Close Menu
Lanka Focus News
    What's Hot

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වසර 15කට පසු ලංකාවට ගෙන්වන ලුණු
    Featured

    වසර 15කට පසු ලංකාවට ගෙන්වන ලුණු

    By LFNDecember 20, 2024No Comments1 Min Read339 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රට තුළ ලුණු හිඟයක් ඇතිවෙතැයි අනිසි බියක් ඇතිකර නොගන්නා ලෙස ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    ඔවුන් පවසන්නේ දේශීය වෙළෙඳපොළ තුළ අවශ්‍ය තරම් ලුණු මිලදී ගැනීමට තිබෙන බවයි.

    රට තුළ උද්ගත වියහැකි ලුණු හිඟයට පිළියමක් ලෙස ලුණු මෙට්‍රික් ටොන් 30,000ක් ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය මේ වනවිට හිමිව තිබේ.

    ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය පවසන්නේ සාමාන්‍ය පරිභෝජනය සඳහා මෙලෙස ශ්‍රී ලංකාවට ලුණු ආනයනය කෙරෙන්නේ වසර 15කට පමණ පසුව බවයි.

    මෙරට ජනතාවගේ ලුණු අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සඳහා ලුණු නිෂ්පාදනය කෙරෙන්නේ හම්බන්තොට, පුත්තලම, මන්නාරම, අලිමංකඩ සහ ත්‍රිකුණාමලය ආදී ප්‍රදේශවල පිහිටි ලුණු ලේවායන්වලින්ය.

    ඒ අනුව මෙරට වාර්ෂික ලුණු අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 180,000ක්.

    ඉන් 50%ක් රාජ්‍ය අංශයෙන් ද 50% ක් පෞද්ගලික අංශයෙන්ද නිෂ්පාදනය කෙරේ.

    නමුත් මේ වසරේ ලුණු නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 200,000ක් ලෙස අපේක්ෂා කළද මේ වනවිට සැලකිය යුතු ලෙස ලුණු නිෂ්පාදනය පහත බැස තිබේ.

    ඊට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ 70%ක පමණ ලුණු නිෂ්පාදනයක් සිදුකෙරෙන ජුලි සහ ඔක්තෝබර් අතර මහ කන්නය පුරා වර්ෂා සහිත අයහපත් කාලගුණයක් පැවතීමයි.

    ඉන් ලුණු නිෂ්පාදනයට අහිතකර බලපෑමක් එල්ල වී ඇත.

    මේ හේතුවෙන් අපේක්ෂිත ලුණු නිෂ්පාදනය සම්පුර් ණ කරගැනීමට නොහැකි තත්ත්වයක් මේ වනවිට උද්ගතවී තිබේ.

    එනිසා යම් අයුරකින් ලුණු හිඟයක් උද්ගත වුවහොත් ඊට පිළියමක් ලෙස අයඩීකරණය නොකළ ලුණු මෙට්‍රික්ටොන් 30,000ක් ආනයනය කිරීමට රජය තීරණය කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 202604 Views

    මැදපෙරදිග කලාපයේ බලශක්ති සැපයුම්වලට එල්ල වී ඇති බාධාකාරී තත්ත්වයත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන්…

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.