Author: LFN

ශ්‍රී ලංකා බලධාරීන් ආර්ථික ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යෑම සඳහා අධිෂ්ඨානයෙන් යුතුව කටයුතු කර ඇති බව යළිත් තහවුරු කර ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකා, ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය පවසයි.

Read More

දිවයිනේ උතුරු, උතුරු-මැද, මධ්‍යම,බස්නාහිර සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මඩකලපුව සහ කෑගල්ල දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වේ. ඇතැම් ස්ථානවලට මි.මී.150 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය 2024 නොවැම්බර් 26 වැනි දින පස්වරු 11.30ට පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 190ක් පමණ ගිනිකොන දෙසින් පිහිටා තිබුණි. එය දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්නව උතුරට බරව වයඹ දෙසට ගමන් කරමින් අද (27) සුළි කුණාටුවක් දක්වා තවදුරටත් තීව්‍ර වීමට ඉඩ ඇත. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර උතුරු, උතුරු-මැද, නැගෙනහිර, වයඹ…

Read More

පවතින අධික වර්ෂාපතනය හමුවේ දිවයින පුරා ඇති ජලාශ 73ක ජල මට්ටම 65% ඉක්මවා ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ අධික වැසි තත්ත්වය හේතුවෙන් දිවයිනේ ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කිරීමටද පියවර ගෙන ඇති බවය. මේ හේතුවෙන් දිවයිනේ ජලාශ 73න් 23ක් සහ මධ්‍යම ප්‍රමාණයේ වැව් බොහොමයක් මේ වන විට වාන් දමමින් ඇති බවත් එම නිවේදනයේ සඳහන් වේ. අම්පාර, අනුරාධපුර, බදුල්ල සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවල ජලාශවල ජල ධාරිතාව මේ වන විට 50% ඉක්මවා වාර්තා වී ඇති බවත් එහි සඳහන් වේ. එමෙන්ම හම්බන්තොට, ගාල්ල, මහනුවර, කුරුණෑගල, මොනරාගල දිස්ත්‍රික්කවල 80%කට වැඩි ජල ධාරිතාවක් වාර්තා වී තිබේ. පොළොන්නරුව සහ පුත්තලම…

Read More

2025 අයවැය යෝජනා 2025 ජනවාරි 09 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. එහි දෙවැනි වර කියවීම පෙබරවාරි 17 වනදා සිදුකිරීමට නියමිත අතර තෙවැනි වර කියවීමට අදාළ විවාදය පෙබරවාරි 27 සිට මාර්තු 21 වනදා සිදුකිරීමට නියමිතය. මේ අතර වෙළෙඳපොළෙහි පවතින නාඩු සහල් හිඟය සහ සහල් මිල පාලනය පිණිස සහල් ආනයන කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව ස්වර්ණ නාඩු සහල් මෙට්‍රික් ටොන් 70,000ක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණු බව කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

Read More

පවතින අයහපත් කාලගුණ තත්ත්වයක් සමඟ මාතර දිස්ත්‍රික්කය තුළ පැවති සුළු ගංවතුර තත්ත්වය මේ වන විට පහව යමින් පවතින බව මාතර ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

Read More

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට ලබන පෙබරවාරි මස 25 වනදා අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. 2015 වසරේ සිදු වූ මහ බැංකු බැඳුම්කර නිකුතුවකින් රජයට රුපියල් බිලියන දහයකට අධික පාඩුවක් සිදුකළේ යැයි සඳහන් කරමින් අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති පැමිණිල්ලක ඔහු සැකකරුවකු වශයෙන් නම්කර සිටියි. අල්ලස් කොමිසම විසින් කරන ලද ඉල්ලීමක් සලකාබැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් මෙම නියෝගය නිකුත් කළේය.

Read More

චීනයේ සංචාරය කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ට ආරාධනයක් ලැබී ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. ඔහු පැවසුවේ ජනාධිපතිවරයා දෙසැම්බර් මාසයේ තෙවැනි සතියේ පමණ ඉන්දියාවේ නිල සංචාරයක් සඳහා යාමට නියමිත බවයි. එම සංචාරයේ දින වකවානු තවමත් තීරණය කර නොමැති බව වෛද්‍ය ජයතිස්ස මහතා පැවසීය. චීන සංචාරය සඳහා මෙරට සිටින චීන තානාපති කාර්යාලයෙන් ආරාධනය ලැබී තිබුණි.

Read More

උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල සහ බණ්ඩාරවෙල අතර දුම්රිය මාර්ගයට බාධා මතුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එහි දක්වා ඇත්තේ බදුල්ල සහ බණ්ඩාරවෙල අතර දුම්රිය මාර්ගයට පස් කඳු සහ ගල් කඩා වැටීම හේතුවෙන් මෙම බාධා මතුව ඇති බවය. මේ අතර පවතින අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ මාර්ග කිහිපයක් අවහිරව ඇති බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි. එම ඒකකය පැවසුවේ නායයාම්, පස්කඳු කඩා වැටීම්, ගස් සහ ගල් කඩාවැටීම් හේතුවෙන් මෙම මාර්ග අවහිරව ඇති බවය. ඒ අනුව බදුල්ල බණ්ඩාරවෙල මාර්ගයේ උඩුවර කිරිමණ්ඩලය අසල, හපුතලේ බෙරගල මාර්ගය, බදුල්ල – පස්සර මාර්ගයේ තුනේ කණුව, බදුල්ල කදන හරහා ස්ප්‍රිංවැලි මාර්ගය, බදුල්ල පස්සර මාර්ගයේ 7…

Read More

නව අමාත්‍ය මණ්ඩලයේ විෂයයන් සහ කාර්යභාරයන් ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත්කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත. එම නිවේදනය පහතින් දැක්වේ.

Read More

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නියමිත විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට නොහැකි උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් ළඟම ඇති විභාග මධ්‍යස්ථානය වෙත ගමන් කරන ලෙස විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ, ජල ගැලීම් හේතුවෙන් මාර්ග අවහිරතා ඇත්නම් එම සිසුන්ට ළඟම ඇති විභාග මධ්‍යස්ථානයට ගොස් විභාගයට පෙනී සිටීමට අවස්ථාව ලබාදී ඇති බවය. දිවයින පුරා පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇතැම් මාර්ග ජලයෙන් යටවී ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී ඇති අතර යම් ගැටලුවක් ඇත්නම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 දුරකථන අංකයට අමතා ඒ පිළිබඳව දැනුම් දෙන ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි. පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ආපදා කළමනාකරණ…

Read More