Close Menu
Lanka Focus News
    What's Hot

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»චීන දූත පිරිසක් සහ ජනපති අතර හමුවක්
    Featured

    චීන දූත පිරිසක් සහ ජනපති අතර හමුවක්

    By LFNNovember 26, 2024No Comments2 Mins Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප ඇමති සුන් හයියැන් මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස ඊයේ (25) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.

    පසුගිය ජනාධිපතිවරණයේ දී අනුර කුමාර දිසානායක මහතා ලබා ගත් ජයග්‍රහණය සහ මහ මැතිවරණයේ දි ඔහුගේ පක්ෂය විසින් ලබා ගනු ලැබූ විශිෂ්ට ජයග්‍රහණය පිළිබඳව සිය සුබපැතුම් එක් කළ චීන උප අමාත්‍යවරිය එම ජයග්‍රහණවලින් පසුව ශ්‍රී ලංකාවේ සිදුව තිබෙන පරිවර්තනීය වෙනස්කම් ඇගයීමට ලක් කළාය.

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව සමඟ සමීප සහයෝගීතාවයකින් කටයුතු කිරීමට චිනය සූදානම් බව ද උප අමාත්‍යවරිය ප්‍රමුඛ නියෝජිත පිරිස මෙහිදී ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කළහ.

    චීනයේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද සංවර්ධන අපේක්ෂාවන් පිළිබඳ මෙහිදී අවධානය යොමු කෙරුණු අතර අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක වන දිගුකාලීන සහයෝගීතා වැඩපිළිවෙළක් දෙරට අතර ඇති කර ගැනීමේ වැදගත්කම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

    එහිදී ආයෝජන ප්‍රවර්ධනය, තාක්‍ෂණ හුවමාරුව, ඩිජිටල්කරණය සහ ග්‍රාමීය ආර්ථිකය නඟා සිටුවීම ඇතුළු විවිධ සංවර්ධන මුලපිරීම් සඳහා ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට චීනය කැමැත්තෙන් පසුවන බව නියෝජිත පිරිස දන්වා සිටියහ.

    විශේෂයෙන්ම අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ නිලධාරීන් පුහුණු කිරීම හරහා ශ්‍රී ලංකාවේ මානව සම්පත් සංවර්ධනය වැඩි දියුණු කිරීම සඳහා චීනයේ සහාය ලබා දෙන බවට ද ඔවුහු ජනාධිපතිවරයා හමුවේ සහතික වූහ.

    චීන රජය ශ්‍රී ලංකාවට ලබා දෙන අඛණ්ඩ සහයෝගය වෙනුවෙන් සිය කෘතඥතාව පළ කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දෙරට අතර සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීමට කැප වන බව අවධාරණය කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,476 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 202603 Views

    කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග යෝජනාව අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව…

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.