක්ෂාව බවය. බඳවා ගත් පිරිස රටේ ජනතාවට සේවය සපයන ආකාරයට විදිමත්ව ස්ථානගත කිරීමට බලාපොරොත්තු වන බව ද පැවසු අමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පහළ ශ්‍රේණිවල බොහෝමයක් බඳවා ගැනීම් සිදුකර ඇත්තේ සේවා අවශ්‍යතාවයට වඩා දේශපාලන උවමනාවට බවය. මින් ඉදිරියට අත්‍යාවශය බඳවා ගැනීම් සිදුකරන බවත් අමාත්‍යවරයා මෙහිදී කියාසිටියේය. “රැකියා කප්පාදුවකට යන්න බලාපොරොත්තුවක් නෑ. මොන විදියට බඳවා ගැනීම් සිදුකළත් ඒ අය රජයේ සේවයට ඇතුළත් වෙලා තියෙනවා. ඒ මත තමන්ගේ ජීවිතය…

Read More

අද (31) දින දහවල් 12 වන විට ආනයනය කර රේගුවෙන් නිශ්කාෂනය කර ඇති සමස්ත සහල් ප්‍රමාණය 79,000ක් බව ශ්‍රී ලංකා රේගුව පවසයි. රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලි අරුක්ගොඩ මහතා පැවසුවේ ආනයනය කර ඇති සහල් ප්‍රමාණය අතුරින් කැකුළු සහල් ටොන් 31,000ක් ද තැම්බූ සහල් ටොන් 48,000ක් ද වන බවය. එමෙන්ම රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව මගින් ගෙන්වූ ටොන් 780ක් ද මෙම තොගය තුළ අඩංගු බවද ඔහු පැවසීය.

Read More

පසුගිය දා අවසන් වූ 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ කලින් පිටවූ ප්‍රශ්න තුන සඳහා නිදහස් ලකුණු ලබාදීමට ගෙන තිබෙන තීරණය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. මෙම ගැටලුව නිරාකරණය කිරීම සඳහා විශේෂඥයින් විසින් ඉදිරිපත් කර තිබෙන නිර්දේශය තුන අතුරින් සුදුසු නිර්දේශයක් තෝරා ගෙන වහාම එය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස විනිසුරු මඩුල්ල විසින් විභාග කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කර ඇත. ඊට අමතරව මෙම ප්‍රශ්න පත්‍ර පිටවීමට සම්බන්ධ බවට සැකකරන පුද්ගලයින් වන අයි.ජී.එස්. ප්‍රේමතිලක විසින් රුපියල් මිලියන තුනක් සහ චමින්ද කුමාර ඉළඟසිංහ විසින් රුපියල් මිලියන දෙකක්ද වන්දි වශයෙන් රජයට ගෙවිය යුතු බවටත් නියෝග කෙරුණි. එම…

Read More

සැමන් සඳහා පනවා ඇති වැට් බද්ද අඩු කරන ලෙස ශ්‍රී ලංකා ටින් මාළු නිෂ්පාදකයිනගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කර තිබේ. එම සංගමයේ සභාපති ශිරාන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ සැමන් සඳහා පාලන මිලක් පැනවීම ගැටලුවක් නොවුව ද ඔවුන් සඳහා පනවා ඇති වැට් බද්ද අඩු කිරීමට රජය කඩිනමින් පියවර ගත යුතු බවය. වැට් බද්ද අඩු නොවුණහොත් එහි බලපෑම ධීවරයින්ට අත්විදීමට සිදුවන බව ශිරාන් ප්‍රනාන්දු මහතා පවසයි. පරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා පැවසුවේ කෙසේ නමුත් ටින් මාළු සඳහා පාලන මිලක් පනවනු ලැබුවේ සියලු පාර්ශව සමග එකඟතාවකට පැමිණීමෙන් අනතුරුව බවය.

Read More