Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සුනාමි ව්‍යසනයට වසර 20ක් – මියගිය පිරිස සිහිකර නිහඬතාවයක්
    Featured

    සුනාමි ව්‍යසනයට වසර 20ක් – මියගිය පිරිස සිහිකර නිහඬතාවයක්

    By LFNDecember 26, 2024No Comments3 Mins Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජීවිත 35,000කට අධික පිරිසක් බිලිගත් සුනාමි ව්‍යසනය සිදුවි අදට (26) වසර 20ක් සපිරෙයි.

    ඊට සමගාමිව මෙරට සිදුවු විවිධ ආපදා හේතුවෙන් මියගිය සියලුදෙනා සිහිපත් කෙරෙන “ජාතික සුරක්ෂිතතා දිනය” අද සැමරීම සිදුකරන බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය සඳහන් කළේය.

    2004 වර්ෂයේ සිදුවු සුනාමි ව්‍යසනයෙන් මෙරට පුද්ගලයින් 35,000 කට අධික පිරිසක් මියගිය අතර තවත් 5000 කට වැඩි පිරිසක් අතුරුදන් වුණා.

    ඒ අනුව 2005 වර්ෂයේ සිට සෑම වර්ෂයකම දෙසැම්බර් මස 26 වන දින ජාතික සුරක්ෂිතතා දිනය ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

    මෙවර “ජාතික සුරක්ෂිතතා දිනය” දිස්ත්‍රික් මට්ටමින් දිවයින පුරා පැවැත්වීමට කටයුතු සංවිධාන කර ඇති අතර ප්‍රධාන සැමරුම් උත්සවය ගාල්ල “පැරෑලිය සුනාමි ස්මාරකය” අභියසදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව සඳහන්ය.

    සුනාමි ව්‍යසනයෙන් සහ අනෙකුත් ආපදා හේතුවෙන් මියගිය මහජනතාව සිහිපත් කිරීම සඳහා අද පෙරවරු 9.25 සිට පෙරවරු 9.27 දක්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමටද කටයුතු යොදා තිබේ.

    මේ අතර, 2004 වර්ෂයේ දිවයිනට බලපෑ සුනාමි තත්ත්වයත් සමග සුනාමි අනතුරු ඇඟවිම් හඳුනා ගැනීම සඳහා දිවයිනේ දිස්ත්‍රික්ක 14ක සුනාමි කුලුනු 77ක් ස්ථාපිත කරනු ලැබීය.

    කෙසේවෙතත් එම සුනාමි කුලුනු 77න් මේ වනවිට සක්‍රීයව පවතින්නේ 5කටත් අඩු සංඛ්‍යාවක් බව වාර්තා වේ.

    සුනාමි කුලුනු සවිකිරීම සඳහා තාක්ෂණික සහාය ලබාදී ඇත්තේ අමෙරිකානු සමාගමක් විසින් වන අතර කුලුනු ඉදිකිරීමෙන් පසු අවස්ථා කිහිපයකදී ඒවා අලුත් වැඩියාකිරීමට පියවර ගත්තද අදාළ ආයතනය විසින් නිෂ්පාදන මේ වනවිට අත්හිටුවීම හේතුවෙන් අක්‍රීය වී ඇති කුලුනු අළුත්වැඩියා කිරීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බව වාර්තා වේ.

    දිස්ත්‍රික් මට්ටමින් යුද හමුදාවේ සහ පොලීසියේ ආරක්ෂක අංශ නිලධාරින් විසින් එම කුලුන භාරව කටයුතු කරනු ලැබු අතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකක විසින් ඒවා අධික්ෂණය කරනු ලැබීය.

    මින් පෙර සුනාමි ආපදා තත්ත්වයකදී ඒ බව ජාත්‍යන්තර මට්ටමින් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වෙත තොරතුරු ලැබුණු පසු කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ඒ බව දැනුම්දීමෙන් අනතුරුව මෙම කුලුනු ක්‍රියාත්මක කිරීමට අදාළ කටයුතු සිදුකළ බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

    මෙම සුනාමි කුලුනුවල තාක්ෂණික ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් විද්වත් කමිටුවක් හරහා නිර්දේශ ලබා ගනිමින් ඉදිරියේදී ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳව සැලසුම් සකස් කිරීමට කටයුතු කරමින් සිටින බව එම මධ්‍යස්ථානය සඳහන් කළේය.

    කෙසේ වෙතත් මේ වන විට මුහුදුබඩ දිස්ත්‍රික්ක 14ක තෝරාගත් පුද්ගලයින් 70,000කට ආසන්න පිරිසකගේ දුරකථනයට සුනාමි අනතුරු ඇඟවීම් පිළිබඳව සංඥා ලබාදීම පිළිබඳ සංඥා ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ.

    එමෙන්ම ආපදා කළමණාකරන මධ්‍යස්ථානය, විදුලි සංදේශන කොමිෂන් සභාව සහ මෙරට සන්නිවේදනය සපයන දුරකථන ජාලා සමග එක්වි සිංහල, දමිල සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම කෙටි පණිවුඩයක් හරහා ජනතාව දැනුම්වත් කිරීමටද කටයුතු යොදා ඇති බව සඳහන්ය.

    ජේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගර්භ විද්‍යා අධ්‍යන අංශයේ භූගර්භ විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා සඳහන් කළේ, වර්තමානයේ පවතින තාක්ෂණය හේතුවෙන් සුනාමි අනතුරකට මුහුණදීම සඳහා ලංකාව හොඳ සුදානමකින් පසුවන බවය.

    කෙසේ වෙතත් ඒ සඳහා පෙරහුරු පැවැත්වීම ඉතා වැදගත් බව මහාචාර්ය අතුල සේනාරත්න මහතා සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 202600 Views

    විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ “රටම එකට” ජාතික මෙහෙයුමට සමගාමීව විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක්…

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026

    අයිස් කිලෝ 39ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.