Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රාජාංගනයේ වාන් දොරටු 10ක් විවෘත කරයි – අනෙකුත් ජලාශවල තත්ත්වය මෙන්න
    Featured

    රාජාංගනයේ වාන් දොරටු 10ක් විවෘත කරයි – අනෙකුත් ජලාශවල තත්ත්වය මෙන්න

    By LFNNovember 29, 2024No Comments1 Min Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අයහපත් කාලගුණය හේතුවෙන් රාජාංගනය ජලාශයේ වාන් දොරටු 10ක් විවෘත කර තිබේ.

    අධික වැසි තත්ත්වය නිසා අනුරාධපුර දිස්ත්‍රික්කයට දැඩි බලපෑමක් ඇතිවී තිබෙන බවට වාර්තාවේ.

    රාජාංගනය ජලාශයේ වාන් දොරටු 10 විවෘත කිරීමට තුළින් තප්පරයට ගණ අඩි 11,800ක ජල ධාරිතාවක් කලා ඔයට මුදාහැරෙන බවද වාර්තා වෙයි.

    මේ අතර අංගමුව ජලාශයේ වාන් දොරටු වසා තැබීමටද කටයුතු කර තිබේ.

    මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් කඩින්කඩ අධික වැසි ඇදහැලීම හේතුවෙන් නෝටන්බ්‍රිජ් විමලසුරෙන්ද්‍ර ජලාශය තවදුරටත් වාන් දමමින් පවතී.

    කාසල්රී සහ මවුස්සාකැලේ ජලාශයේ ජල පෝෂක ප්‍රදේශයට ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් එම ජලාශය ද පිටාර මට්ටමට ඉතා ආසන්න වෙමින් පවතින බව ජලාශ භාර ඉංජිනේරු නිලධාරීන් පැවසීය.

    එම ජලාශ දෙකේම ජල මට්ටම ඉහළ යාමත් සමග විමලසුරෙන්ද්‍ර, කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන සහ පොල්පිටිය ජලවිදුලි බලාගාරවල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බව ජලවිදුලි බලාගාර භාර ඉංජිනේරුවන් සඳහන් කරයි.

    නාච්චාදුව ජලාශයේ සියලුම වාන් දොරටු විවෘත කිරීම නිසා මල්වතු ඔය දෙපස පහත්බිම්වල ජනතාව දැඩි අවධානයෙන් සිටින්නයි වාරි ඉංජිනේරු නිලධාරිනිය දැනුම්දී තිබේ.

    මේ අනුව ඉන් තප්පරයට ගණ අඩි 2,140ක ජල ධාරිතාවයක් මල්වතු ඔයට මුදාහැරෙයි.

    එහි වාන් දොරටු දෙකක් අඩි 2 බැගින්, තවත් වාන් දොරටු දෙකක් අඩි 3 බැගින් සහ අනෙක් වාන් දොරටු දෙක අඩි 4 බැගින් විවෘත කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.