Author: LFN
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගමනාගමනය සීමා කර තිබූ යාපනය A-9 මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයට පත්ව තිබේ. පොලිස් කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඕමන්ත පොලිස් වසමේ නොච්චිමොටේ පාලම අසලින් හා ඕමන්ත නගරය ආසන්නයේ මාර්ගය ජලයෙන් සම්පූර්ණයෙන් යටවී තිබූ අතර මේ වනවිට එම ප්‍රදේශයේ ජලය බැසගොස් ඇති බවය. ඒ අනුව A-9 මාර්ගයේ ගමන් ගන්නා වාහනවලට සාමාන්‍ය පරිදි මාර්ගයේ ගමන් කළ හැකි බව ද පොලීසිය නිවේදනය කරයි.
පයාගල හා ප්‍රදේශ රැසකටම හෙරොයින් ජාවාරමේ නිරත වූ කොස්හේන ප්‍රදේශයේ පදිංචි දිසානායකගේ චමින්ද නොහොත් ‘පෙට්ටි මල්ලී’ පයාගල පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
ජංගම දුරකථන හා නව තාක්ෂණික ක්‍රම ඔස්සේ සහකරුවන් සොයාගැනීම මෙන්ම නිසි ලිංගික අධ්‍යාපනයක් නොමැතිවීම ඇතුළු කරුණු හේතුවෙන් නව යෞවනයන් අතර HIV වෛරසය ආසාදිතයින් ඉහළ ගොස් ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන පවසයි. එම වැඩසටහනේ අධ්‍යක්ෂ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරිපේලි මහත්මිය පැවසුවේ, පසුගිය වසර තුළ වාර්තා වූ HIVආසාදිතයින් අතරින් සියයට 15ක් වයස අවුරුදු 15ත් 24ත් අතර තරුණ තරුණියන් බවය. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරිපේලි මහත්මිය මෙම අදහස් පළ කළාය. “පසුගිය වසරේ නව HVI වෛරස ආසාධිත රෝගීන් 694 අපේ රටේ වාර්තා වෙලා තියෙනවා. දත්ත දිහා බලනකොට ඔබට පැහැදිලි HVI…
පළාත් පාලන මැතිවරණය පැවැත්විය හැකි දින වකවානූ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුව තිබේ. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) රැස් වූ මැතිවරණ කොමිෂන් සභාව විසින් මේ සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇති බව වාර්තා වේ. එහිදි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ දිනය සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති අතර එම දිනය විභාග කටයුතුවලට බාධාවක් නොවන අයුරින් යොදා ගැනීම පිළිබඳ සාකච්ඡා වී තිබේ. මැතිරණය පැවැත්වීම සඳහා නිශ්චිත දිනයක් එහිදී තීරණය වී නොමැති අතර ඉදිරි දිනවල දී යළි කොමිෂන් සභාව රැස්වී අවසන් තීනිදුවක් ගැනීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා සඳහන් කළේය. ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය අනුව පළාත් පාලන මැතිවරණය ඉතා කඩිනමින්…
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 20කට බලපෑම් එල්ල වී තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, එම දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 166ක පවුල් 80,642ක් මේ වන විට පීඩාවට පත්ව සිටින බවය. පුද්ගලයින් 276,550 දෙනෙකු පීඩාවට පත්ව සිටින අතර පවුල් 5,305කට අයත් පුද්ගලයින් 16,553 දෙනෙකු ආරක්ෂිත ස්ථානවල රැඳී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මේ අතර ජලාශ ආශ්‍රිතව පහත්බිම්වල ගංවතුර තත්ත්වයන් තවදුරටත් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. විශේෂයෙන් දැඳුරුඔයේ සහ මහවැලි ගගේ ජල මට්ටම ඉහළයාම හේතුවෙන් ගංවතුර තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග ඉංජිනේරූ ජි.ඩබ්ලිව්.ඒ.සකුරා දිල්තාරා මහත්මිය සඳහන් කළේය.
අම්පාර, කාර්තිව් හිදී ට්‍රැක්ටර් රථයක් සැඩ පහරකට හසුවීමෙන් අතුරුදන්ව සිටි පාසල් සිසුන් හයදෙනාගෙන් තවත් සිසුවෙකුගේ සිරුරක් සොයාගෙන තිබේ. ඒ අනුව මේ වනවිට සිසුන් සිව් දෙනෙකුගේ සිරුරු සොයාගෙන ඇත. කෙසේ වෙතත් අතුරුදන් අනෙක් සිසුන් දෙදෙනා, ට්‍රැක්ටර් රථයේ රියදුරා හා සහායකයා සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකය. අම්පාර කාර්තිව් මාවඩිපල්ලි පාලම අසලදී සිසුන් පිරිසක් රැගත් ට්‍රැක්ටර් රථයක් සැඩ පහරකට හසුවී ගසාගෙන යෑමේ සිදුවීම වාර්තා වුණේ පසුගිය (26) පස්වරුවේය. එලෙස අනතුරට ලක්වුණේ නින්දවූර් මද්‍රසා පාසලේ සිසුන් පිරිසක් රැගත් ට්‍රැක්ටර් රථයකි. පැවති අයහපත් කාලගුණය හේතුවෙන් එම පාසලට නිවාඩු ලබාදී තිබූ අතර, ඒ වනවිටත් අම්පාර කල්මුණේ ප්‍රධාන මාර්ගය මෙන්ම දෙපස පිහිටි වෙල්යාය මාවඩිපල්ලි පාලම අසලින් වැසි ජලයෙන්…
ණය නැවත ගෙවීමට යාමේදී ශ්‍රී ලංකාව අර්බුදයකට යන බව පැවසීම සම්පූර්ණයෙන්ම වැරදි මතයක් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය. මහ බැංකු ශ්‍රවණාගාරයේ ඊයේ (27) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව පැවසීය. මෙහිදී තවදුරත් අදහස් දැක්වූ මහ බැංකු අධිපතිවරයා “දළ දේශීය නිෂ්පාදිනයේ ප්‍රතිශතය අනුව සෑම වසරකම විදේශ ණය වශයෙන් උපරිම ගෙවන්න තියෙන්නේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4.5යි. එතකොට 2027 වෙනකම් පොලිය විතරයි ගෙවන් තියෙන්නේ. සමහර ණය ගෙවීම දික්කරලා තියෙනවා 2040 වෙනකම්, සමහර ඒවා 2038 වෙනකම්, සමහර ඒවා 2032 වෙනකම්. එහෙම දීර්ඝ කාලීනව ණය ගෙවන ක්‍රමයක් තුළ 2028දී එකපාරටම මේ ටික ගෙවන්න වෙන්නේ නෑ. ඒක සම්පූර්ණ මිත්‍යා මතයක්. අපට…
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මහනුවර, කෑගල්ල, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නායයාම් අනතුරු ඇඟවීම් රතු නිවේදන නිකුත් කර තිබේ. ඒ අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් යාවත්කාලීන කරන ලද නවතම නිවේදනය ඊයේ (27) පස්වරු 7:00 සිට අද (28) පස්වරු 7:00 දක්වා වලංගු වෙයි. අනතුරු ඇඟවීමේ මට්ටම 3 – ඉවත්වන්න (රතු) මහනුවර දිස්ත්‍රික්කය: – උඩුදුම්බර – උඩපලාත – දෙල්තොට – ගගවට කෝරළය – පාතහේවාහැට – හාරිස්පත්තුව – පාතදුම්බර – යටිනුවර – මැදදුම්බර – දොළුව – උඩුනුවර කෑගල්ල දිස්ත්‍රික්කය: – අරණායක – මාවනැල්ල – යටියන්තොට මාතලේ දිස්ත්‍රික්කය: – අඹන්ගග කෝරළය – රත්තොට – උකුවෙල – විල්ගමුව…
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනට අයදුම්කිරීමට ලබාදුන් අතිරේක සහන කාලය නැවත වරක් දීර්ඝ කිරීමට කටයුතු කර තිබේ. ඒ අනුව, අස්වැසුම වැඩසටහන සඳහා අයදුම් කිරීමට ලබාදුන් සහන කාල සීමාව 2024.12.09 දක්වා දීර්ඝ කිරීමට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය තීරණය කර ඇත. අස්වැසුම ප්‍රතිලාභී යෝජනා ක්‍රමය සඳහා මෙතෙක් අයදුම් කිරීමට නොහැකි වූ පවුල් සහ තැනැත්තන් හට ඊට අයදුම් කිරීම සඳහා 2024.11.25 දින සිට 2024.12.02 දක්වා සහන කාලයක් මීට පෙර ලබා දී තිබුණි. නමුත් රට තුළ පවතින අයහපත් කාලගුණික තතත්ත්වය සැලකිල්ලට ගෙන මෙලෙස කාලය නැවත වරක් දීර්ඝ කිරීමට පියවර ගත් බව නිවේදනයේ සඳහන් වේ.
ශ්‍රී ලංකා පොලිස් නිල වෙබ් අඩවිය යාවත්කාලීන කර නව මුහුණුවරකින් නිර්මාණය කර මහජනතාවගේ පරීශීලනය සඳහා ඊයේ (27) දින එළිදැක්වීය. ඒ, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල සුහුරුපාය ගොඩනැගිල්ලේ පිහිටි මහජන ආරක්ෂක අමාත්‍යංශයේදී ය. ශ්‍රී ලංකා පොලීසියේ නව වෙබ් අඩවිය වන www.police.lk වෙත පිවිසීමෙන් මහජනතාවට එය පරිශීලනය කළ හැකි වන අතර, පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් සකසනු ලබන ශ්‍රී ලංකා පොලීසියේ තොරතුරු, විශේෂ අවස්ථා, පුවත්, ඡායාරූප, වීඩියෝ ඇතුළු විශේෂාංග රැසක අන්තර්ගතයක් සමග නිරන්තරයෙන් යාවත්කාලීන කෙරේ. මෙම නව වෙබ් පිටුව පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ඨාසයේ නිර්මාණයකි. එමෙන්ම සුපුරුදු පරිදි පොලිස් නිෂ්කාශන වාර්තා සඳහා අයදුම් කිරීම, මාර්ගගත ක්‍රමය ඔස්සේ පැමිණිලි…