Author: LFN
අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ ඒකාබද්ධ පාසල් සංවර්ධන නිලධාරී එකමුතුවේ සාමාජිකයින් විසුරුවා හැරීම සඳහා පොලීසිය මේ වනවිට කටයුතු කර තිබේ. එම අවස්ථාවේදී එහි උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත.
මාතර, අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ රාහුල මංසන්ධිය අසල දී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන බිහිසුණු අනතුරක් සිදුව තිබුණි. ඊයේ (01) රාත්‍රියේ අදාළ අනතුර සිදුව තිබූ අතර, අනතුරින් මෝටර් රථයේ ගමන් ගත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කර ඇත. මෝටර් රථය අකුරැස්ස සිට මාතර දෙසට ධාවනය කරමින් තිබිය දී රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදුව තිබූ අතර අනතුරින් රථයට දැඩි හානි සිදුව තිබුණි. මාර්ගය අයිනේ තිබු විදුලි පහන් කණුවකටද අනතුරින් අලාභ හානි සිදුව ඇති අතර අනතුර සම්බන්ධයෙන් මාතර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
හාලිඇළ හා උඩුවර අතර දුම්රිය මාර්ගය නැවත දුම්රිය ගමනාගමනයට විවෘත කර ඇත. දිවයිනට බලපා තිබූ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බදුල්ල – කොළඹ දුම්රිය මාර්ගයේ අංක 175/50 සැතපුම් කණුව ආසන්නයේ පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් දුම්රිය ගමනාගමනය නතර කර තිබූණි. මේ වන විට එම මාර්ගය දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් යථාතත්ත්වයට පත් කර තිබේ. එබැවින් අද (02) දින සිට නැවත දුම්රිය ගමනාගමනය සඳහා විවෘත කර ඇති බව දැනුම් දී ඇත.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ නිවේදනය නිකුත් කිරීම අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අවසන් වීමෙන් අනතුරුව සිදුකිරීමට නියමිත බව වාර්තා වේ. මීට අදාළ නිවේදනය නිකුත් කළහොත් විභාගය අතරතුර අපේක්ෂකයින් සිය ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීමට කටයුතු කරනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය. එය විභාගයට බාධාවක් වන බැවින් විභාගය අවසන් වනතුරු මැතිවරණය සම්බන්ධයෙන් වන නිවේදනය නිකුත් නොකිරීමට තීරණය කර තිබේ. අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් විභාගය පැවැත්වීම ද දින කිහිපයකට කල් දැමුණු අතර එම කටයුතු මෙම සතියේ දී යළි ආරම්භ වීමට නියමිතය. මේ අතර පළාත් පාලන මැතිවරණයට අදාළ ව විශේෂ පක්ෂ නායක රැස්වීමක් හෙට (03) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.…
අතරමඟ නතර කළ සංවර්ධන ව්‍යාපෘති යළි ක්‍රියාත්මක කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජපාන තානාපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. ජපාන තානාපතිවරයා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් කොළඹ දී පැවති අතර එහිදී විපක්ෂ නායකවරයා මෙම ඉල්ලීම සිදුකර ඇති බව විපක්ෂ නායකවරයාගේ මාධ්‍ය අංශය සඳහන් කළේය. ජපානය සහ ශ්‍රී ලංකාව අතර දීර්ඝ කාලයක් පුරා පැවති රාජ්‍ය තාන්ත්‍රක සබඳතාව ඉදිරියටත් පවත්වාගෙන යන ලෙස විපක්ෂ නායකවරයා මෙහිදී තානාපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. ඒ සඳහා තමාගේ උපරිම දායකත්වය ලබා දෙන බව විපක්ෂ නායකවරයා පවසා ඇත. එමෙන්ම පසුගිය කාලය තුළ ජපානය විසින් මෙරට තුළ ක්‍රියාත්මක කළ සංවර්ධන ව්‍යාපෘති නැවත ක්‍රියාත්මක කරන ලෙසත් ඒ සඳහා…
දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ ඉදිරිපෙළ පන්දු යවන්නෙකු වන ජෙරල්ඩ් කොට්සි ට ශ්‍රී ලංකාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගය අහිමිවන බව වාර්තා වේ. කොට්සි ශ්‍රී ලංකාවට එරෙහිව ඩර්බන්හිදී අවසන් වූ පළමු ටෙස්ට් තරගයේ සිව්වන දිනයේ පන්දු යවමින් සිටියදී උකුළ ආසන්නයේ ආබාධයකට ලක්විය. ඒ සම්බන්ධයෙන් සිදුකළ ස්කෑන් පරීක්ෂාවේදී අනාවරණය වී ඇත්තේ, ඔහු සති 6ක පමණ කාලයක් විවේක ගතයුතු බවයි. ඒ අනුව මේ මස 5වනදා ආරම්භ වන ශ්‍රී ලංකාවට එරෙහි දෙවන හා අවසන් ටෙස්ට් තරගය මෙන්ම ඉදිරියේදී පාකිස්තානය සමගින් සිය රටේදී පැවැත්වෙන තරගාවලියද කොට්සි ට අහිමිවනු ඇත. මේ අතර කොට්සිගෙන් පුරප්පාඩුවන ස්ථානයට යොවුන් වේගපන්දු යවන්නෙකු වන ක්වේනා මෆාකා කැඳවීමට දකුණු අප්‍රිකානු ක්‍රිකට් තේරිම් කමිටුව…
තේරීපත්ව සිටින අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය රජය යටතේ FBI සංවිධානය එනම් අමෙරිකාවේ ආරක්ෂාව සම්බන්ධව ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ ප්‍රධානී තනතුරට ඉන්දීය සම්භවයක් ඇති කාෂ් පටෙිල් එනම් කාශ්‍යප් ප්‍රමෝද් පටෙිල් නම් කිරීමට කටයුතු කර තිබුණි. පටෙිල් ප්‍රකටව ඇත්තේ උග්‍ර ට්‍රම්ප් හිතවාදියෙක් ලෙසය. පටෙිල්, ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ පළමු ධුරකාලයේදීත් එරට ජාතික බුද්ධි අධ්‍යක්ෂවරයා ලෙස මෙන්ම ජාතික ආරක්ෂක ලේකම්වරයා ලෙසද සේවය කළ අයෙකි. ප්‍රබල ට්‍රම්ප් හිතවාදියෙක් වන පටෙිල්, FBI හි බුද්ධි තොරතුරු රැස් කිරීමේ කාර්යභාරය ඉවත් කරන ලෙසටත්, ට්‍රම්ප්ගේ න්‍යාය පත්‍රයට සහාය නොදෙන ඕනෑම අයෙක් තනතුරවලින් ඉවත්කළ යුතු බවටත් පැවසූ පුද්ගලයෙක් ලෙස ප්‍රකටව සිටියි. ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ ප්‍රධානියා පත්වන්නේ වසර 10ක කාලයක් සඳහාය.
අවි පෙන්වා ලග්ගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසින් කොල්ලකන ලද රුපියල් කෝටි 07කට ආසන්න වටිනාකමකින් යුත් මැණික්, රන් භාණ්ඩ සහ මුදල් සොයාගැනීමට ලග්ගල පොලීසියට අද (01) හැකිවිය. මෙම කොල්ලකෑමට සම්බන්ධ පුද්ගලයන් 9 දෙනෙකු පෙරේදා (29) අත්අඩංගුවට ගත් අතර, ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්නකිරීම් වලදී කරුණු රැසක් අනාවරණය කරගැනීමට පොලීසියට හැකිව ඇත. ඒ අනුව ඔවුන් විසින් සොරාගන්නා ලද මැණික් ගල් දෙකක් ලක්ෂ 78කට අලෙවිකර තිබියදී සොයාගෙන ඇති අතර, කොල්ලය සඳහා යොදාගත් වෑන් රථයද පොලිස් භාරයට ගෙන තිබේ. එමෙන්ම පවුම් 7ක රත්‍රන් සොයාගැනීමට හැකිව ඇති අතර, කොල්ලකන ලද මැණික් ගලක් කෑලි 7කට කපා ඇති බවත් පොලීසිය පවසයි. මීට අමතරව පැහැරගත් ලක්ෂ 23ක මුදලක්ද සොයාගෙන ඇත. මෙම…
දිස්ත්‍රික්ක 06 ක් සඳහා පැනවූ නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත් දීර්ඝ කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. මෙම නිවේදනය ඉදිරි පැය 24 ක කාලය සඳහා වලංගු වන බව සඳහන් වේ. ඊයේ (01) දින ප.ව. 4.00 සිට අද (02) දින ප.ව. 4.00 දක්වා එය වලංගු වේ. අනතුරු ඇඟවීමේ මට්ටම 2 – අවදානයෙන් සිටින්න (ඇම්බර්) 1) මහනුවර දිස්ත්‍රික්කය: උඩුදුම්බර උඩපලාත දෙල්තොට ගඟවට කෝරළය පාතහේවාහැට හාරිස්පත්තුව පාතදුම්බර යටිනුවර මැදදුම්බර දොළුව උඩුනුවර තුම්පනේ පූජාපිටිය පන්විල පස්බාගෙ කෝරළය අකුරණ හතරලියද්ද ගඟ ඉහළ කෝරළය අනතුරු ඇඟවීමේ මට්ටම 1 – විමසිලිමත් වන්න (කහ) 2) බදුල්ල දිස්ත්‍රික්කය: බදුල්ල පස්සර හාලිඇල මීගහකිවුල බණ්ඩාරවෙල 3)කෑගල්ල…
යාපනය, කිලිනොච්චි සහ ත්‍රිකුණාමලය යන ප්‍රධාන නගරවල වායු ගුණ තත්ත්වයේ අගය ඊයේ (01) පස්වරුවේ අහිතකර මට්ටමට පැමිණ තිබුණි. ඒ අයහපත් කාලගුණයත් සමග ඉන්දියාව ඇතුළු තදාසන්න රටවල වායු දූෂක, සුළං ඔස්සේ පැමිණ තිබීමෙනි. ජාත්‍යන්තරව පිළිගත් iqair.com වෙබ් අඩවියට අනුව ඊයේ (01) පස්වරු 3 වනවිට දිවයිනේ ප්‍රධාන නගර 3ක වායු ගුණ තත්ත්ව දර්ශක අගය 151 ඉක්මවා ගොස් තිබුණි. වායු ගුණ තත්ත්ව දර්ශකයට අනුව එහි අගය 151 සිට 200 දක්වා හැඳින්වෙන්නේ අහිතකර තත්ත්වයක් ලෙසය. ඒ අනුව යාපනය , කිලිනොච්චි සහ ත්‍රිකුණාමලය යන ප්‍රධාන නගරවල වායු ගුණ තත්ත්වයේ අගය ඊයේ පස්වරුවේ 151 ඉක්මවා ඇත. වායු ගුණ තත්ත්වය පහත වැටීම සංවේදී පුද්ගලයින්ට ශ්වසන අපහසුතා ඇති…