Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»හැටන් බස් රථ අනතුරේ තවත් තොරතුරු රැසක් එළියට
    Featured

    හැටන් බස් රථ අනතුරේ තවත් තොරතුරු රැසක් එළියට

    By LFNDecember 22, 2024No Comments2 Mins Read161 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඊයේ පෙරවරු 10ට පමණ හැටන් සිට මහනුවර බලා ධාවනය වූ බස් රථයක් මල්ලිඅප්පුව ප්‍රදේශයේදී අනතුරට පත් වීම සම්බන්ධව තොරතුරු රැසක් මේ වන විට අනාවරණය වී තිබේ.

    අනතුර සිදුව ඇත්තේ රියැදුරුට බස් රථය පාලනය කරගැනීමට නොහැකිවීමෙන් වන අතර එය මාර්ගයෙන් ඉවතට පැන අඩි 20ක පමණ කොන්ක්‍රීට් බැම්මකින් පහළට වැටී තිබුණි.

    එම අනතුරින් අනතුරින් තුවාල ලැබූ රියැදුරු සහ සහයක ඇතුළු 53 දෙනෙකු දික්ඔය රජයේ දිස්ත්‍රික් මූලික රෝහලට ඇතුළත් කෙරුණි.

    එහිදී පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, එලෙස මියගොස් තිබුණේ හැටන් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 14ක පාසල් ශිෂ්‍යයෙක්, 68 හැවිරිදි මහනුවර පදිංචිකරුවෙක් සහ කාන්තාවක්ය.

    පාසල් සිසුවා සිය සහෝදරිය සමඟ බෙහෙත් ගැනීමට යන අතුරතුරදී එම අනතුරට මුහුණ දී ඇති බවය.

    තුවාල ලැබූවන් අතරින් 10 දෙනෙකු මහනුවර ශික්ෂණ රෝහලට යොමුකෙරුණු බවත්, ඉන් 4 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවත් රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

    තිදෙනකුට මරු කැඳවූ අනතුර සම්බන්ධයෙන් පොලිසිය බස් රථ රියැදුරාගෙන් ප්‍රශ්න කර තිබේ.

    එහිදී රියදුරු පවසා ඇත්තේ, බස් රථය තම පාලනයෙන් ගිලිහී ගොස් දොර විවෘත වී තමා බස් රථයෙන් එළියට වැටීමට ගිය බවය.

    ඒ අනුව සුක්කානමේ එල්ලී එය වළක්වා ගත් නමුත් පාලනය කර ගැනීමට නොහැකි වූ බස් රථය ප්‍රපාතයට පෙරළුණු බව රියැදුරා පොලීසියට ලබාදුන් ප්‍රකාශයේ සඳහන්ය.

    කෙසේ වෙතත්, හැටන් පොලීසිය අනතුරට ලක්වූ බස් රථයේ සවිකර තිබූ CCTV කැමරා පද්ධතියේ දත්ත ගබඩාව පරීක්ෂාවට ලක්කර තිබුණි.

    එහිදී අනාවරණ වී ඇත්තේ අනතුරින් ටික වේලාවකට පසු කිසියම් පුද්ගලයෙකු විසින් සිය ජංගම දුරකථනය හරහා අදාළ සී.සී.ටී.වී. දර්ශන මකා දමා ඇති බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.