Author: LFN
ඇප මත මුදා හැර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා යළි අත්අඩංගුවට ගෙන තිබේ. ඒ බීමතින් රිය පැදවීම හේතුවෙන් සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙනි. කොල්ලුපිටිය ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසීය. ඔහු ඊයේ (05) දින ඇප මත මුදා හැරීමටද අධිකරණය නියෝග කර තිබුණි.
සිය ටෙස්ට් දිවියේ ටෙස්ට් ලකුණු 8000 සීමාව පසු කර යාමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් සමත් විය. ඒ ඊයේ (6) පැවැති ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයේදී නොදැවී ලකුණු 40ක් ලබාගනිමිනි. ඒ අනුව ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 8000 සීමාව පසුකළ තුන්වැනි ක්‍රීඩකයා ද වේ. මෙහි පෙරමුණේ පසුවන්නේ හිටපු ක්‍රීඩක කුමාර සංගක්කාර වන අතර ඔහු ලකුණු 12,400ක් ලබා ගැනීමට සමත්විය. මහේල ජයවර්ධන ටෙස්ට් ලකුණු 11,814ක් ලබා ගැනීමට සමත්ව තිබේ.
නැගෙනහිර තරංගාකාර කැලඹිලි ස්වභාවයක් හේතුවෙන් ඉදිරි දිනවලදී දිවයිනේ කාලගුණ තත්ත්වයට බලපෑමක් ඇතිකිරීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මෙම බලපෑම හේතුවෙන් දෙසැම්බර් 10වනදා දින සිට උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කෙරේ. මේ සමග දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වයද ක්‍රමයෙන් ස්ථාපිත වන ඇති බව ද එම දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වේ. ඒ අනුව උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය. එමෙන්ම බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවනු ඇත. කෙසේ නමුත් සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. දිවයිනේ…
ගම්පහ, මාකෙවිට ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 14ක දැරියක් ඝාතනය කර සිරුර ඉදිකරමින් තිබෙන වැසිකිළි වලකට දැමීමේ සිද්ධියට අදාළව කරුණු රැසක් පොලීසිය විසින් මේ වනවිට අනාවරණය කරගෙන තිබේ. තම වයස අවුරුදු 14ක් වූ දියණිය අතුරුදහන්ව ඇති බවට ගම්පහ පොලිස් ස්ථානයට මවක් විසින් පැමිණිල්ලක් කරනු ලැබුවේ දෙසැම්බර් මස 5 වනදාය. ඒ ඔස්සේ විමර්ශන ආරම්භ කළ පොලීසියට ඝාතනයේ සුලමුල අනාවරණය කරගැනීමට හැකිව ඇත. පැමිණිලිකාර මව තම දෙවන විවාහයේ ස්වාමිපුරුෂයා සහ දියණිය සමග මාකෙවිට ප්‍රදේශයේ ඉදිකරමින් පවතින වෙනත් අයෙකුට අයත් තෙමහල් නිවසක තාවකාලිකව පදිංචිව සිට ඇත. ඔහු පෙදරේරුවෙකු වශයෙන්ද, පැමිණිලිකාරිය ඒකල ප්‍රදේශයේ පුද්ගලික අංශයේද රැකියාවක් සිදු කරනු ලබයි. 2024.12.02 වන දින තම සැමියා…
පාසල් නිල ඇදුම් ඉදිරියේ දී මසා ලබාදීමට බලාපොරොත්තු වන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. පාසල් නිල ඇදුම් රෙදි ලබාදීමේ දී ඇතිවන නාස්තිය මෙමගින් අඩුකර ගතහැකි බව ඔහු පැවසීය. කොළඹ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.
ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත යොමුකර තිබේ. ඒ අනුව විදුලිබල මණ්ඩලය එම යෝජනා ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත්තේ පවතින විදුලි ගාස්තු සංශෝධනයකින් තොරව ඉදිරි මාස 6 පවත්වාගෙන යා යුතු බවය.
බැතුමතුන් කතරගම දේවාලය ඉදිරිපිට පොල් ගැසීම සියයට 90කින් පමණ අඩු වී ඇතැයි වාර්තා වේ. කතරගම පූජා භූමිය වැඳපුදාගන්නට යන බොහෝ බැතිමතුන් පූජා වට්ටිය සමග පොල් ගැසීමට පොල් ගෙඩියක් රැගෙන යාමට අමතක නොකරති. ශාන්තිකර්මවලදීද පොල් ගෙඩියට හිමිවනුයේ සුවිශේෂී ස්ථානයකි. කතරගම ගොස් පොල් ගෙඩියක් නොගැසූ කෙනෙක් සොයාගැනීමට බැරි තරමටම එය සාමාන්‍යකරණය වී තිබේ. කෙනෙක් තම යහපත, වස්දොස් දුරුකර ගැනීම තකා දෙවියන් ඉදිරියේ පොල් ගසයි. තවත් අයෙක් අනුන්ගේ ජීවිතය විනාශවේවා, භංගවේවායි පතමින් පොල් ගසයි. ඒ කෙසේ වෙතත් වර්තමානයේ රටෙහි පවතින අධික පොල් මිල හමුවේ බැතිමතුන් පොල් ගැසීමෙන් වැළකී සිටින බව අප වාර්තාකරු පැවසීය. මේ වනවිට කතරගම ප්‍රදේශයේ පොල් ගෙඩියක් රුපියල් 160ක මිලකට අලෙවි…
ඉකුත් රජය සමයේ මත්පැන් අලෙවි බලපත්‍ර සඳහා වන වාර්ෂික ගාස්තු වැඩිකරමින් නිකුත් කළ ගැසට් නිවේදනයක් ක්‍රියාත්මකකිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (6) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. ශ්‍රී ලංකා මත්පැන් අලෙවි බලපත්‍ර හිමියන්ගේ සංගමය විසින් ගොනුකළ තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ඒ. එච්. එම්. ඩී. නවාස්, කුමුදුනී වික්‍රමසිංහ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය. ශ්‍රී ලංකා මත්පැන් අලෙවි බලපත්‍රලාභීන්ගේ සංගමය විසින් ගොනුකර තිබූ මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් වශයෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් නම් කර තිබුණි. පෙත්සම්කරුවන් කියා සිටින්නේ 2024/1 දරන ගැසට් නිවේදනය මගින් මත්පැන් බලපත්‍ර සඳහා වන වාර්ෂික…
පරිගණක අපරාධ විමර්ශන වයඹ පළාත් ඒකකය විසින් මුදල් වංචාවකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අන්තර්ජාලය හරහා මුදල් උපයාගත හැකි බවට පවසා සමාජ මාධ්‍ය ඔස්සේ සම්බන්ධ වූ පුද්ගලයෙකු රවටා මෙම මුදල් වංචාව සිදුකර ඇත. රුපියල් ලක්ෂ 05කට අධික මුදලක් සැකකරු විසින් එලෙස ගිණුම්ගත කරවා වංචාව සිදුකර ඇති බව පැවසෙයි. එම පැමිණිල්ල මත විමර්ශන සිදුකර ඊයේ (05) දින වංචාවට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 22ක් වන දිගන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පරිගණක අපරාධ විමර්ශන වයඹ පළාත් ඒකකය වැඩිදුර විමර්ශන සිදුකරයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙස එම අමාත්‍යාංශයේදී ඊයේ (05) පස්වරුවේ වැඩ භාර ගත්තේය. එම ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව ඔහු පවසා සිටියේ, දේශපාලන අධිකාරියේ සහ ඩිජිටල් තාක්ෂණවේදීන්ගේ අපේක්ෂා සමපාත වී ඇති මේ අවස්ථාවේ රට ඩිජිටල්කරණය කිරීම සඳහා සියලුම වෘත්තීයවේදීන්ගේ සහයෝගය අපේක්ෂා කරන බවයි. එමෙන්ම ඒ වෙනුවෙන් තමන් ඕනෑම අවස්ථාවක පෙනී සිටින බවද පැවසීය. ඩිජිටල්කරණය තුළින් ආර්ථික කටයුතුවල කාර්යක්ෂමතාව වැඩි කර රටේ ආර්ථිකය ඉහළ මට්ටමකට ගෙන ඒමට හැකි බවද හෙතෙම පවසයි. දිළිඳුබව තුරන්කිරීම, සමාජීය ආකල්ප වෙනස් කිරීම සහ ඩිජිටල්කරණය රජයේ ප්‍රමුඛ අරමුණු වන බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. ගොඩනැගිලි ඉදිකිරීමෙන් පමණක් රටක් සංවර්ධනය නොවන බව පෙන්වා දුන්…