Author: LFN

වැල්ලව මරළුවාව ප්‍රදේශයේ නිවසක සිටි අඹු සැමි යුවළකට නාඳුනන පුද්ගලයෙකු විසින් ඊයේ (24) රාත්‍රියේ වෙඩි තබා පළාගොස් තිබේ. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ අඹු සැමි යුවල කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී පිරිමි පුද්ගලයා මියගොස් තිබේ. මියගොස් ඇත්තේ වයස අවුරුදු 32ක් වූ මරළුවාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. තුවාලකාරිය අවුරුදු 30ක් වූ තැනැත්තියක වන අතර ඔවුන් එම ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි අඹුසැමි යුවළකි. වෙඩි තැබීමට හේතුව හෝ සැකකරුවන් සම්බන්ධ තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැල්ලව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරති.

Read More

කිතු සමිඳාණන්ගේ උපත සිහිපත් කෙරෙන අසිරිමත් නත්තල ඊයේ (24) මැදියම් රැයෙන් උදා විය. කෙසේ වෙතත් ජේසුස් ක්‍රිස්තූස් වහන්සේ උපන් බෙත්ලෙහෙම් නගරයේ මෙවරත් තන්තල් සැමරීමක් සිදුනොවෙයි. බෙත්ලෙහෙම් නගරාධිපතිවරයා පවසන්නේ පලස්තීන වැසියන්ට එරෙහිව සිදුවන අයුක්තියට විරෝධය පළකරමින් මෙලෙස සැමරුම් අත්හිටුවා ඇති බවය. තත්තල් සමයේදී සාමාන්‍යයෙන් සංචාරකයන්ගෙන් පිරීයන යුනෙස්කෝ ලෝක උරුමයක් වන බෙත්ලෙහෙම නගරය හුදකලා වූයේ 2023 එක්තෝම්බර් 7 වනදා සිදුවූ හමාස් ප්‍රහාරයෙන් පසුවයි. නත්තල් උදාව වෙනුවෙන් ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ සහභාගි වන ප්‍රධාන දේව මෙහෙය වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ දී පැවැත්වෙනවා. නත්තල උදාවු ඊයේ මධ්‍යම රාත්‍රීයේ ලොවපුරා කෝටි සංඛ්‍යාත කිතුණු බැතිමතුන් මෙන්ම මෙරට කිතුණු දෙව්මැදුරුවලද දේව මෙහෙයන් පැවැත්විය. මෙවර මෙරට ප්‍රධාන නත්තල්…

Read More

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඒ වන විට ඒ මහතා 80 වැනි වියේ පසුවිය. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇත. 1944 ඔක්තෝම්බර් මස 27 වැනිදා උපත ලැබූ ඒ මහතා පාසල් කාලයේ සිටම සංගීත ක්ෂේත්‍රයට යොමු ව තිබුණි මාදම්මේ මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන අවස්ථාවේ සිටම සංගීත විෂයක් ලෙස හදාරා ඇති ඔහු පසු කලෙක ගුවන් විදුලි සංස්ථාව හා එක් විය. එහිදී සරළ ගී “ඒ” ශ්‍රේණියේ ගායකයෙකු බවට පත් විය. එසේම ඔහු සංගීත ගුරුවරයෙකු වශයෙන්ද ලංකාවේ ප්‍රධාන පෙළේ පාසල් කිහිපයක සේවය කර ඇත. ඔහුගේ එදා මෙදා තුර ගැයූ ගීත අතුරින් “සරතැස නිවා” ගීතය…

Read More

වගා හානි සඳහා බෝග 6ක් සඳහා හෙක්ටයාරයකට රු ලක්ෂය බැගින් ලබාදීමට කැබිනට් අනුමැතිය ලබාදුන් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. වී, බඩ ඉරිඟු, අර්තාපල්, මිරිස්, ලොකු ලූනු සහ සෝයා බෝංචි වෙයි. පසුගිය අයහපත් කාලගුණය නිසාවෙන් සිදුවූ වගා හානි පිළිබඳව කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත් හා වාරිමාර්ග අමාත්‍යවරයා විසින් පසුගිය දෙසැම්බර් 02 වනදා දක්වා සිදුවූ හානි පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කළ බවද අමාත්‍යවරයා පැවසීය.

Read More

අල්ලස් මුදලක් ලබා ගත් පොලිස් නිලධාරිවරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ. තඹලගමුව ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් මුදල් ආරවුලක් සම්බන්ධව ත්‍රිකුණාමලය පොලිස් ස්ථානයට පැමිණිල්ලක් සිදුකර තිබේ. එම පැමිණිල්ල විභාග කර පැමිණිලිකරුට අයවීමට ඇති මුදල් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කරදිය හැකි බව පවසා ඒ වෙනුවෙන් රුපියල් පන්දහසක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා තිබේ. ඒ අනුව එම අල්ලස් මුදල ලබා ගැනීම මත ත්‍රිකුණාමලය පොලිස් ස්ථානයේ විවිධ පැමිණිලි විමර්ශන අංශයට අනුයුක්තව ප්‍රජා පොලිස් ඒකකයේ සේවය කළ පොලිස් සැරයන්වරයෙකු පසුගිය 23 වැනි දින අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Read More

මත්ද්‍රව්‍ය මැඩලීමට වත්මන් ආණ්ඩුවෙන් පොලීසියට පූර්ණ නිදහස ලබාදී ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පවසයි. පිටකොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණය මත්ද්‍රව්‍ය තිප්පොළක් බවට පත්ව ඇතැයි ලද තොරතුරු පිළිබඳ හෙළි කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. පිටකොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණය 2014 වසරේදි ඉදිකෙරුණේ රුපියල් මිලියන 352 ක් වැය කරමිනි. මේ වනවිට එහි ලෑලි දිරාපත්වීම, විදුලි ආලෝක පද්ධතිය නිසි පරිදි ක්‍රියාක්මත නොවීම, අපිරිසිදු වටපිටාව, දුර්ගන්ධය හා නීතිවිරෝධී කටයුතු සිදුවීම හේතුවෙන් ගෙවුණු කාලය පුරා එහි තිබු වෙළෙඳසැල් 92න් 80%ක ප්‍රමාණයක් වැසි ගොස් තිබේ. අදාළ ගැටලුව සම්බන්ධයෙන් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල…

Read More

සහල් හිඟය තවමත් පැවතීම හේතුවෙන් එළැඹෙන ජනවාරි මස 10 වැනිදා දක්වා සහල් ආනයනය කිරීම සඳහා අවසර ලබාදීමට වෙළෙඳ අමාත්‍යවරයා එකඟ වූ බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි. ඊයේ (23) පැවති සාකච්ඡාවකින් පසු ආනයනකරුවන් පැවසුවේ, ඊට අදාළ යෝජනාව අමාත්‍යවරයා අද රැස්වන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවය. වෙළෙඳපොළේ පවතින සහල් අර්බුදයට විසඳුමක් ලෙස සහල් ආනයනය සඳහා ලබාදී තිබූ කාලය දෙසැම්බර් 20 වැනිදායින් අවසන් වූ අතර මේ දක්වා මෙරටට ගෙන්වා තිබූ සහල් ප්‍රමාණය මෙට්‍රික්ටොන් 67,000කි. කෙසේවෙතත්, රජයේ පාර්ශ්වයෙන් ආනයනය කෙරෙන මෙට්‍රික්ටොන් 70,000ක සහල් තොගයේ පළමු තොගය වන රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව ඇණවුම් කළ මෙට්‍රික්ටොන් 5,200ක තොගය කොළඹ වරායට ළඟාවීමට…

Read More

මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬ පැවැත්වීම පිළිබඳ ආසියා ශාන්තිකර කණ්ඩායම විසින් පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාවේ අන්‍යෝන්‍ය ඇගයීම සඳහා සූදානම් වීමේ වැදගත්කම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. මෙම සාකච්ඡාව සඳහා අමාත්‍ය මණ්ඩලය, අමාත්‍යාංශ ලේකම්වරු, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීහු සහ මුල්‍ය බුද්ධි ඒකකයේ නිලධාරීහු සහභාගි වූහ. අමාත්‍යාංශ, නියාමන ආයතන, නීතිය ක්‍රියාත්මක කිරීමේ නියෝජිත ආයතන ඇතුළුව, පාර්ශ්වකාර ආයතන 24ක් සඳහා සම්පාදනය කර ඇති අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලත් ක්‍රියාකාරී සැලසුම් ක්‍රියාත්මක කිරීමේ කඩිනම් අවශ්‍යතාව මෙහිදී මූල්‍ය බුද්ධි ඒකකය විසින් අවධාරණය කරන ලදී. මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සකස් කරන…

Read More

ජාඇළ ශාන්ත ආනා ප්‍රදේශයේ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ. පොලීසිය පැවසුවේ අද (24) අලුයම යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවය. වෙඩි වැදීමෙන් කිසිදු පුද්ගලයෙකුට හානි සිදුව නොමැති අතර අදාළ නිවසේ ගේට්ටුවට සහ බිත්තිවලට හානි සිදුවී ඇති බව සදහන් වේ. මීට පෙර පසුගිය 15 වන දින රාත්‍රියේ ද මෙම නිවසට යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තැබීමක් සිදුකර තිබුණි. මේ සම්බන්ධයෙන් වන විමර්ශන ජාඇළ පොලීසිය විසින් ආරම්භ කර තිබේ.

Read More

පුරාවස්තු සොයා කැණීම් කළ සැකකරුවන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (23) සවස් කාලයේදී ගිරාඳුරුකෝට්ටේ පොලිස් නිලධාරීන්ට ලද තොරතුරක් මත ගිරාඳුරුකෝට්ටේ අඟලඔය ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදි සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 29 – 38ත් අතර පසුවන ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන ගිරාඳුරුකෝට්ටේ පොලීසිය විසින් සිදුකරනු ලබයි.

Read More