Author: LFN

ප්‍රංශ අග්‍රාමාත්‍ය මයිකල් බාර්නියර් ඇතුළු කැබිනට් මණ්ඩලයට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංගය ජයග්‍රහණය කර තිබේ. ඊයේ (04) පැවති ඡන්ද විමසීමේ දී විශ්වාසභංගය ජයග්‍රහණය කිරීම සඳහා ඡන්ද 288ක් අවශ්‍ය වූ අතර යෝජනාවට පක්ෂව ඡන්ද 331ක් හිමි වී ඇති බව වාර්තා වේ. ඒ අනුව 1962 වසරෙන් පසු ප්‍රංශයේ විශ්වාසභංගයක් ජයග්‍රහණය කළ පළමු අවස්ථාව මෙය ලෙස සැලකේ. විශ්වාසභංගය පරාජය වීමෙන් අනතුරුව ප්‍රංශ අග්‍රාමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය අද (05) දිනයේ ඉල්ලා අස්වනු ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ජනාධිපති ඉමානුවෙල් මැක්‍රොන් විසින් පසුගිය සැප්තැම්බර් මාසයේදී මයිකල් බාර්නියර් අග්‍රාමාත්‍ය ධුරයට පත් කළ අතර ඒ අනුව ප්‍රංශයේ කෙටිම කාලයක් අග්‍රමාත්‍ය ධුරය දැරූ පුද්ගලයා බවට ද ඔහු පත්වේ.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් ගිවිසුමේ සංශෝධනය කළ කරුණු ඉදිරි අයවැයක් මඟින් දැනගත හැකි බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදයට එක්වෙමින් බිමල් රත්නායක මහතා මෙම අදහස් පළ කළේය. “අපි කිව්වේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඒ රාමුව තුළ සිටිමින් තමා ඊළඟ අවුරුදු තුනේදි අපිට කටයුතු කරන්න වෙන්නේ. ඒ ඇතුළේ අපි සංශෝධන කරන්න බලාපොරොත්තු වෙනවා. ඔව් සංශෝධන කරලා තිබෙනවා. ඔවුන් සමග සාකච්ඡා කරලා, සංශෝධන ඉදිරිපත් කරලා තියෙනවා. ඒ සංශෝධනවල කරුණු රටේ ජනතාවට අයවැය තුළින් දැනගන්න පුළුවන්. පාර්ලිමේන්තුවට තමා තිබෙන්නේ මුදල් බලය. අද්දැකීම් බහුල රනිල් වික්‍රමසිංහ හැමතැනම කිව්වා අපි බොරු කිව්වා වැට් එක අඩුකළේ නෑ කියලා. වැට්…

Read More

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් වන අවසන් තීන්දුව හෙට (06) දිනයේදී ප්‍රකාශයට පත් කරනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි. ඔහු සඳහන් කළේ, එම ජාතිය ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ නම යෝජනා කර ඇති බවය. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට සහාය පළ කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින්ගේ විශේෂ සාකච්ඡාවක් ඊයේ (04) පස්වරුවේ පැවැත්වුණි.

Read More

උතුරු සහ නැගෙනහිර පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් නුවරඑළිය, මහනුවර, කුරුණෑගල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. දිවයිනේ බොහෝ ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.

Read More

නීතිවිරෝධී අයුරින් මත්පැන් කවුන්ටර පවත්වාගෙන ගිය කොල්ලුපිටියේ පිහිටි සුප්‍රසිද්ධ කැසිනෝ ශාලාවක් සුරාබුදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් වටලා තිබේ. සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට ලද තොරතුරකට අනුව එම වැටලීම සිදුකර තිබුණි. එහිදී තීරුබදු නොගෙවූ විදෙස් මත්පැන් බෝතල් 100ක් සොයාගත් අතර ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 25කට අධිකයි. මහල් පහකින් සමන්විත අදාළ කැසිනෝ ශාලාවේ සෑම මහලකම පිහිටි කවුන්ටර මඟින් ඊට පැමිණෙන සාමාජිකයන්ට නොමිලේ මත්පැන් ලබාදීම සිදුකෙරේ. එහෙත් අදාළ ස්ථානයට නිකුත් කර ඇති මත්පැන් බලපත්‍රය මඟින් පවත්වාගෙන යා හැක්කේ එක් මත්පැන් කවුන්ටරයක් පමණක් බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ඒ අනුව මෙමඟින් රට විශාල බදු හානියක් සිදුවන බවද එම නිලධාරීන් සඳහන් කළේය. සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ උපදෙස් මත මෙම…

Read More

පුද්ගලයෙකුගේ ජීවිත ආරක්ෂාව සඳහා එක් ගිනිඅවියක් පමණක් ලබාදීමට තීරණය කර ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි. ගිනිඅවි සම්බන්ධයෙන් සිදුකළ සමීක්ෂණයකින් අනතුරුව මෙම පියවර ගෙන ඇති බව එම අමාත්‍යංශය සඳහන් කළේය. එක් පුද්ගලයෙකු සඳහා එක් ගිනිඅවියකට වැඩියෙන් භාවිත කිරීමට අවශ්‍ය වන්නේ නම්, ඒ සම්බන්ධයෙන් ආරක්ෂක විශ්ලේෂණයක් සිදුකර අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය. කෙසේවෙතත් එම විශ්ලේෂණයෙන් අනතුරුව තවත් ගිනිඅවියක් නිකුත් කරන්නේ ද? නැද්ද? යන්න අවසන් තීරණය ගැනීම ආරක්ෂක අමාත්‍යංශය සතු බව ද ඔවුන් සඳහන් කළේය. සිවිල් පුද්ගලයින්ට නිකුත් කර ඇති ගිනිඅවි පිළිබද සමීක්ෂණ මේ වන විට ආරක්ෂක අමාත්‍යංශ පරිශ්‍රයේ දී සිදුකෙරේ. සිවිල් පුද්ගලයින් සඳහා ගිනිඅවි 1,500කට වැඩි ප්‍රමාණයක් නිකුත් කර ඇති අතර ඇතැම් පුද්ගලයින්ට…

Read More

එළැඹෙන කාර්තුවේ දී සොරකම් කළ වත්කම් නැවත අයකර ගැනීම සම්බන්ධයෙන් වූ නව පනත් කෙටුම්පත් 3ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවට පැවසීය. පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, අපරාධ පනත් කෙටුම්පත, මුදාගැනීම, පුනරුත්ථාපනය සහ බංකොලොත්භාවය පිළිබඳ පනත් කෙටුම්පත සහ විගණන පනත් කෙටුම්පතේ සංශෝධන එලෙස ඉදිරිපත් කරන බවය.

Read More

උතුරේ මහවිරු සැමරුම් පැවැති බවට අසත්‍ය තොරතුරු මුහුණු පොත ඔස්සේ බෙදාහැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සමාජ ක්‍රියාකාරිකයකු වන කැලුම් ජයසුමන මහතා ඇපමත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. අදාළ පැමිණිල්ල අද (04) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රංශයේ සිටින කාන්තාවක් විසින් මුහුණුපොතේ පළ කළ කොටි සංවිධානයේ තහනම් කරන ලද සංකේත ඇතුළත් ඡායාරූපයක් මෙම සැකකරු විසින් භාගත කොට එය යළි පළ කර ඇතැයි පැවසුවේය. මේ තුළින් මහජන සාමය හා ජාතීන් අතර සංහිඳියාවට බාධා එල්ල වී ඇතැයි සඳහන් කළ එම නිලධාරින් උතුරේ මෙවැනි…

Read More

මධ්‍යම, වයඹ, උතුරු මැද සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවය. දිවයිනේ බොහෝ ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.

Read More

ඉකුත් රජය සමයේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට “ඊ විදේශ ගමන් බලපත්‍ර” මිලියන 05ක් මිලදී ගැනීමට අදාළ ටෙන්ඩරය පිරිනමා තිබෙන ආකාරය පිළිබඳව ජාතික ප්‍රසම්පාදන කමිටුව විසින් විමර්ශනයක් සිදුකරන බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ. එම විදේශ ගමන් බලපත්‍ර මිලදී ගැනීමට අදාළ ටෙන්ඩරය පිරිනමා තිබෙන ආකාරය අභියෝගයට ලක් කරමින් එපික් ලංකා පුද්ගලික සමාගම විසින් ඉදිරිපත් කළ පෙත්සම ඊයේ (03) මෝසමක් මාර්ගයෙන් කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතා මෙම දැනුම් දීම සිදුකළේය. මෙම පෙත්සම මොහොමඩ් ලෆාර් තාහීර් සහ පී. කුමාරන් රත්නම් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන…

Read More