Author: LFN

මීගොඩ, නාගහවත්ත ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. ඊයේ (14) රාත්‍රීයේදී මෝටර් රථයක ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙලස වෙඩිතබා ඝාතනය කර ඇත. එලෙස මියගොස් ඇත්තේ, 32 හැවිරිදි එක් දරු පියෙකි. මරණකරුගේ සහෝදරයාගේ නිවසේ සිට මීගොඩ නාගහවත්ත ප්‍රදේශයේ තම නිවස වෙත යමින් සිටියදී මෙම වෙඩිතැබීම සිදුකර ඇත. නාඳුනන පුද්ගලයෙක් මෝටර් රථය නවතා ඇති අතර තවත් පුද්ගලයෙක් විසින් එම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය පවසයි. වෙඩි වැදීමෙන් පසු බරපතළ තුවාල ලැබූ පුද්ගලයා හෝමගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබේ. එම වෙඩිතැබීම සිදුවන විට වයස අවුරුදු එකහමාරක් වු මරණකුරුගේ දියණිය සහ බිරිඳ මෝටර් රථයේ සිට ඇත. මිය…

Read More

දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා බලපැවැත්වෙන පරිදි නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ ඒ අනුව අදියර 1 යටතේ අද (15) පස්වරු 4 දක්වා බලපැවැත්වෙන පරිදි මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය ක්‍රියාත්මක බවය. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල, පස්සර, හාලිඇල, හපුතලේ, මහනුවර දිස්ත්‍රික්කයේ මැදදුම්බර, පාතදුම්බර, කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම, මාතලේ දිස්ත්‍රික්කයේ අඹන්ගහ කෝරළය, රත්තොට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබේ.

Read More

පුද්ගලික ආරවුලක් හේතුවෙන් සිදු වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් පුතා විසින් මවට පොල්ලකින් පහරදී ඝාතනය කර තිබේ. අද (15) අලුයම් කාලයේදී එම ඝාතනය සිදුකර තිබුණේ ගොඩකවෙල, බිසෝකොටුව ප්‍රදේශයේදීය. එලෙස මියගොස් ඇත්තේ, ගල්පාය, පල්ලේබැද්ද ප්‍රදේශයේ පදිංචිව සිටි 82 හැවිරිද කාන්තාවකි. මෘත ශරීරය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරික්ෂණය සිදු කිරීමට නියමිතව ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ගොඩකවෙල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි. මේ අතර ගොඩනැගිල්ලක ඉදිකිරීම් කටයුතු සඳහා පැමිණ සිටි පෙදරේරුවන් දෙදෙනෙකු අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් එක් පුද්ගලයෙකු විසින් අනෙක් පුද්ගලයාට පහරදී ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි. එම ඝාතනය සිදුකර තිබුණේ සීදූව පොලිස් වසමේ 02 වන පටුමග ප්‍රදේශයේදීය. එලෙස මියගොස් ඇත්තේ,…

Read More

අද (15) දිනයේ නැගෙනහිර පළාතේ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. මධ්‍යම, සබරගමුව, නැගෙනහිර සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදය කරයි. එමෙන්ම මධ්‍යම, සබරගමුව, සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. මේ අතර…

Read More

තමා වෙත පැවරී ඇති බලතල අනුව වංචාව, දූෂණය මැඩපැවැත්වීම වෙනුවෙන් කැපවෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේ ජාත්‍යන්තර දූෂණ විරෝධී ජාතික සැමරුම් වැඩසටහනට එක්වෙමිනි. එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ, බලය හොබවන පුද්ගලයින් සිය වගකීම හා යුතුකම නිසි ලෙස ඉටුනොකරන්නේ නම් නීති තීබීමෙන් ප්‍රතිඵලයක් නොමැති බවය. ජාත්‍යන්තර දූෂණ විරෝධී ජාතික සැමරුම වැඩසටහන බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි. එහිදී වැඩිදුටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, “නඩු ඉල්ලා අස්කරගන්නවා නම් අපි පැහැදිලි කළ යුතුයි. ඇයි අපි ඉල්ලා අස්කරගන්නේ කියලා. ලිපිගොනු හත, අට ලාච්චු අස්සේ හිරවෙනවා නම් අපි ජනතාවට පැහැදිලි කළයුතු නැද්ද ඇයි…

Read More

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදුකරනු ලබන විමර්ශන වලින් වැඩි අවධානයක් යොමුව තිබෙන්නේ පහළ මධ්‍යම හා පහළ ශ්‍රේණිවල නිලධාරීන්ගේ හා සේවකයින්ගේ ක්‍රියාකාරකම් වෙනුවෙන් බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා පවසයි. එය අල්ලස සහ දූෂණය මැඩලීමේ සංග්‍රාමයට බලවත් පහරක් බව ඔහුගේ අදහසයි. කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ (9) පැවති ‘ජාත්‍යන්තර දූෂණ විරෝධී ජාතික සැමරුම’ වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව පැවසීය. 2023 වසරේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ ප්‍රගති වාර්තාවේ සඳහන් වූ කරුණු ඉදිරිපත් කරමින් ඔහු පෙන්වා දුන්නේ, එම වසරේදී කොමිෂන් සභාව විසින් සිදුකළ අල්ලස් ලබාගැනීමේ විවිධ සිදුවීම්වලින් සැකකරුවන් 57ක් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි. ඉන් රාජ්‍ය කළමනාකරණ හා…

Read More

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත්වූ අපේක්ෂකයින් 1,042දෙනෙකු ආදායම් වියදම් වාර්තා ලබාදී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඒ අනුව මැතිවරණයට ඉදිරිපත්වූ 8,888 දෙනෙකු වන සමස්ත අපේක්ෂකයින් අතරින් නියමිත දිනට ආදායම් වියදම් වාර්තා ලබාදී ඇත්තේ අපේක්ෂකයින් 7,412දෙනෙකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පැවසීය. පාර්ලිමේන්තු මැතිවරණයට තරගකළ පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 690ක් අතරින් 197ක් ද ආදායම් වියදම් ලබා දී නොමැති බව සඳහන්ය. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වූ අපේක්ෂකයින්ට, දේශපාලන පක්ෂවලට මෙන්ම ස්වාධීන කණ්ඩායම්වලට ආදායම් වියදම් වාර්තා ඉදිරිපත් කිරීමට ලබා දී තිබූ කාලය පසුගිය 06වනදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණි.

Read More

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට අද (10) දිනයේ මි.මී. 75 පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උතුරු,උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකි බවය. සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව, බස්නාහිර සහ වයඹ පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතී. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. මේ අතර ගිනිකොණදිග බෙංගාල…

Read More

දේශීය සහල් සඳහා උපරිම මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. පාරිභෝගික අධිකාරිය විසින් නිකුත් කළ එම ගැසට් නිවේදනයට අනුව දේශීය සුදු සහ රතු කැකුළු කිලෝ ග්‍රෑම් එකක උපරිම තොග මිල රුපියල් 215ක් ලෙසත් එහි උපරිම සිල්ලර මිල රුපියල් 220ක් ලෙසත් සඳහන්ය. දේශීය නාඩු සහල් කිලෝ ග්‍රෑම් එකක තොග මිල රුපියල් 225ක් වන අතර එහි උපරිම සිල්ලර මිල රුපියල් 230ක් ලෙස අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වෙයි. එම ගැසට් නිවේදනයට අනුව දේශීය කීරිසම්බා කිලෝග්‍රෑම් එකක තොග මිල රුපියල් 255ක් වන අතර උපරිම සිල්ලර මිල රුපියල් 260ක් වෙයි. මේ අතර ආනයනික සහල් සඳහා ද උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික අධිකාරිය…

Read More

අලෙවි කිරීම සඳහා වාලම්පුරි 04ක් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු මාදම්පේ සහ වෙන්නප්පුව ප්‍රදේශවල දී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකා පුත්තලම කඳවුරේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමක දී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. සැකකරුවන් මාදම්පේ සහ වෙන්නප්පුව යන ප්‍රදේශවල පදිංචි 41 හැවිරිදි හා 42 හැවිරිදි දෙදෙනෙකි. සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා කරුවලගස්වැව වනජීවි කාර්යාලය වෙත භරදී ඇති බව සඳහන් වේ.

Read More