Author: LFN

අක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව අන්තර් හුවමාරුව ආසන්නයේ අද (21) අළුයම සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් පස් දෙනෙකු තුවාල ලබා තිබේ. පොලීසිය සඳහන් කළේ කොට්ටාව සිට ගාල්ල බලා ධාවන වූ වෑන් රථයක්, ඉදිරියෙන් ගමන් කළ ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. අනතුරින් තුවාල ලැබූ වෑන් රථයේ ගමන් කළ 62 හැවිරිදි පුද්ගයෙකු මියගොස් ඇති අතර, තවත් කාන්තාවන් සිව්දෙනෙකු ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබ‍ෙ වෑන් රථයේ රියදුරුට නින්ද යාමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසීය.

Read More

ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම්වල ධනාත්මක ප්‍රවණතාවක් පෙන්නුම් කරන බව ෆිච් රේටින් සමාගම පවසයි. මේ හේතුවෙන් අදාළ සමාගම විසින් මෙරට ණය ශ්‍රේණිගත කිරීම් සඳහා උසස්වීමක් ප්‍රකාශයට පත්කර ඇති බව වාර්තා වේ. ඒ අනුව දිගුකාලීන විදේශ මුදල් නිකුත් කරන්නන්ගේ ශ්‍රේණිගත කිරීම CCC සෘණ මට්ටමේ සිට CCC ධන මට්ටම දක්වා අදාළ උසස් වීම ලබා දී ඇති බව සඳහන්ය. ජාත්‍යන්තර ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ සාර්ථකත්වය වැඩි දියුණුකළ සාර්ව ආරිථික දර්ශක සහ දේශීය මුදල් පැහැරහැරීමේ අවධානම අඩුකිරීම මෙමගින් පිළිඹිබු කරන බව ෆිච් රේටින් සමාගම පවසයි. මේ අතර විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අනුව භාණ්ඩාගාර බැඳුම්කර අටක් මගින් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හුවමාරු කර ඇති බව ශ්‍රී ලංකා මහ…

Read More

බලයට පත්වී කෙටි කාලයක් තුළ ආණ්ඩුව ආර්ථික ස්ථායීකරණය සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය පැසසිය යුතු බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්‍රික් මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සමග ඊයේ (20) මුදල් අමාත්‍යාංශයේදී පැවැති හමුවකදීය. මෙහිදී මෙරට භාණ්ඩ බ්‍රිතාන්‍ය වෙළෙඳපොළ වෙත අපනයනය කිරීම සඳහා උපරිම සහය ලබා දීමට සූදානම් බව පැවසු මහාකොමසාරිස්වරයා පැවැසුවේ ලබන වසරේ මුල් කාලයේදී ව්‍යාපාරික අවස්ථා හඳුනා ගැනීම අරමුණු කරගනිමින් ව්‍යාපාරිකයින් පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරයක ද නිරත වීමට සූදානම් බවය. මෙරට කාබනික කෘෂිභෝග අපනයනය සඳහා එට වෙළෙඳපොළ තුළ ඉහළ ශක්‍යතාවක් පවතින බවත් ඇඟලුම්, කෘෂි නිෂ්පාදන, ස්වභාවික රූපලාවන්‍ය…

Read More

කළුතර සංචාරක හෝටලයක වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලීසිය පවසයි. කළුතර දකුණ පොලීසිය පැවසුවේ එම හෝටලයේ ආරක්ෂක නිලධාරීන් සහ පිටස්තර තරුණයින් පිරිසක් අතර ඇති වීමට ගිය ගැටුමක් පාලනය කිරීම සඳහා හෝටලයේ සිටි නිලධාරියෙකු අසහට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බවය. සංචාරක හෝටලය ඉදිරිපිට මුහුදු වෙරළේ තරුණයින් පිරිසක් මත්පැන් පානය කරමින් සිට ඇති අතර, හෝටලයේ ආරක්ෂක නිලධාරීන් සමග ඔවුන් ගැටුමක් ඇතිකර ගැනීමට උත්සාහ කර තිබෙන බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසයි. එහිදී එක් ආරක්ෂක නිලධාරියෙකුට පහරදීමක් සිදුව ඇති අතර, එය පාලනය කිරීම සඳහා ස්ථානයේ රැඳී සිටි හෝටලයේ ඉහල කළමනාකාරීත්වයේ නිලධාරියෙකු සිය ලියාපදිංචි අවසර ලත් ගිනි අවියෙන් අහසට වෙඩි තබා ඇති බවට…

Read More

ආදයම් බදු සම්බන්ධව ජනාධිපතිවරයා ගත් තීන්දුව සම්බන්ධව සිය සංගමය සතුටු වන බව වෘත්තියවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව පවසයි. එම එකමුතුව වෙනුවෙන් ඊයේ (20) පැවැති මාධ්‍ය හමුවට එක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රභාත් සුගතදාස මහතා පැවසුවේ පසුගිය කාලයේදී වෘත්තීයවේදීන්ගේ වැටුප බද්දට යටත් වීම හේතුවෙන් වෘත්තිකයන් විශාල පිරිසක් රට අත්හැර ගොස් ඇති බවය. එමෙන්ම මෙම බදු ක්‍රමය හේතුවෙන් වෘත්තියවේදීන් දැඩි අපසුතාවයකට පත්වූ බවත් මේ හේතුවෙන් විවිධ උද්ඝෝෂණ සහ වැඩවර්ජන පවා සිදු කිරීමට සිදු වූ බවත් ඔහු පැවසීය. වර්තමාන රජය මෙම බදු සීමාව වැඩි කිරීමට තීරණය කිරීම වෘත්තියවේදීන් ගැන අවධානය යොමු කරමින් ඔවුන්ගේ ප්‍රශ්න දෙස සිතා බලා ගෙන ඇති තීරණයක් බැවින් එම…

Read More

අද (21) බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය. එමෙන්ම නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මීට අමතරව මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read More

පළාත් පාලන මැතිවරණය එළැඹෙන සිංහල අලුත් අවුරුද්දට පෙර පැවැත්වීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඒ සඳහා වූ නාමයෝජනා නැවත කැඳවීමට අදාළ පනත මේ වනවිට සකස් කර ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. ඊයේ (20) පස්වරුවේ මල්වතු හා අස්ගිරි මහා නා හිමිපාණන් වහන්සේලා බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය. “පළාත් පාලන මාතිවරණය 2023 මාර්තු මාසයේ පැවැත්වීමට නාමයෝජනා කැඳවුවා. නමුත් ඒ වෙලාවේ හිටපු පක්ෂත් අද නෑ. සමහර සන්ධාන කැඩිලා. ඒ නිසා ඒ නාමයෝජනා කැන්සල් කරලා අලුත් නාමයෝජනා කැඳවිය යුතු බව අපි හිතනවා. ඒ නිසා අපි පසුගිය දා කැබිනට් මණ්ඩලය තීරණයක් අරන්…

Read More

නත්තල් හා නව වසර උදාවත් සමග පැවැත්වෙන උත්සව සහ මහජනතාව වැඩිපුර ගැවසෙන ස්ථාන සඳහා පොලීසිය විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සැලසුම්කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිවේදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පවසයි. ඒ අනුව බස්නාහිර පළාත තුළ පමණක් පොලිස් නිලධාරීන් 6,500කට අධික පිරිසක් යොදවා ඇතැයි සඳහන් කරයි. ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ආගමික ස්ථාන හා කඩසාප්පු ආශ්‍රිතව සිටින සොරුන් සහ අපරාධකරුවන් හඳුනා ගැනීම සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් 500කට අධික පිරිසක් සේවයට යෙදවීමට බලාපොරොත්තු වන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. එමෙන්ම කතෝලික දේවස්ථාන ඇතුළු ආගමික ස්ථානවල ආරක්ෂාව වෙනුවෙන් දිවයින පුරා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන්…

Read More

මාතර දිස්ත්‍රික්කයේ වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය හරහා ගලා බසින ප්‍රධාන ගංගාව වන පොල්වතු ගඟ, ඉමදුව සහ කනංකේ යන ප්‍රදේශවලින් ආරම්භ වී පොල්අතුමෝදර ප්‍රදේශයෙන් මුහුදට ගලා බසියි. මෙම ගඟ හරහා ඉදිකර ඇති “ඉල්වත්ත අමුණ” අබලන්වීම හේතුවෙන් එම ප්‍රදේශවල ගොවීන් විශාල පීඩාවකට පත්ව ඇති බවට වාර් තාවේ. එය පිළිසකර කර දෙන ලෙස ඉල්ලා පසුගිය වර්ෂයේදි ගොවීන් විසින් අවස්ථා කිහිපයකදීම බළධාරීන්ගෙන් ඉල්ලා සිටි නමුත් ඒ සඳහා නිසි විසදුමක් නොලැබීම හේතුවෙන් කුඹුරු විශාල ප්‍රමාණයක් වර්ෂාවෙන් විනාශ වී ඇති බවට වාර් තාවේ. එමෙන්ම දැනට මාස දෙකකට පමණ ඉහතදී වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් මෙම අමුණේ අක්‍රීයව තිබූ දොරවල් ගලවා ඉවත් කර ඇති අතර, මේ වන තෙක් එහි…

Read More

ගාල්ල බන්ධනාගාරය තුළදී ඊයේ (19) උදෑසන රැඳවියන් දෙපිරිසක් අතර හටගත් ගැටුමකදී තියුණු ආයුධවලින් පහරදීම හේතුවෙන් සිව්දෙනෙකු තුවාල තබා ඇති බව වාර්තා වෙයි. ගාල්ල බන්ධනාගරයේ රඳවා සිටින අපරාධ කල්ලි දෙකක සාමාජිකයින් අතර එම ගැටුම හටගෙන තිබුණි. බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේ අනුර පුෂ්පකුමාර හෙවත් “බටු මීයා” නමැති අපරාධකරුගේ පාර්ශ්වය සහ කරන්දෙණිය සුද්දා නමැති අපරාධකරුගේ පාර්ශ්වය අතර ගැටුම හටගෙන ඇති බවයි. එහිදී “බටු මීයා” නමැති රැඳවියා සහ ඔහුගේ සමීපතමයන් තිදෙනෙකු තුවාල ලබා තිබේ. “බටු මීයා” සහ ඔහුගේ සගයින් තිදෙනා බන්ධනාගාරගත කෙරුණේ මීටියාගොඩ බෙලිමුල්ල ප්‍රදේශයේ නිවසක සිටි පියෙකුට සහ දියණියකට වෙඩිතැබීමේ සිද්ධියක් සම්බන්ධයෙනි. එහිදී ඔහු පොලීසියට පවසා තිබුණේ කරන්දෙණිය සුද්දාගේ පාර්ශ්වය විසින් තමන්ව…

Read More