Close Menu
Lanka Focus News
    What's Hot

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඝාතන දෙකක සුලමුල හෙළිවෙයි
    Featured

    ඝාතන දෙකක සුලමුල හෙළිවෙයි

    By LFNDecember 8, 2024No Comments2 Mins Read110 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    sinhala.adaderana.lk Logo
    ENGLISH
    தமிழ்

    ඝාතන දෙකක සුලමුල හෙළිවෙයි
    ඝාතන දෙකක සුලමුල හෙළිවෙයි
    December 8, 2024 07:02 am

    පදවිය, බෝගහවැව ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    පසුගිය 05 වන දින රාත්‍රී කාලයේ ‍බෝගහවැව ප්‍රදේශයේ නිවසක සිටි වයස අවුරුදු 73ක කාන්තාවකට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතබා ඝාතනය කර තිබුණි.

    අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පදවිය පොලිස් ස්ථානය මගින් විමර්ශන ආරම්භ කර ලදි.

    ඒ අනුව පුල්මුඩේ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් විසින් පෙරේදා (06) වැලිඔය පොලිස් වසමේ දී ටී 56 ගිනිඅවියක් හා රිවෝල්වර වර්ගයේ ගිනිඅවියක් සන්තකයේ තබාගෙ සිටි වයස අවුරුදු 42ක් වන කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

    එම සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව වැලිඔය පොලිස් ස්ථානයට ඉදිරිපත් කිරීමෙන් පසු වැඩිදුර විමර්ශන සඳහා රැඳවුම් නියෝග ලබාගෙන තිබුණි.

    එම සැකකරු සම්බන්ධයෙන් පදවිය පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් සිදුකළ වැඩිදුර විමර්ශනයේ දී අනාවරණය වු කරුණු මත එම අපරාධය සිදු කිරීමට පැමිණි බවට සැක කරන වෙඩික්කරු හා පැදිකරු ඝාතනය සඳහා පැමිණි යතුරු පැදිය සමග අත්අඩංගුවට ගෙන ඇත.

    අත්අඩංගුවට ගත් එම සැකකරුවන් වයස අවුරුදු 26, 30ක් වු මහියංගනය හා ඇහැටුගස්වැව ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

    එම සැකකරුවන් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත විමර්ශන සිදු කරන අතර ප්‍රධාන සැකකරු සන්තකයේ තිබූ ටී 56 වර්ගයේ ගිනිඅවිය එම අපරාධය සඳහා යොදාගෙන ඇති බවට අනාවරණය වී ඇත.

    සිද්ධිය සම්බන්ධයෙන් පදවිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

    මේ අතර මනුෂ්‍ය ඝාතනයක් සිදුකර මුදල් කොල්ලකෑ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, පෙරේදා (06) අලුයම් කාලයේදී නුවරඑළිය පොලිස් වසමේ ශ්‍රී ලංගම ඩිපෝවේ රාජකාරි යෙදී සිටි ආරක්ෂක නිලධාරියකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර රුපියල් ලක්ෂ 1,052,167/- ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් බව පොලීසිය පවසයි.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 34, 41 සහ 55 යන වයස්වල පසුවන බදුල්ල, රේනදපොළ, මහව යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර දෙනෙකු එම ආයතනයේ මුදල් අයකැමි වරයෙකු සහ රියදුරෙකි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 202606 Views

    2026 අගෝස්තු මාසයට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන වැඩිහිටි දීමනාව අද (03) ප්‍රතිලාභීන්ගේ…

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.