Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මහවිරු සැමරුම් සිද්ධිය – කැලුම් ජයසුමනට ඇප
    Featured

    මහවිරු සැමරුම් සිද්ධිය – කැලුම් ජයසුමනට ඇප

    By LFNDecember 4, 2024No Comments2 Mins Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    උතුරේ මහවිරු සැමරුම් පැවැති බවට අසත්‍ය තොරතුරු මුහුණු පොත ඔස්සේ බෙදාහැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සමාජ ක්‍රියාකාරිකයකු වන කැලුම් ජයසුමන මහතා ඇපමත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

    අදාළ පැමිණිල්ල අද (04) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

    එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රංශයේ සිටින කාන්තාවක් විසින් මුහුණුපොතේ පළ කළ කොටි සංවිධානයේ තහනම් කරන ලද සංකේත ඇතුළත් ඡායාරූපයක් මෙම සැකකරු විසින් භාගත කොට එය යළි පළ කර ඇතැයි පැවසුවේය.

    මේ තුළින් මහජන සාමය හා ජාතීන් අතර සංහිඳියාවට බාධා එල්ල වී ඇතැයි සඳහන් කළ එම නිලධාරින් උතුරේ මෙවැනි උත්සවයක් පවත්වා නොමැති බවත් සඳහන් කළේය.

    විමර්ශන කටයුතු අවසන් වී නොමැති හෙයින් මෙම සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉල්ලා සිටියේය.

    මෙහිදී මහෙස්ත්‍රත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත ප්‍රශ්නයක් යොමු කරමින් මෙම ක්‍රියාව නිසා මහජන සාමය කඩ වූ බව තහවුරු කෙරෙන ප්‍රකාශ සටහන් කර අධිකරණයට ඉදිරිපත් කර තිබේදැයි විමසුවේය.

    ඊට පිළිතුරු දෙමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කළේ, එවැනි ප්‍රකාශ සටහන් කර අධිකරණයට ඉදිරිපත් කර නොමැති බවය.

    මහජන කැලඹීමක් සිදුවූ බව තහවුරු කෙරෙන සාක්ෂි නොමැතිව මෙම සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කළ මහෙස්ත්‍රාත්වරයා තමන්ට සාක්ෂි නොමැතිව සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කළ නොහැකි බවත් පැවසුවේය.

    අධිකරණය වෙත සාක්ෂි ඉදිරිපත් නොකොට සිතේ තිබෙන දේවල් පදනම් කරගෙන සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කළ නොහැකි බවත් මෙහිදී මහෙස්ත්‍රාත්වරයා සඳහන් කර සිටියේය.

    ඒ අනුව සැකකරු ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා පැමිණිල්ල නැවත අප්‍රේල් මස 03 වනදා කැඳවන ලෙසත් නියෝග කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 202600 Views

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කිරීමට තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍ය සුනිල් කුමාර…

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.