Close Menu
Lanka Focus News
    What's Hot

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නව වසරට ජනපතිගෙන් සුබ පැතුම්
    Featured

    නව වසරට ජනපතිගෙන් සුබ පැතුම්

    By LFNJanuary 1, 2025No Comments3 Mins Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2024 වසරේ ලබාගත් ආර්ථික ස්ථාවරත්වය තවදුරටත් තහවුරු කර ගනිමින් “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” සැමට උරුම කර දීම වෙනුවෙන් 2025 නව වසරේ දී අධිෂ්ඨාන කරගත යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

    නව වසර වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, ග්‍රාමීය දිළිඳු බව අවසන් කිරීම, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන, ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීම රටෙහි ප්‍රමුඛ සංවර්ධන අවශ්‍යතා ලෙස හඳුනාගෙන ඇති බවය.

    ජනතාව අපේක්ෂා කරන යහපත් රාජ්‍යය ගොඩනැගීම වෙනුවෙන් පැවති දේශපාලන පරිවර්ථනය සිදුකරමින් ජනවරමේ වගවීම හා වගකීම ඉටුකිරීමට මේ වනවිට යුහුසුළුව කටයුතු කරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

    නිදහසින් පසු ලංකා ඉතිහාසයේ පළමු වතාවට ජනතාහිතෛෂී පාලනයක් ඇති කරමින් සියලු ජනතාව එකාවන්ව දුටු සංවර්ධිත ශ්‍රී ලංකාවක් පිළිබඳ සිහින යාථාර්ථයක් කිරීමේ අවස්ථාව එළැඹ ඇති බව සඳහන් කරන ජනාධිපතිවරයා, තමා වෙත භාරදුන් වගකීම පිළබඳව මනා අවබෝධයක් ආණ්ඩුව කටයුතු කරන බව ද සඳහන් කරයි.

    මේ සියවසේ මඟහැරුණු ජයගහ්‍රණ යළි රටට අත්කර දීමටත්, එකී සිහින යථාවත් කිරීම සඳහා 2025 නව වසරේදී අධිෂ්ඨානයෙන් යුතුව කැපවී ක්‍රියා කරන බව ජනාධිපතිවරයා සිය නව අවුරුදු පණිවුඩයෙන් වැඩිදුරටත් සඳහන් කර ඇත.

    වගකිවයුතු රජයක් ලෙස ආර්ථික, කර්මාන්ත, අධ්‍යාපන ඇතුළු විවිධ ක්ෂේත්‍රවල සංවර්ධනය වෙනුවෙන් රට ගමන් කරවීමට මේ වසරේ දී අධිඨන් කර ගත යුතු බව නව වසර වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් එක් කරමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

    එමෙන්ම සෑම පුරවැසියෙකුටම ජාතිය, ස්ත්‍රී පුරුෂභාවය, වාර්ගික හෝ ආගමික භේදයකින් තොරව සාමකාමී, නිදහස් ගෞරවනීය සහ තෘප්තිමත් ජීවිතයක් ගත කළ හැකි අනාගතයක් නිර්මාණය කිරීම ආණ්ඩුවේ දැක්ම බව ද අග්‍රාමාත්‍යවරිය සිය සුබ පැතුම් පණිවුඩයෙන් සඳහන් කරයි.

    මේ තීරණාත්මක මොහොතේ රජය ජනතාවට සේවය කිරීමට පූර්ණ වශයෙන් කැපවී සිටින බවද අග්‍රාමාත්‍යවරියේ සුබ පැතුම් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන්ය.

    මේ අතර වර්ථමානයේ රට මුහුණදී ඇති අභියෝග නිවරදිව හඳුනා ගනිමින් එම අභියෝග ජය ගැනීමට අවශ්‍ය ධෛර්ය, ශක්තිය හා දැක්ම ඇතිව කටයුතු කිරීමට නව වසරේ සියලුදෙනා අධඨන් කර ගතයුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    නව වසර වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ අතීතයේ මෙන්ම පටු වාර්ගික, ආගමික මතවාද තුළ බේදභින්න කළ දේශපාලනික වැඩසටහන් යළිත් ඉස්මතු නොවීමට කටයුතු කිරීම වැදගත් බවය.

    එමෙන්ම ජනතාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදය හමුවේ බිඳවැටී ඇති ජීවිත යළිත් ගොඩනැගීමට නව ආර්ථික වැඩපිළිවලක් සහ ක්‍රියාදාමයක් අවශ්‍ය බව යළි යළිත් තහවුරු වෙමින් පවතින බව විපක්ෂ නායකවරයා නිකුත් කළ සුබ පැතුම් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන්ය.

    මේ අතර නව වසර වෙනුවෙන් ආගමික නායකයින් ද ජනතාව වෙත සුබ පැතුම් පණිවුඩ එක් කර තිබේ.

    අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපුජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන හිමි පවසන්නේ නව වසරේ දී සියලුදෙනා සමඟිව කටයුතු කිරීමෙන් පවතින අර්බුද නිරාකරණය කිරීමට හැකියාව පවතින බවය.

    මල්වතු පාර්ශවයේ අනුනායක අතිපුජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නා හිමි ද නව වසර වෙනුවෙන් අනුශාසනාවක් සිදුකළේය.

    නව වසර වෙනුවෙන් ජනතාව වෙත පණිවුඩයක් නිකුත් කරමින් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පෙන්වා දෙන්නේ දහමට අනුව ජීවිත් වීමට සියලුදෙනා නව වසරේදී අධිඨන් කරගතයුතු බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,476 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 202603 Views

    කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග යෝජනාව අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව…

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.