Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මවගේ අනියම් පෙමට ජීවිතයෙන් වන්දි ගෙවූ දියණිය
    Featured

    මවගේ අනියම් පෙමට ජීවිතයෙන් වන්දි ගෙවූ දියණිය

    By LFNDecember 28, 2024No Comments2 Mins Read145 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සිය මවගේ අනියම් සබඳතාවක ප්‍රතිඵලයක් ලෙස 13 හැවිරිදි දැරියකට දිවි අහිමිවීමේ පුවතක් පිළියන්දල ප්‍රදේශයෙන් වාර්තා වේ.

    දැරිය මියගොස් ඇත්තේ සිය මව සහ අනියම් පෙම්වතා අතර ඇතිවූ බහින්බස්වීමකට මැදිහත් වී පිහි ප්‍රහාරයකට ලක්වීමෙන්ය.

    පසුගිය (26) දහවල් 1ට පමණ සිදු වූ මෙම අවාසනාවන්ත සිදුවීමෙන් මියගොස් ඇත්තේ පිළියන්දළ බෝකුන්දර දෙමහල් නිවසක උඩු මහලෙහි කුලී පදනම මත පදිංචිව සිටි දැරියන් දෙදෙනෙකුගෙන් යුත් පවුලක බාලයා වූ බී.එම්. ඔෂාදී කෞශල්‍යා නමැති දැරියයි.

    ඇය පිළියන්දල ආනන්ද සමරකෝන් විද්‍යාලයේ 8වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ දැරියකි.

    ඔෂාදී එදින සිය මව සහ 15 හැවිරිදි වැඩිමහල් සහෝදරිය සමග නිවසෙහි සිට ඇති අතර එම අවස්ථාවේ මව සමීප ඇසුරක් පවත්වන පුද්ගලයෙකු නිවසට පැමිණ තිබේ.

    එම පුද්ගලයා අදාළ කාන්තාව සේවය කරන ආයතනයේම සේවය කරන අයෙකු බව පොලීසිය පැවසීය.

    එලෙස පැමිණි පුද්ගලයා නිවසේ සිටි කාන්තාවට වෙනත් පුද්ගලයෙකු සමගද සමීප ඇසුරක් පවත්වන බවට චෝදනා කර ඇති අතර එහිදී දෙදෙනා අතර බහින්බස්වීමක් සිදුව ඇත.

    පසුව අදාළ පුද්ගලයා කාන්තාවට පිහි පහර කිහිපයක් එල්ල කර ඇති අතර මවට පිහිපහර එල්ලවෙද්දී දියණියන් දෙදෙනා එය වැළැක්වීමට මැදිහත්ව තිබේ.

    එහිදී සැකකරු ඔවුන්ටද පිහි ප්‍රහාර එල්ලකර ඇති බව පොලිසිය පවසයි.

    පසුව සැකකරු ගෙල වැළලාගෙන සියදිවි හානි කරගැනීමට උත්සාහ දරා ඇතත් එම උත්සාහය ව්‍යර්ථ වී ඇත්තේ ඊට යොදාගත් ලණුව කැඩීයාම හේතුවෙන්.

    අනතුරුව තමා පොලීසියට භාරවෙන බව එම නිවසේ පහළ මාලයේ සිටි නිවැසියන්ට පවසා ඔහු නිවසින් පිටව ගොස් තිබේ.

    තුවාල ලැබූ මව සහ දියණියන් දෙදෙනා රෝහල්ගත කර ඇත්තේ ද මව සේවය කළ ආයතනයේම සේවකයෙකු විසින්ය.

    එලෙස වේරහැර හමුදා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු බරපතළ තත්ත්වයේ පසුවූ 13 හැවිරිදි ඔෂාදී කෞශල්‍යා මියගොස් තිබේ.

    පොලීසියට භාරවන බව පවසා පලාගිය සැකකරු මේ වනවිට අතුරුදහන් වී ඇති අතර ඔහු සොයා ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විමර්ශනයක් අරඹා තිබේ.

    මේ දක්වා සිදුකළ විමර්ශන වලදී අනාවරණ වී ඇත්තේ සැකකරු කලකට පෙර මහඔය ප්‍රදේශයේ සිදුවූ ඝාතනයකට අදාළවද සැකකරුවෙකු ලෙස නම්කර සිටින අයෙක් බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.