Close Menu
Lanka Focus News
    What's Hot

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අවුරුදු 02ක පුංචි සිඟිත්තාට අත්වූ නොසිතූ ඉරණම
    Featured

    අවුරුදු 02ක පුංචි සිඟිත්තාට අත්වූ නොසිතූ ඉරණම

    By LFNDecember 29, 2024No Comments2 Mins Read130 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මවගේ පාදයේ ආබාධයකට රැගෙන විත් තිබු දියර වේදනානාශකයක් පානයකළ කුඩා දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

    එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, පුත්තලම කල්අඩිය ප්‍රදේශයෙ පදිංචිව සිටි අවුරුද දෙකයි මාස හතක් වු එස්.ඒ.විනුක මන්දිත් නැමති දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලක බාල දරුවාය.

    ඥාති නිවසකට යාම සඳහා මව්පියන් දරුවන් තිදෙනා සුදානම් කරමින් සිටියදී කුඩා දරුවා කිසිවකුට නොදැනෙ ලෙස උස් ස්ථානයක තබා තිබු මවගේ පාදයට ගෙන ආ දියර සහිත වේදනානාශකය රැගෙන ඇත.

    ඉන් අනතුරුව එහි මුඩිය ඉවත් කරමින් දරුවා සපමින් සිටිනු දුටු පියා එකවර එය උදුරා ගෙන ඉවත් කර ඇති බව වාර්තා වෙයි.

    පසුව මව්පියන් විසින් දරුවා පරික්ෂා කිරීමේදී අදාළ වේදනානාශක දියරය දරුවාට පෙවීමක් සිදුවු ඇතිදැයි තහවුරු වී නොමැත.

    කෙසේ නමුත් මව්පියයන් විසින් දරුවා පාලවිය ප්‍රදේශයෙ ඇති පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක රැගෙන ගොස් තිබුණි.

    එහිදී වෛද්‍යවරයා පවසා ඇත්තේ අදාළ වේදනානාශක දියරය දරුවා පෙවීනොමැති බවට පෙනි යන බවය.

    නමුත් අදාළ වෛද්‍යවරයා පවසා ඇත්තේ දරුවා යම් හෙයකින් ආසාත්මිකතාවයකට පත් වුවහොත් කඩිනමින් රෝහල් ගත කරන ලෙසය.

    කෙසේ වෙතත් මෙම මව්පිය යුවළ දරුවා රැගෙන මාදම්පේ බලා ගමන් කරමින් සිටියදී මුන්දලම ආසන්නයෙදී එකවර ගැහෙමින් දරුවාගේ යම් රෝගී තත්ත්වයක් මතුවූ බවය.

    ඒ සමග මව්පියන් විසික් දරුවාව මුන්දලම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබුණි.

    මුන්දලම රෝහලින් දරුවා පරික්ෂාකළ වෛද්‍යවරුන් කඩිනමින් ගිලන් රථයක් මගින් හලාවත මහ රෝහලට මාරු කරු යවා තිබුණි.

    එම රෝහලේදීද දරුවාගේ පැවති අවධානම් තත්ත්වය පරික්ෂා කර වෛද්‍ය කාර්ය මණ්ඩලයක් සමග කඩිනමින් ගිලන් රථ මගින් කොළඹ රිජිවේ ආර්යා ළමා රෝහල වෙත යැවීමට කටයුතු කර ඇත.

    එහිදී රිජිවේ ආර්යා ළමා රෝහට ආසන්න වෙත්ම දරුවා ගිලන් රථය තුළම ජීවිතක්ෂයට පත්වූ බව වාර්තා වෙයි.

    දරුවාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණ, අධිකරණ වෛද්‍ය හා විෂවේද වෛද්‍ය ආයතනයේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී ජානක පොලොන්වෙල මහතා සිදුකර ඇත.

    එහිදී නිගමනය කර ඇත්තේ මෙම මරණය මෙතිල් සැලසිලේල් ශරීර ගතවිමෙන් ඇතිවු සංකුලතාවයක් හේතුවෙන් සිදුව ඇති බවය.

    එම මරණ පරික්ෂණයෙන් පසු දරුවාගේ සිරුර මව්පියන්ට භාර දී තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,466 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 202603 Views

    වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වගා හානි සිදුවූ දිස්ත්‍රික්ක රැසක වගා බිම් සඳහා වන්දි ගෙවීම අද…

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.