Close Menu
Lanka Focus News
    What's Hot

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අනවසර වගාබිම් මාස 3ක් ඇතුළත ඉවත්කිරීමට පියවර
    Featured

    අනවසර වගාබිම් මාස 3ක් ඇතුළත ඉවත්කිරීමට පියවර

    By LFNDecember 30, 2024No Comments1 Min Read114 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වනඅලි සඳහා වෙන්කර ඇති අලි කොරිඩෝ අවහිර කරමින් සැකසූ සියලු අනවසර වගාබිම් මාස 3ක් ඇතුළත ඉවත්කිරීමට පියවර ගන්නා බව නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා පවසයි.

    වන සතුන්ගෙන් වගාවන්ට සිදුවන හානි කලක පටන් මෙරට ගොවිබ්ම්වලින් වාර්තා වේ.

    නමුත් මෑතකාලීනව එම හානි තීව්‍ර වී ඇති පසුබිමක වැඩිම හානියක් වාර්තාවන්නේ වනඅලි ගම්වැදීම හේතුවෙනි.

    එලෙස ගම්වදින වනඅලි හම්බන්තොට බඳගිරිය තම්මැන්නාව ගම්මානයේ කුඹුරු අක්කර 100කට පමණ හානි පමුණුවා තිබුණි.

    අලිවැට අක්‍රියවීම් මෙන්ම ජනතාවගේ ඇතැම් ක්‍රියාකලාපයන්ද හේතුවෙන් වනඅලි ගම්වැදීම වගාවන්ට පමණක් නොව, ජන ජීවිතවලටත්, වනඅලි ජීවිත වලටත් උදාකර ඇත්තේ අවිනිශ්චිත තත්ත්වයකි.

    මෙවන් පසුබිමක පොළොන්නරුව මහවැලි සී කලාපයේ සිරිපුර ගම්මානයේ ගොවීන් සහ නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා අතර හමුවක් ඊයේ (28) පස්වරුවේ පැවැත්විය.

    මින්නේරිය, කවුඩුල්ල, සෝමාවතිය, වස්ගමුව සහ ජලගැලුම් නිම්නයට වනඅලීන්ට ගමන් කිරීමට පවතින හුංගමාලඔය අලි කොරිඩෝව ඇතුළත් කලාපය තුළ අනවසර වගාකටයුතු සිදුකිරීමක් සම්බන්ධව සාකච්ඡා එහිදී කෙරුණි.

    අනතුරුව නියෝජ්‍ය අමාත්‍යවරයා හුංගමාලඔය අලි කොරිඩෝව නිරීක්ෂණයට පැමිණියේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 202604 Views

    මැදපෙරදිග කලාපයේ බලශක්ති සැපයුම්වලට එල්ල වී ඇති බාධාකාරී තත්ත්වයත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන්…

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.