Author: LFN

ඉකුත්දා අවසන් වූ පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ කලින් ප්‍රශ්න තුනක් පිටවූ බව කියන පළමු ප්‍රශ්න පත්‍රය සඳහා යළි විභාගයක් පවත්වන ලෙස නියෝග නිකුත් කරන්නැයි ඉල්ලා එම විභාගයට ඉදිරිපත් වූ සිසු සිසුවියන් සහ ඔවුන්ගේ දෙමව්පියන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් පිළිබඳ විභාගය ඊයේ (17) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ යළි ආරම්භ විය. යසන්ත කෝදාගොඩ, කුමුදුනී වික්‍රමසිංහ සහ අර්ජුන ඔබේසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඉදිරියේ එම පෙත්සම් විභාගය පැවැත්වීය. ඊයේ දින පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරු විසින් කරුණු ඉදිරිපත් කිරීම අවසන් කළහ. අද (18) දිනයේ වගඋත්තරකාර පාර්ශ්වයේ නීතිඥවරු කරුණු ඉදිරිපත් කිරීමට නියමිතය. ඒ අතරතුර යම් සමථයක් තිබේ නම් අද දින අධිකරණයට දැනුම්දෙන…

Read More

සිංහල ජනතාව බහුල වශයෙන් වාසය කරන අම්පාර දිස්ත්‍රික්කයේ “දිවුලපතන ” ගම්මානය වටා ඉදිකර තිබෙන ආරක්ෂිත මුර කපොලු ඉවත්කොට එම ජනතාවට නිදහසේ ජීවත් විය හැකි වතාවරණයක් උදාකර දීමට පියවර ගන්නා ලෙස රජයේ බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (17) අවසර ලබා දුන්නේය. ඒ අනුව අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර සිටින නැගෙනහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය නීතිපතිවරයා ඇතුළු පිරිසක් වෙත නොතිසි නිකුත් කරන ලෙසත් එහිදී නියෝග කළේය. කැලණිය ශ්‍රී පඤ්ඤානන්ද ධර්මායතනයේ පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් සහ එච්.එච්. සුගතපාල, ආර්.එල්.ආර්.රාජපක්ෂ ඇතුළු දිවුලපතන ගම්වාසින් පිරිසක් විසින් ගොනු කළ පෙත්සමක් සලකා බැලීමෙන්…

Read More

ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු 04කින් පුද්ගල සිව්දෙනෙකු ජීවිත්කෂයට පත්ව තිබේ. ඊයේ (17) එම අනතුරු සිදුව තිබුණේ හලාවත, කළුතර උතුර, වැල්ලවාය සහ ඇහැළියගොඩ පොලිස් වසම්වලින්ය. හලාවත – කොළඹ ප්‍රධාන මාර්ගයේ මහවැව ප්‍රදේශයේදී වෑන් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි යතුරු පැදියක ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් යතුරුපැදියේ පැදිකරු හා ඔහුගේ දියණිය බරපතළ තුවාල ලබා මාරවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පැදිකරු මියගොස් ඇත. එලෙස මියගොස් ඇත්තේ, බෝවත්ත, බිංගිරිය ප්‍රදේශයේ පදිංචිව සිටි 50 හැවිරිදි පුද්ගලයෙකි. මේ අතර කළුතර – හොරණ මාර්ගයේ ගල්පාත ප්‍රදේශයේදී පාපැදියක් පැදිකරුට පාලන කරගැනීමට නොහැකිව ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදියක ගැටී අනතුරක් සිදුව තිබුණි. අනතුරින් පාපැදිකරු බරපතළ තුවාල ලබා ගල්පාත…

Read More

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ගේ ඡායාරූප භාවිත කර විදෙස් රැකියා ලබාදෙන බවට පවසා මූල්‍ය වංචා කිරීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ, සිය කාර්යාංශයේ උසස් නිලධාරීන්ගේ ඡායාරූප භාවිත කරමින් වට්ස්ඇප් සබැඳි නිර්මාණය කර ඊශ්‍රායලයේ රැකියා ලබාදෙන බව පවසා මෙම මූල්‍ය ජාවාරම සිදුකෙරෙන බවයි. කාර්යාංශයේ නිල ෆේස්බුක් පිටුවේ පළ කරන ඡායාරූප අවභාවිත කරමින් මෙම මූල්‍ය වංචාවල නිරත වන බවට මේ වන විට පැමිණිලි කිහිපයක් ද ලැබී තිබේ. ඒ අනුව මෙවැනි වංචාකරුවන්ට හසු නොවන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. මෙවැනි වංචනික කටයුතු පිළිබඳ තොරතුරු කාර්යාංශයේ 1989…

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දූත පිරිස සිය තෙදින ඉන්දීය සංචාරය නිමා කරමින් දිවයිනට පැමිණ තිබේ. ඊයේ (17) රාත්‍රී 10ට පමණ ජනාධිපතිවරයා සහ දූත පිරිස කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි ඇත. ජනාධිපතිවරයා සමග දූත පිරිස ලෙස සහභාගී වූ අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත, අමාත්‍ය විජිත හේරත් ඇතුළු ඇතුළු පිරිස ද එම ගුවන් යානයෙන්ම ආපසු පැමිණ තිබුණි. ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 196 දරණ ගුවන් යානයෙන් ජනාධිපතිවරයා ඇතුළු පිරිස කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි බව සඳහන්ය. ජනාධිපතිවරයා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස ඉකුත් 15 දින සිය ඉන්දීය සංචාරය සඳහා පිටත්ව ගියේය. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා, ජනාධිපතිය, ඇතුළු රාජ්‍ය ත්‍රාන්ත්‍රිතයින් පිරිසක් හමුවී සාකච්ඡා…

Read More

උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් අද (18) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ඌව සහ මධ්‍යම පළාත්වලත් රත්නපුර, මඩකලපුව, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. වයඹ සහ බස්නාහිර පළාත්වල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇතිවේ. දිවයිනේ උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා…

Read More

හෙට (18) උදෑසන තමා සතු සියලුම අධ්‍යාපන සුදුසුකම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (17) පාර්ලිමේන්තුවේදී පැවසීය. ඔහු ඒ බව සඳහන් කළේ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. “හෙට උදේට මම ලබපු සියලුම අධ්‍යාපන සුදුසුකම් ටික මේ සභාවේ ඉදිරිපත් කරන්න අදහස් කරනවා. උපාධි සහතිකය පමණක් නොවෙයි. ඉන් ඔබ්බටත් ගිය හැම සහතිකයක්ම ඉදිරිපත් කරනවා.”

Read More

පොලීසිය විසින් සපයා ඇති ආරක්ෂාව හැරුණු කොට හිටපු ජනාධිපතිවරුන් වෙත ලබා දී ඇති සියලුම ත්‍රිවිධ හමුදා එලැඹෙන සතියේ සිට ඉවත් කිරීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. අද (17) පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධව අදහස් දක්වමින් ඔහු පැවසුවේ, මාස 6කට වරක් කරනු ලබන ආරක්ෂක තක්සේරුවේදී ඊට අනුකූලව ආරක්ෂාව සපයනු ඇති බවය. මෙහිදී අමාත්‍යවරයා හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් යොදවා ඇති ආරක්ෂක නිලධාරීන් ප්‍රමාණයද අමාත්‍යවරයා මෙහිදි කරුණු අනාවරණය කරනු ලැබීය. එහිදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ, හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රුපියල් මිලියන 1,448ක් වැයකර ඇති බවය. “අදත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පොලීසියේ 60ක් සහ ත්‍රිවිධ හමුදාවේ 228ක් වශයෙන් නිලධාරීන් ආරක්ෂාවට සහ…

Read More

රුසියාවේ මොස්කව් නගරයට ආසන්නයේ නිවාස සංකීර්ණයක් අසල සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් දෙදෙනෙක් මියගොස් තිබේ. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ, ඉන් මියගිය එක් අයෙක් රුසියාවේ විකිරණ රසායන හා ජීව රසායන ආරක්ෂක බළකායේ ප්‍රධානියා වන ලුතිනන් ජෙනරාල් ඉගො කිරිලොෆ් බවයි. මොහු රසායනික අවි සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ අයෙක් බව ද මාධ්‍ය වාර්තා කරයි.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය කමිටුවට කැඳවා ඇති බව එම පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, පක්ෂයේ තීන්දු තීරණවලට පටහැනිව කටයුතු කිරීම සම්බන්ධයෙන් දයාසිරි ජයසේකර මහතාට එරෙහිව චෝදනා ගොනුකර ඇති බවය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් දුමින්ද දිසානායක මහතා මේ බව සඳහන් කළේය.

Read More