Close Menu
Lanka Focus News
    What's Hot

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»යුරෝපයේ ගුවන් යානයක් මුල් වරට මත්තලට එයි
    Featured

    යුරෝපයේ ගුවන් යානයක් මුල් වරට මත්තලට එයි

    By LFNDecember 28, 2024No Comments1 Min Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    යුරෝපියන් එයාර් ලයින් ගුවන් සේවයට අයත් ගුවන්යානයක් පළමු වරට බල්ගේරියානු සංචාරකයන් 180 දෙනකු රැගෙන බල්ගේරියාවේ සොෆියා ගුවන්තොටුපළේ සිට පියාසර කර ඊයේ (27 දා) උදෑසන 9.30ට පමණ මත්තල ගුවන්තොටුපළට ගොඩබෑවේය.

    නව රජය බලයට පත්වීමෙන් පසු සංචාරක අමාත්‍යංශය සහ යුරෝපියන් එයාර් ලයින් ගුවන් සමාගම අතර පැවැති සාකච්ඡාවලින් අනතුරුව මෙම ගුවන්යානය මත්තල ගුවන්තොටුපළට පැමිණ තිබේ. පසුගිය කාලයේදී හදිසි ගුවන්යානා ගොඩබෑමේ ස්ථානයක් පමණක් බවට මත්තල ගුවන්තොට පත්ව තිබුණි. කෙසේ නමුත් මේ වන විට නව රජය බලයට පත්වීමෙන් පසු මත්තල රාජපක්ෂ ගුවන්තොටුපළට සතියකට ගුවන් ගමන්වාර 15කට වැඩි ප්‍රමාණයක් සංචාරකයින් රැගෙන පැමිණෙමින් තිබේ.

    මෙතෙක් කලක් බහුතරයක් මත්තල ගුවන්තොටුපළ භාවිතා කරමින් සංචාරකයින් රැගෙන පැමිණියේ රුසියාව සහ ඒ ආශ්‍රිත රටවලිනි. නමුත් අද වන විට යුරෝපීය ගුවන් සමාගම් ද මත්තලට සංචාරකයින් රැගෙන පැමිණෙයි.

    මත්තලින් දිවයිනට පැමිණි සංචාරකයින් පිරිස සහ ගුවන් කාර්ය මණ්ඩලය විසින් මත්තල ගුවන්තොටේදී හරසරින් පිළිගනු ලැබූහ. සංචාරකයින් පිරිස යාල, උඩවලව, සීගිරිය, පොළොන්නරුව, අනුරාධපුර ඇතුළු ප්‍රදේශ රැසක සංචාරය කිරීමට නියමිතය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,466 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 202603 Views

    වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වගා හානි සිදුවූ දිස්ත්‍රික්ක රැසක වගා බිම් සඳහා වන්දි ගෙවීම අද…

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.