Close Menu
Lanka Focus News
    What's Hot

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»දුනිත් ඉවත්කළ හේතුව චරිත් කියයි
    Sport

    දුනිත් ඉවත්කළ හේතුව චරිත් කියයි

    By LFNDecember 21, 2024No Comments1 Min Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නවසීලන්ත තණතීරුවල ක්‍රීඩාකිරීමේදී අතිරේක වේගපන්දු යවන්නෙකුට අවස්ථාව ලබාදිය යුතු බැවින් දුනිත් වෙල්ලලාගේ සංචිතයෙන් ඉවත් කිරීමට සිදු වූ බව ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පැවසීය.

    තරග තුන බැගින් වූ එක්දින හා විස්සයි20 තරගාවලියකට ක්‍රීඩාකිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (20) රාත්‍රියේ නවසීලන්තය බලා පිටත්ව ගිය අතර, දිවයිනෙන් පිටවත් යාමට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පවසා සිටියේය.

    මෙහිදී තවදුරටත් අදහස් දැක් වූ නායක චරිත් අසලංක,

    “ක්‍රීඩකයන් හොඳ මානසිකත්වයෙන් ඉන්නවා. T-10 තරගාවලිය ක්‍රීඩා කරලා හොඳින් ලකුණු අතරත්, කඩුලු අතරත් හිටියා. ඒක හොඳ සූදානමක් කණ්ඩායමට.

    අභියෝගාත්මක තරගාවලියක්. නවසීලන්තය ඔවුන්ගේ රටේදී ගොඩක් ශක්තිමත්. කණ්ඩායමේ ගොඩක් ලොකු වෙනස්කම් කරන්නේ නෑ. නමුත් අත්දැකීම් බහුල ක්‍රීඩකයන්ගේ අත්දැකීම්, නවකයන්ට ලබාදීමේ බලාපොරොත්තුවක් තියෙනවා.

    නවසීලන්තයේ ක්‍රීඩාකරද්දී අතිරේක වේගපන්දු යවන්නෙකුට අවස්ථාව ලබාදෙන්න ඕන නිසයි දුනිත් කණ්ඩායමෙන් ඉවත්කළේ. ඒක හරි අමාරු තීරණයක්. මටත් තේරීම් කමිටුවටත්, පුහුණුකරුටත් අමාරු තීරණයක් වුණා. නවසීලන්තයේ වගේ තණතීරුවල ක්‍රීඩා කරද්දී සමහර වෙලාවට මේ තීරණ ගන්න වෙනවා”.

    දෙරට අතර තරග 3 බැගින් වූ විස්සයි20 හා එක්දින තරගාවලියේ පළමුව විස්සයි20 තරගාවලිය පැවැත්වේ.

    එම තරග මේ මස 28, 30 සහ 2025 වසරේ ජනවාරි 2 යන දිනවල පැවැත්වීමට සැලසුම්කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු 2026 IPL කිරුළ තමන් සතු කරගනී

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,476 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 202607 Views

    භාණ්ඩ ආනයනය කිරීමකින් තොරව ව්‍යාජ ආයතන හරහා අමෙරිකානු ඩො.මි. 25ක් (රු:බි:7.5) විදේශ ගිණුම් වෙත බැර…

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.