Author: LFN
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය මන් මෝහන් සිං මහතාගේ දේහයට අද (27) නව දිල්ලි අගනුවරදී අවසන් ගෞරව දැක්වීය. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී මන්මෝහන් සිං මහතාගේ බිරිය වන ගුර්ශරන් කෞර් කෝලි මහත්මියට ශෝකය පළ කළේය. එම අවස්ථාවේ නව දිල්ලියේ මන්මෝහන් සිං මහතාගේ නිවසට පැමිණ සිටි ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි මහතා සමඟ ද රනිල් වික්‍රමසිංහ මහතා කෙටි සාකච්ඡාවකට එක්විය. රනිල් වික්‍රමසිංහ මහතා මේ දිනවල ඉන්දීය සංචාරයක නිරතව සිටින අතර ඒ අතරතුර ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට මෙලෙස එක්ව තිබුණි.
කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී , පානදුර සමගි ජන බලවේගයේ ආසන සංවිධායක මහතා අද (27) දේශපාලන ජීවිතය සමුගන්නා බව සදහන් කලේය. පානදුර දී මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා ඒ බව සදහන් කලේය. එහිදී අදහස් දැක්වූ ඒ මහතා මෙසේ පැවසීය . මම දේශපාලනයට අවේ 1989 දී. 1991 දී බණ්ඩාරගම ප්‍රාදේශීය සභාව වුනා. පසුව විපක්ෂ නායකවුනා. සභාපති උනා. බණ්ඩාරගම ප්‍රාදේශීය සභාව ලංකාවේ විශිෂ්ටතම ප්‍රාදේශීය සභාව බවට පත් කලා. අවුරුදු 10 පළාත් සභා මන්ත්‍රී වරයෙක් ලෙස කටයුතු කලා.අවුරුදු හතරක් පාර්ලිමේන්තු මන්ත්‍රී ලෙස කටයුතු කලා. අවුරුදු 32 ක අත්දැකීම් තියෙනවා .එහෙත් දැන් මේ පවතින දේශපාලනය ගැන ඇත්තේ ලොකු කලකිරීමක්. අවංකව දේශපාලනය කලා. මම සතුටු…
මාතලේ දිස්ත්‍රික්කයේ මාතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, රජ්ජම්මන ග්‍රාම නිලධාරී වසමෙහි පිහිටා ඇති සුදු ගඟ හරහා ගමන් කරන පාලමෙහි ආරක්‍ෂක වැට කලක පටන් කැඩී විනාශවී ගොස් ඇති බවත් මෙම ගැටළුව පිළිබඳව ගම්වාසීන් විසින් අදාල බලධාරීන් දැනුවත් කළ ද බලධාරින් මෙම පාලමේ ආරක්‍ෂක වැට පිළිසකර කිරීම සඳහා කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවට වාර්තාවේ. ඒ අනුව මෙම පාලමෙන් දිනකට පුද්ගලයින් 500 – 600ක් පමණ පිරිසක් ගමන් ගන්නා අතර, වාහන ගමන් කිරීමේදී ධාවන පථයෙන් ඉවත් වුවහොත් ආරක්‍ෂිත වැටක් නොමැතිකම හේතුවෙන් වාහන ගඟට පෙරලීයාමේ අවධානමක් පවතින බවත්. තවද මෙම පාලම ආසන්නයේ පිහිටා ඇති පුද්ගලික විදුලි බලාගාරය නැරඹීමට පැමිණෙන පුද්ගලයන් විසින්ද මෙම පාලම මත සිට ඡායාරූප…
හෙද, පරිපුරක, අතුරු වෛද්‍ය සේවාවලට අදාළව පුරප්පාඩු විශාල ප්‍රමාණයක් ඇති වී තිබෙන නිසා විශ්‍රාම යමේ වයස අවුරුදු 63 ක් දක්වා දිර්ඝ කළ යුතු බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි. වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතින බවට ප්‍රකාශ කර මේ වන විට වෛද්‍යවරුන් විශ්‍රාම යාමේ වයස අවුරුදු 60 සිට 63 දක්වා දීර්ඝ කර තිබෙන බවද එම සන්ධානය පෙන්වා දෙයි. මේ නිසා හෙද,පරිපුරක,අතුරු වෛද්‍ය සේවාවල අදාළ සේවක පුරප්පාඩු සම්පූර්ණ කරන තෙක් විශ්‍රාම යාමේ වයස අවුරදු 60 සිට 63 දක්වා ඉහළ දැමීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයාට සංදේශයක් භාර දීමට කටයුතු කරන බවද සන්ධානය සඳහන් කරයි. රෝග ප්‍රතිකාර සේවා හා රෝග වළක්වා ගැනීමේ…
සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ලබන වසරේ ජනවාරි මුල් සතියේදී පැවැත්වීම සැලසුම් කර ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී , විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා මාධ්‍යට පවසා ඇත. පසුගියදා අවසන් වූ මහ මැතිවරණයෙන් පසු මෙතෙක් පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්ව නොමැති බව ඒ මහතා සඳහන් කළේය. ඒ අනුව ජනවාරි මාසයේ මුල් සතියේ රැස්වන බවත්, එහිදී පක්ෂයේ ඉදිරි කටයුතු මෙන්ම දේශපාලන කටයුතු සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ඡා කිරීමට නියමිතව ඇත. මේ අතර ජනවාරි පළමු පාර්ලිමේන්තු රැස්වීම ජනවාරි 07 වැනිදා පැවැත්වෙන බවත්, ඒ අනුව පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම ජනවාරි 06 වැනිදා රැස්වන බවත් ගයන්ත කරුණාතිලක…
අස්වැසුම ප්‍රතිලාභ පවුල් සඳහා ගෙවීමට ඇති හිඟ මුදල් අද (27) දිනයේ සිට අදාළ බැංකු ගිණුම් මගින් ලබාගත හැකි බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. එහි සභාපති ජයන්ත විජේරත්න මහතා පෙන්වා දෙන්නේ අස්වැසුම සුබ සාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමයේ පළමු අදියර යටතේ සුදුසුකම් ලැබූ පවුල් 212,423ක් සඳහා මෙතෙක් ගෙවීමට ඇති හිඟ මුදල් මෙලෙස බැංකු ගත කිරීමට පියවර ගෙන ඇති බවය. රුපියල් 1,314,007,750.00කට අධික මුදලක් අදාළ හිඟ මුදල් ගෙවීම සඳහා ගිණුම්ගත කිරීමට සුබසාධක ප්‍රතිලභ මණ්ඩලය විසින් පියවර ගෙන ඇත.
මෙතෙක් කළක් කුඩු භාවිත කරන කෙනා ඇල්ලුවත්, කුඩු ගේන කෙනා ඇල්ලුවේ නැති බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසයි. එමෙන්ම මත්ද්‍රව්‍ය උවදුර තුරන්කිරීම වෙනුවෙන් අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කිසිදු දේශපාලනමය බාධාවක් නොමැති බව ද හෙතෙම පැවසීය. කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඊයේ (26) පැවති ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ ඔහු මේ බව පවසා සිටියේය. මෙහිදී ඔහු පෙන්වා දුන්නේ ලබන වසරේ පටන් මත්ද්‍රව්‍ය උවදුරෙන් මෙරට තරුණයින් බේරා ගැනීම වෙනුවෙන් සියලු පියවර ගන්නා බවයි. ඒ අනුව මත්ද්‍රව්‍ය නිවාරණය කිරීම වෙනුවෙන් රට පුරා විශේෂ වැඩපිළිවෙලක් ලබන වසරේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව පැවසීය. මෙය මාධ්‍ය සංදර්ශනයක් නොවන බවත්, මේ සඳහා පොලිස් දෙපාර්තමේන්තුවේ…
මූල්‍ය වංචාවක් සිදුකර බෝට්ටුවකින් ඉන්දියාවට පළා ගිය අඹුසැමි යුවළක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අද (26) අත්අඩංගුවට ගෙන තිබේ. මෙම අඹුසැමි යුවල මීට වසර 3කට පෙර රුපියල් මිලියන 1,600ක මූල්‍ය වංචාවක් ඉන්දියාවට පළාගොස් තිබේ. රහස් පොලීසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් අද (27) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය. බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ සහ ඌව පළාත්වලත් නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.
ධාවනය වෙමින් තිබූ වෑන් රථයක පිටුපස දකුණු පැති රෝදය ගැලවී ගොස් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. මෙම අනතුර සිදුවී තිබුණේ, ඊයේ (26) සවස් කාලයේ මාවතගම පොලිස් වසමේ මහනුවර කුරුණෑගල මාර්ගයේ උදාරගම ප්‍රදේශයේදී ය. මහනුවර දෙස සිට කුරුණෑගල දෙසට ධාවනය වෙමින් තිබූ වෑන් රථයේ පිටුපස දකුණු පැති රෝදය ගැලවී ගොස් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ත්‍රීරෝද රථයක වෑන් රථය ගැටී තිබුණි. එහිදී ත්‍රීරෝද රථයේ ගමන් කළ රියදුරු සමග පසුපස අසුනේ සිටි තිදෙනෙකු හා වෑන් රථයේ රියදුරු බරපතළ තුවාල ලබා මාවතගම රෝහලට ඇතුළත් කෙරුණි. එම අනතුරෙන් මියගොස් තිබුණේ ත්‍රීරෝද රථයේ ගමන් කර තුවාල ලැබූ එක් පුද්ගලයෙකි. මරණකරු වයස අවුරුදු 60 ක් වූ දොඩවෙල, මහනුවර…