Author: LFN

උතුරු පළාතේ අහස වලාකුලින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු-මැද පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. උතුරු, උතුරුමැද, වයඹ, බස්නාහිර, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට හමන පැ.කි.මී. 50-55ක පමණ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි. මේ අතර නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති ෆෙන්ගල් සුළිකුණාටුව 2024 නොවැම්බර් 30 වැනි දින ප.ව. 11.30 වනවිට උතුරු තමිල්නාඩු – පුදුචේරි වෙරළ තීරය හරහා ගමන්…

Read More

අවි පෙන්වා බියගන්වා රුපියල් කෝටි 06කට අධික වටිනාකමකින් යුත් නිල් මැණික්, රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකෑමකට සම්බන්ධ පුද්ගලයන් 9 දෙනෙකු ඊයේ (29) අත්අඩංගුවට ගත්බව පොලීසිය පැවසීය. නොවැම්බර් මස 10වනදා ලග්ගල පොලිස් වසමේදී සිදුවූ කොල්ලකෑමක් සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. මාවතගම හා පොල්පිතිගම පොලිස් වසම්වලදී මෙම අපරාධයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් විසින් කොල්ලකන ලද රුපියල් කෝටියකට අධික මුදලක්, රන් පවුම් 07ක් සහ අපරාධය සඳහා භාවිතා කළ සෙල්ලම් පිස්තෝල 02ක්, පිහියක් සහ වෑන් රථයක්ද පොලීසිය සිය භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර චීවරධාරියෙක්ද සිටින අතර, ඔවුන් අවුරුදු 38ත් 49ත් අතර වයස්වල පසුවන වත්තේගම, සපුගස්කන්ද, පොල්පිතිගම, කුරුණෑගල, රත්නපුර හා…

Read More

පවතින කාලගුණික තත්ත්වය හා උතුරු පෙදෙසින් පැමිණෙන දේශසීමා ව්‍යාකූල තත්ත්වය හේතුවෙන් අද (30) දිනය තුළ වායු ගුණ තත්ත්ව දර්ශකය (SLAQl) 92 – 120ත් අතර අගයක දිනය පුරාම පැවතිය හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. එම සංවිධානයේ පාරිසරික අධ්‍යන හා සේවා අංශය නිකුත්කළ දෛනික වායු ගුණ තත්ත්ව වාර්තාව අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල වායුව සුළු වශයෙන් අහිතකර මට්ටමක් දක්වා ඉහළ යා හැකිය. අද දිනයේ වායුගුණ තත්ත්ව දර්ශකයට අනුව කොළඹ නගරය 108 – 116ත් අතර අගයක් යනු ඇතැයි අපේක්ෂා කෙරේ. එමෙන්ම යාපනයේ මෙන්ම පොළොන්නරුවේ එම තත්ත්වය 112- 120ත් අතර අගයක් දක්වා ඉහළ යා හැකිය. ඊට අමතරව කුරණෑගල, වව්නියාව, මහනුවර, කෑගල්ල, ගාල්ල, බදුල්ල,…

Read More

ඇදහැලුණ අධික වර්ෂාව හේතුවෙන් දැදුරුඔය, පේරාරු, උල්හිටිය රත්කිඳ, පොල්ගොල්ල, නාච්චදූව, රාජංගනය, කලාවැව සහ වෙහෙරගල ආදි ජලාශවල වාන් දොරටු තවමත් විවෘතව ඇත. කෙසේ නමුත් මහවැලි ගඟ පිටාරගැලීම නිසා දින ගණනාවක් වසා තිබුණු කොළඹ – මඩකලපුව ප්‍රධාන මාර්ගය සැහැල්ලු රථ වාහන ධාවනය සඳහා ඊයේ (29) පස්වරුවේ සිට විවෘත කෙරුණි. අධික වර්ෂාව හේතුවෙන් හාලිඇළ, උඩුවර ප්‍රදේශයට වැටී ඇත් පස් හා ගල් ඉවත්කිරීම අදත් සිදුවූ අතර, ඒ හේතුවෙන් දුම්රිය බලධාරීන් පවසන්නේ බදුල්ල සහ ඇල්ල අතර දුම්රිය ධාවනය තව දින කිහිපයකට ප්‍රමාද වනු ඇති බවයි. මේ අතර පස්සර 16 කණුව ප්‍රදේශයේ සිදුවූ නායයෑමකින් ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන් අවහිර වූ පස්සර – ලුණුගල මාර්ගයේ එක් මංතීරුවක් අද…

Read More

අප්‍රිකානු සූකර උණ රෝගය යම් මට්ටමකින් මේ වනවිට පාලනය කර ඇති බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති වෛද්‍ය සිසිර පියසිරි මහතා පවසා සිටියේ, රෝගය වැලඳී නොමැති ගොවිපළවල මස් නිවරදි ක්‍රමවේදය යටතේ මිනිස් පාරිභෝජනය සඳහා යෙදවීමට පියවර ගන්නා බවයි. එමෙන්ම අප්‍රිකානු සූකර උණ රෝගය වැලඳීම හේතුවෙන් ගොවිපළ රැසක් මේ වනවිට සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව එහි හිමිකරුවන් පෙන්වා දෙයි. එනිසා සිය ව්‍යාපාර යළි ගොඩනගා ගැනීම සඳහා වන්දි මුදලක් ලබාදීමට රජයෙන් පියවර ගතයුතු බව ඔවුන් පවසයි.

Read More

මුලතිව්හි සිලාවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකු ගින්නකට හසුවී පිළිස්සී මියගොස් ඇති බව පොලීසිය පවසයි. ඊයේ (29) දහවල් කාලයේ මෙම අනතුර සිදුව ඇත. මියගිය පුද්ගලයා සිලාවත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 75ක පුද්ගලයෙකු වන අතර, ඔහු සිය පුත්‍රයාගේ නිවස ආසන්නයේ පිහිටි නිවසක තනිවම වාසය කර තිබේ. පොලීසිය පවසන්නේ සීතල හේතුවෙන් නිවස තුළ දල්වන ලද ගින්නක් ව්‍යාප්තවීමෙන් මෙම මරණය සිදුවන්නට ඇති බවය. මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මාන්චෝලය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, මුලතිව් පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

මන්ත්‍රීවරුන්ට හිමි වරප්‍රසාද ඒ ආකාරයෙන්ම ලබා දෙන බවත් ඒවායේ කිසිදු කප්පාදුවක් මෙතෙක් සිදුකර නොමැති බවත් පාර්ලිමේන්තු මහ ලේකම්, කුෂානි රෝහණධීර මහත්මිය පැවසුවාය. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය වැඩිදුරටත් සඳහන් කළේ, මේ වනවිට මන්ත්‍රී නිවාස ලබාගැනීම සඳහා අයදුම්පත් 94ක් ලැබී ඇති බවය. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් නැවත භාරදුන් නිවාස 25ක් – 30ක් පමණ ප්‍රමාණයක් මේ වනවිට අලුත්වැඩියා කටයුතු සිදුකරන බවත් මන්ත්‍රී ප්‍රමුඛතාවය අනුව එම නිවාස ඉදිරියේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබාදෙන බවත් මහ ලේකම්වරිය වැඩිදුරටත් පැවසුවාය. 108ක් වූ සම්පූර්ණ නිවාසවලින් 80ක් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සඳහාන් 28ක් විපක්ෂයේ මන්ත්‍රීවරුන් සඳහාත් වෙන්කර ඇත. පාර්ලිමේන්තුවේ සිට කිලෝමීටර් 40කට වඩා දුරකින් නිවස පිහිටා ඇති මන්ත්‍රීවරුන්ට…

Read More

ධුරයෙන් විශ්‍රාම යන අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාට සමුදීමේ චාරිත්‍රානුකූල නිල උත්සවය උපරිමාධිකරණ සංකීර්ණයේදී අද (29) පවත්වා තිබේ. ඒ සඳහා අභියාචනාධිකරණ හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හා නීතිඥවරුන් එක්ව සිටි බව වාර්තාවේ. එහිදි දේශනයක් සිදුකරමින් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා කියා සිටියේ, වසර දෙසීයකට වඩා පැරණි ඉතිහාසයකින් යුතු මෙරට ශ්‍රේෂ්ඨාධිකරණය කෙරෙහි මහජනතාව තබා ඇති විශ්වාසය හා ගරුත්වය ආරක්ෂා කිරීම තමන් හමුවේ පැවරි තිබු ප්‍රබල අභියෝගයක් බවය. විනිසුරුවරුන් එම විශ්වාසය හා වගකීම උල්ලංඝනය නොවන ආකාරයෙන් කටයුතු කළ යුතු බව පැවසු අගවිනිසුරුවරයා ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ විනිසුරු මඩුල්ල අතර පවතින අන්‍යෝන්‍ය සහයෝගය යුක්තිය පසිඳලීමේ යාන්ත්‍රණය යහපත් ලෙස ක්‍රියාත්මක වීමට බෙහෙවින් බලපාන බව ද පෙන්වා දී…

Read More

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විනාශ වූ භෝග වගාවන් සඳහා වන්දි ලබාදෙන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි. ඔහු පවසන්නේ, වී, බඩඉරිඟු, අර්තාපල්, සෝයා බෝංචි, මිරිස් සහ ලොකු ලූනු වගාවන් සඳහා වන්දි ලබාදීමට තීරණය කර ඇති බවය. ඒ අනුව අක්කරයක් සඳහා රු 40,000ක උපරීමයකට යටත්ව එම වන්දිය ලබාදීමට කටයුතු කරන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය. රට තුළ අයහපත් කාලගුණ තත්ත්වය අඩුවීමෙන් අනතුරුව වගා හානි පිළිබඳ දත්ත රැස්කර, එම වන්දි ගෙවීම සිදුකරන බව ද ඔහු කියා සිටියේය. එසේම විනාශ වී ඇති, පැළ ගොයම සඳහා ගොවීන්ට නොමිලේ බිත්තර වී ලබාදීමේ ක්‍රමවේදයක් සම්බන්ධයෙන් ද සාකච්ඡාවක් පවතින බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය. ඉහත…

Read More

2023/2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු වාර්තා ඉදිරිපත් කිරීමේ අවසන් දිනය හෙට (30) බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. වාර්තා මාර්ගගත ක්‍රමයට පමණක් ලබා ගන්නා අතර ඒ සඳහා තාක්ෂණික සහාය ලබා දීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය, ප්‍රාදේශීය හා නගර කාර්යාල සාමාන්‍ය රාජකාරී දිනයක් මෙන් හෙට දින විවෘතව පවතින බව ද එම දෙපාර්තමේන්තුව පවසයි. තවද, ආදායම් බදු ගෙවීම් සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ හා ජාවත්ත කාර්යාල පරිශ්‍රයේ පිහිටා ඇති ලංකා බැංකු ශාඛාවද විවෘතව තබන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

Read More