Close Menu
Lanka Focus News
    What's Hot

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ගතවූ පැය 24ට රිය අනතුරුවලින් ජීවිත 13ක් බිලි වෙයි
    Featured

    ගතවූ පැය 24ට රිය අනතුරුවලින් ජීවිත 13ක් බිලි වෙයි

    By LFNDecember 22, 2024No Comments1 Min Read125 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගතවූ පැය 24 තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවූ රිය අනතුරු 10කින් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් තිබේ.

    පොලීසිය ප්‍රකාශ කළේ, හැටන්, පින්නදූව, මාරවිල, අම්බලන්තොට, ගම්පොල, හෙට්ටිපොළ, මඩකලපුව, මිරිහාන, කැබිතිගොල්ලෑව සහ සීදුව යන ප්‍රදේශවලින් එම අනතුරු වාර්තා වී ඇති බවය.

    මියගිය පිරිස අතර පදික පුද්ගලයින් සිව්දෙනෙකු වන බව සඳහන්ය.

    උත්සව සමය තුළ මාර්ගවල ගමන් කිරීමේ දී වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසීය.

    “උත්සව සමය එළැඹීමත් සමග මහා මාර්ගවල වැඩි වශයෙන් වාහන ගමනාගමනයක් වගේම පදිකයිනුත් බහුලව ගැවසීමක් දකින්න පුළුවන්. පදිකයන් වශයෙන් ඔබ මාර්ගයේ ගමන් කරන කොට ඉතාම සුපරික්ෂාකාරීව ගමන්කරන්න ඕනේ. ඒ වගේම රියදුරෙක් වශයෙන් ඔබ ඉතාම සැලකිල්ලෙන් මාර්ගයේ ධාවනය කළ යුතුයි.”

    මේ අතර මේ වසරේ ගතවූ කාලය තුළ රිය අනතුරුවලින් පුද්ගලයින් 2,243 දෙනෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

    ජනවාරි මස පළමුවන දින සිට දෙසැම්බර් 13 වන දින දක්වා කාලය තුළ දිවයින පුරා රිය අනතුරු 22,967ක් වාර්තා වී ඇති අතර ඉන් 2,141ක් මාරක රිය අනතුරු බව පොලීසිය සඳහන් කළේය.

    එම කාලය තුළ රිය අනතුරුවලින් බරපතළ තුවාල ලැබූ සංඛ්‍යාව 4,552 දෙනෙකු වන බව ද සඳහන්ය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 202606 Views

    2026 අගෝස්තු මාසයට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන වැඩිහිටි දීමනාව අද (03) ප්‍රතිලාභීන්ගේ…

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.