Author: LFN

කනම්පැල්ල ශ්‍රී සුමනාරාම විහාරස්ථානයේ පැවැත්වෙන ගංගාරෝහණ මහ පෙරහැර හේතුවෙන් රථවාහන ගමනාගමනය සීමා කිරීම සම්බන්ධයෙන් පොලීසිය නිවේදයක් නිකුත් කර තිබේ. එම පෙරහැර අද (29) රාත්‍රී 09.00 සිට පසුදා අලුයම 01.00 දක්වා වීථි සංචාරය කිරීමට නියමිතව ඇති බව පොලීසිය පවසයි. පෙරහැර කොස්ගම කනම්පැල්ල ශ්‍රී සුමනාරාම විහාරස්ථානයෙන් ආරම්භ කර කොස්ගම පූගොඩ මාර්ගයේ කනම්පැල්ල හන්දිය දක්වා ගමන් කිරීමෙන් පසු කනම්පැල්ල හන්දියෙන් දකුණට හැරී කොළඹ – අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ මීටර් 800 ක් පමණ දුර කඩුගොඩ හන්දිය දක්වා ගමන් කර නැවත එම මාර්ගය ඔස්සේ විහාරස්ථානය වෙත ගමන් කිරීමට නියමිතය. එබැවින් පෙරහැර ගමන් ගන්නා කාලය තුළ එම මාර්ග භාවිතා කරන රියදුරන් හා මහජනතාව වෙත පහත විකල්ප මාර්ග…

Read More

කැලණි ගඟේ ගංවතුර හේතුවෙන් කඩුවෙල නගර සභා ප්‍රදේශ යටවීම පාලනය කිරීම සඳහා විශේෂ පියවර කිහිපයක් ගෙන තිබේ. ඒ අනුව ඒ අවට පහත් බිම් ගොඩ කිරීම සහ ඒ ආශ්‍රිත සිදුකෙරෙන වැලි කැණීම් කටයුතු පසුගිය (27) සිට ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබේ. කඩුවෙල ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදී මේ සම්බන්ධව තීරණය ගත් බව එම කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ පැවසීය. ඔහු පැවසුවේ අඹතලේ ජල පවිත්‍රාගාරයට ආසන්නව ඉදිකර ඇති පාලන ජල වේල්ල හේතුවෙන් ගංවතුර තත්ත්වය ඇති වීම සඳහා විශාල බලපෑමක් ඇතිවන බවය. මේ හේතුවෙන් ලෝක බැංකු ව්‍යාපෘතිය යටතේ මෙම ස්ථීර ජල වේල්ල වෙනුවට ස්වංක්‍රීය ජල වේල්ලක් සකස් කිරීම සඳහා සැලසුම් මේ වන…

Read More

අනවශ්‍ය ලෙස ලුණු තොග රැස් කරගැනීමෙන් වළකින ලෙස හම්බන්තොට ලංකා ලුණු සමාගමේ නව සභාපති ටී. නන්දන තිලක මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. ඔහු පැවසුවේ ලුණු හිඟයක් පිළිබඳ මේ වන විට කතා බහක් නිර්මාණය වී ඇතැයිද මේ හේතුවෙන් ජනතාව බියට පත් වී ලුණු තොග වශයෙන් නිවෙස් වෙත ගෙන ගොස් තැන්පත් කර ගැනීම් සිදුකරන බවය. ඔහු මෙම අදහස් පළ කරනු ලැබුවේ හම්බන්තොට ලංකා ලුණු සමාගමේ නව සභාපතිවරයා ලෙස ඊයේ (28) වැඩ භාරගතත් අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. එහිදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ මාසයක කාලයක් තුළ සාමාන්‍ය නිවසකට ග්‍රෑම් 400 ලුණු කුඩු පැකට් 2ක් සහ කැට ලුණු කිලෝ 1ක් ප්‍රමාණවත් වන බවය. කෙසේ නමුත්…

Read More

සීදූව, ලියනගේමුල්ල ප්‍රදේශයේදි සිදුකළ වෙිඩිතැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. එම සිද්ධියෙන් මියගොස් ඇත්තේ, 53 හැවිරිදි අයෙකි. සීදුව, ලියනගේමුල්ල වෙළබඩපාර ප්‍රදේශයේ පිහිටි ව්‍යාපාරිකයෙකුගේ නිවසකට වෙඩිතැබීමක් සිදුකර තිබුණේ ඊයේ (28) පස්වරු 5:45ට පමණය. එහිදී වෙඩි ප්‍රහාරයට ලක්ව තිබුණේ එකම පවුලේ පියා සහ පුතුන් දෙදෙනාය. ඔවුන් බරපතළ තුවාල ලබා මීගමුව රෝහළට ඇතුළත් කර ඇති අතර මියගොස් ඇත්තේ, එම පවුලේ වැඩිමහල් පුත්‍රයාය. වෙඩිතැබීමෙන් බරපතළ තුවාල ලැබූ 73 හැවිරිදි ව්‍යාපාරිකයා මේ වනවිට මීගමුව රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔහුගේ අනෙක් පුත්‍රයා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇත. ඔවුන් වෙඩිතැබීම සිදුකර පළාගොස් තිබූ අතර පසුව වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය කටුනායක කෝවින්න ප්‍රදේශයේ ආදාහනාගාරය…

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වසරේ නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයින් සිව්දෙනා සඳහා නාමයන් ප්‍රකාශයට පත් කර තිබේ. එම නාම අතරටඑ ශ්‍රී ලංකා ක්‍රීඩක කමිඳු මෙන්ඩිස්ද ඇතුළත් වේ. මීට අමතරව පාකිස්ථානයේ Saim ayub, බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක Shamar joseph, සහ එංගලන්ත ක්‍රීඩක Gus Atkinson යන ක්‍රීඩකයින්ද ඇතුළත් වේ.

Read More

ලොරි රථයක පිටුපස රෝදයට යටවීමෙන් අවුරුදු 01යි මාස 10ක කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (29) රාත්‍රී කාලයේදී එම අනතුර සිදුව තිබුණේ හසලක පොලිස් වසමේ ඇටබගොල්ල ප්‍රදේශයේදීය. මව හා පියා මෙම දැරියද සමඟ තම ඥාති නිවසකට ගොස් සිටියදී, නිවසෙහි තිබූ ලොරි රථයක් පණ ගන්වා ඉදිරියට ධාවනය කිරීමේදී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි. අදාළ අනතුර හේතුවෙන් බරපතළ තුවාල ලැබූ කුඩා දැරිය මහියංගණය රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබුණි. අනතුර සිදුකළ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් හසලක පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Read More

පුද්ගලයින් 181 දෙනෙකු රැගත් ගුවන් යානයක් දකුණු කොරියාවේ මුආන් ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගොඩබෑමේදී අනතුරක් සිදුව තිබේ. අනතුරින් පුද්ගලයින් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි කොරියානු මාධ්‍ය වාර්තා කර තිබේ. එම මාධ්‍ය වාර්තාවල දැක්වෙනුයේ ගුවන් යානය ධාවන පථයෙන් ඉවතට පැන ගුවන්තොටුපොළේ තාප්පයක ගැටී ඇති බවය. අනතුරට පත්වන අවස්ථාවේදී මගී ගුවන් යානය තුළ මගීන් 175 දෙනෙකු සහ ගුවන් සේවිකාවන් 6 දෙනෙකු රැඳි සිට තිබුණි. ගුවන් යානය තායිලන්තයේ බැංකොක් නුවර සිට පියාසර කරමින් තිබූ අතර එය ගොඩබෑමේදි මෙම අනතුර සිදුව ඇත‍. කොරියානු මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ මේ වන විටත් ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතින බවය. කෙසේ නමුත් මියගිය පිරිස තවත් ඉහළ යා හැකි…

Read More

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් අද (29) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Read More

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහාතාගේ සහෝදරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් වන පැමිණිල්ලකට අදාළවය. බිබිල ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගෙන තිබේ. පින්ලන්තයේ විදේශ රැකියා ලබා දෙන බවට පොරොන්දු වී රුපියල් ලක්ෂ 40ක් ඉල්ලා එයින් රුපියල් ලක්ෂ 30ක මුදලක් ලබා ගනිමින් මුදල් වංචා කර ඇතැයි සැකකරුට අදාළව චෝදනා එල්ල වී තිබේ. සැකකරු සම්බන්ධව ඉදිරි විමර්ශන ක්‍රියාත්මක අතර සැකකරු හෙට (29) දින ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Read More

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර අද (28) පැවැති පළමු 20යි 20 තරගය ලකුණු 8කින් ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය.

Read More