Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බ්‍රිතාන්‍යයෙන් ශ්‍රී ලංකාවට ආයෝජන මාර්ග රැසක්
    Featured

    බ්‍රිතාන්‍යයෙන් ශ්‍රී ලංකාවට ආයෝජන මාර්ග රැසක්

    By LFNDecember 21, 2024No Comments1 Min Read113 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බලයට පත්වී කෙටි කාලයක් තුළ ආණ්ඩුව ආර්ථික ස්ථායීකරණය සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය පැසසිය යුතු බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්‍රික් මහතා පවසයි.

    ඔහු මේ බව පැවසුවේ මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සමග ඊයේ (20) මුදල් අමාත්‍යාංශයේදී පැවැති හමුවකදීය.

    මෙහිදී මෙරට භාණ්ඩ බ්‍රිතාන්‍ය වෙළෙඳපොළ වෙත අපනයනය කිරීම සඳහා උපරිම සහය ලබා දීමට සූදානම් බව පැවසු මහාකොමසාරිස්වරයා පැවැසුවේ ලබන වසරේ මුල් කාලයේදී ව්‍යාපාරික අවස්ථා හඳුනා ගැනීම අරමුණු කරගනිමින් ව්‍යාපාරිකයින් පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරයක ද නිරත වීමට සූදානම් බවය.

    මෙරට කාබනික කෘෂිභෝග අපනයනය සඳහා එට වෙළෙඳපොළ තුළ ඉහළ ශක්‍යතාවක් පවතින බවත් ඇඟලුම්, කෘෂි නිෂ්පාදන, ස්වභාවික රූපලාවන්‍ය නිෂ්පාදන වැනි විවිධ නිෂ්පාදන සඳහා රට වෙළෙඳපොළ තුළ ඉඩත් පවතින බවත් බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයා එහිදී පැවසීය.

    තවද මෙරටට පැමිණෙන සංචාරකයන්ගෙන් ප්‍රමුඛ ස්ථානයක් බ්‍රිතාන්‍ය ජාතිකයන්ට හිමි වන බැවින් ඒ තුළින් ඉහළ විදේශ විනිමය ප්‍රමාණයක් රට තුළට ලැබෙන බවත් ඔහු සඳහන් කළේය.

    ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් පැසසුම් එක් කළ මහකොමසාරිස්වරයා කෙටි කාලීනව ආර්ථිකය ස්ථාවර කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය ද අගය කළේ ය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.