Close Menu
Lanka Focus News
    What's Hot

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»සයිබර් ප්‍රහාරයට ලක්වූ මුද්‍රණ දෙපාර්තමේන්තු වෙබ් අඩවිය අද යථා තත්ත්වයට
    Local News

    සයිබර් ප්‍රහාරයට ලක්වූ මුද්‍රණ දෙපාර්තමේන්තු වෙබ් අඩවිය අද යථා තත්ත්වයට

    By LFNJanuary 2, 2025No Comments1 Min Read117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සයිබර් ප්‍රහාරයට ලක්වු රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය සහ පොලීසියේ යුටියුබ් නාළිකාව මේ වන විට යථා තත්ත්වයට පත් කරමින් සිටින බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.

    එහි ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරී නිරෝෂ් ආනන්ද මහතා සඳහන් කළේ, අද (02) දිනය තුළ එම කටයුතු යථා තත්ත්වයට පත් කිරීමේ හැකියාව පවතින බවය.

    කෙසේවෙතත් අදාළ සයිබර් ප්‍රහාර කුමන පාර්ශවයක් සිදුක‍ළේ ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරු අනාවරණය වී නොමැති බව සඳහන්ය.

    පසුගිය දෙසැම්බර් මස 30 වන දින රාත්‍රී පොලීසියේ සමාජ මාධ්‍ය ජාලාවලට සයිබර් ප්‍රහාරයක් එල්ල වූ අතර රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ද එවැනිම ප්‍රහාරයක් එල්ල වී තිබුණි.

    අදාළ සයිබර් ප්‍රහාර යථා තත්ත්වයට පත් කිරීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගනක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරී නිරෝෂ් ආනන්ද මහතා “අද දෙරණ” සමග අදහස් පළ කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,466 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 202603 Views

    වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වගා හානි සිදුවූ දිස්ත්‍රික්ක රැසක වගා බිම් සඳහා වන්දි ගෙවීම අද…

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.