Close Menu
Lanka Focus News
    What's Hot

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ශ්‍රී ලාංකික සිරකරුවන් කුවේට් රාජ්‍යයෙන් මෙරටට එවයි
    Featured

    ශ්‍රී ලාංකික සිරකරුවන් කුවේට් රාජ්‍යයෙන් මෙරටට එවයි

    By LFNNovember 26, 2024No Comments1 Min Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කුවේට් රාජ්‍යයේ සිරදඬුවම් ලබමින් සිටි ශ්‍රී ලාංකික සිරකරුවන් 104 දෙනෙකු අතරින් 32ක් මෙරටට එවා තිබේ.

    ඔවුන් ඊ (25) පස්වරුවේ කුවේට් රාජ්‍යයේ සිට විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.

    මෙම සිරකරුවන් කුවේට් රාජ්‍යයේ මධ්‍යම බන්ධනාගාරයේ රඳවා සිටි අය බව වාර්තා වෙයි.

    ඔවුන් මෙරටට එවා තිබුණේ කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේය.

    මෙම ශ්‍රී ලාංකික සිරකරුවන් කුවේට් රාජ්‍යය තුළදී මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම, වෙළෙඳාම් සහ ජාවාරම් කිරීම සහ ප්‍රවාහනය කිරීම යන චෝදනා යටතේ එරට ආරක්ෂක අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන, අධිකරණයට ඉදිරිපත්කර, වැරදිකරුවන් වූ පිරිසකි.

    අදාළ සිරකරුවන් සමග කුවේට් රාජ්‍යයේ ආරක්ෂක නිලධාරීන්, එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් සහ වෛද්‍යවරුන් සහ හෙද නිලධාරීන් පිරිසක් ද පැමිණ ඇති බව වාර්තා වෙයි.

    කුවේට් ගුවන් හමුදාවට අයත්‍ ගුවන්යානය කටුනායක ගුවන්තොටුපොළ වෙත අද (25) සවස පැමිණීමෙන් අනතුරුව මෙම සිරකරුවන් පිරිස භාර ගැනීම සඳහා ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ද පැමිණ සිටියේය.

    පසුව එම සිරකරුවන් පිරිස වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන ගිය බව අප වාර්තාකරු පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 202604 Views

    මැදපෙරදිග කලාපයේ බලශක්ති සැපයුම්වලට එල්ල වී ඇති බාධාකාරී තත්ත්වයත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන්…

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.