Author: LFN

පහළොස් හැවිරිදී තම දියණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියායැයි උරණ වූ උසස් පෙළ විභාගය සඳහා අධ්‍යාපනය ලබන සිසුවෙකුට අමානුෂික ලෙස පහර දුන් පියෙකු අත්අඩංගුවට ගත් බව ගල්කිරියාගම පොලිසිය කියයි. මෙම පියාගෙන් බරපතල පහර කෑමට ලක් වූ පාසල් සිසුවා ආඩියාගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව දඹුල්ල රෝහලටත් දඹුල්ල රෝහලෙන් අසාධ්‍ය තත්ත්වයේ මහනුවර මහ රෝහලටත් ඇතුළත් කොට මේ වනතුරුත් කිසිදු සිහියක් නොමැතිව දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව ගල්කිරියාගම පොලිසිය කියයි. පසුගිය දිනෙක මෙම පාසල් සිසුවා පහලොස් හැවිරිදී එකම විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසුවිය සමගින් උපකාර පංති යන වස්ථාවක මහමග ප්‍රදේශයේ ස්ථානයක කතා කරමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි පියා මෙම දියණියටත් පාසල් සිසුවාටත් පහරදී ඇති බව…

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් අද (17) මෙරටට පැමිණීමට නියමිතව තිබේ. ඔවුන් 23 වනදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් මෙලෙස දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීර්ණ ණය අරමුදල් පහසුකම යටතේ වන තෙවන සමාලෝචනය සිදුකිරීම සඳහා මෙම නියෝජිත පිරිස දිවයිනට පැමිණීමට නියමිතව ඇති අතර, මෙම සමාලෝචනයෙන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට මීළඟ ණය වාරිකය ලබාදීම සිදුකිරීමට නියමිතය.

Read More

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී අද (17) පැවැත්වේ. දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය අද පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතය. ශ්‍රී ලංකා – නවසීලන්ත තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ඩක්වර් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 45කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ වසර 9කට පසුව නවසීලන්තයට එරෙහිව එක්දින තරගයක් ජය ගනිමිනි. ඒ අනුව තරග 3කින් සමන්විත මෙම තරගාවලියේ මේ වන 1ට බින්දුවක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණ ගෙන සිටියි. අද තරගය ශ්‍රී ලංකාව ජය ගතහොත් තවත් තරගයක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකාවට එක්දින තරගාවලිජය ජය හිමිවනු ඇති. ශ්‍රී…

Read More

වැටුප් ඉහළ දැමීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් කැනඩාවේ තැපැල් වෘත්තිය සමිති වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. ඊට 55,000ක පමණ පිරිසක් එක්ව සිටින බව වාර්තා වේ. ඔවුන් දින 3ක් වැඩ වර්ජනයේ නිරත වීමට සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔවුන් මෙලෙස වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත්තේ වසර 6කින් පසුව දෙවන වරට බව සඳහන් වේ. උද්ධමනය සහ ජීවන වියදම ඉහළ යාමට සමගාමීව වැටුප් ඉහළ දමන ලෙසට වැඩ වර්ජනයේ නිරත තැපැල් වෘත්තිකයින් ඉල්ලීම් කරයි. එමෙන්ම සේවා කිරීමට සුදුසු පරිසරයක් නිර්මාණය කර දෙන ලෙස දී ඔවුන් ඉල්ලා සිටී. තැපැල් සේවකයින්ට වසර 4ක් තුළ දී සියයට 11.5ක වැටුප් ඉහළ දැමීමක් ලබා දීමට…

Read More

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි දේශපාලනික ගමන් මග පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ඊයේ (16) පෙරවරුවේ පවත්වා තිබේ. එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පවත්වා ඇති අතර ඊට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් හිටපු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සහභාගී වී ඇති බව සදහන් වේ. මෙහිදී ඉදිරි මැතිවරණ වල දී එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණින් තරග වැදීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බවද වාර්තා වේ. මේ අතර එක්සත් ජාතික පක්ෂ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පැවසුවේ මීලඟ සියලු මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණින් තරග කිරීමට සාකච්ඡා කළ බවයි. එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරත්වය සහ පක්ෂයේ ගමන්මග…

Read More

වෙන්නප්පුවේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරියන් දෙදෙනෙකුගේ පහරදීම හේතුවෙන් මාස තුනකට අධික කාලයක් රෝහල්ගතව සිටි සිසුවියක් රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වෙන්නප්පු ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ පාසලක 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි 16 හැවිරිදි රමේෂා දිනිති නම් සිසුවියකි. මියගිය දැරියගේ දේහය පිළිබඳව සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ, මොළයට රුධිරය වහනය වීම හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවය. ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිට ඇප මත මුදාහැර සිටි ගුරුවරියන් දෙදෙනා නැවතත් පසුගිය 14 වනදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නොවැම්බර් 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකළ බව පොලීසිය පවසයි. ඇයගේ පන්තිභාර ගුරුවරිය…

Read More

2024 මහ මැතිවරණයේදී එක් එක් පක්ෂ වෙත හිමි වූ ජාතික ලැයිස්තුවෙන් තේරී පත්වන මන්ත්‍රී ධුර සඳහා දේශපාලන පක්ෂ විසින් නම් කරනු ලබන නාමලේඛනය මැතිවරණ කොමිෂන් සභාව වෙත කඩිනමින් ලබා දෙන ලෙස එම පක්ෂවල මහලේකම්වරුන් වෙත දැනුම් දී තිබෙනවා. ඒ අනුව වැඩිම ආසන ප්‍රමාණයක් දිනාගත් ජාතික ජන බලවේගය සිය පක්ෂයේ ජාතික ලැයිස්තුව අද (17) දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ. සමගි ජන බලවේගයට මෙවර ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුර 05 ක් හිමි වූ අතර ඒ සඳහා පත්කරන්නේ කවුරුන්ද යන්න පිළිබඳ එම පක්ෂය මෙතෙක් අවසන් තීරණයකට එළැඹ නොමැති බවද වාර්තා වේ. මේ අතර නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 02 ක් හිමිවුණු…

Read More

තමන් ක්‍රියාකාරී දේශපාලනයෙන් මෙන්ම මාතර වැලිගම සංවිධායක ධුරයෙන්ද ඉල්ලා අස්වන බව සමගි ජන බලවේගයේ වැලිගම සංවිධායක රෙහාන් ජයවික්‍රම පවසයි. සිය X පිටුවේ සටහනක් සටහනක් තබමින් ඔහු පැවසුවේ සිය ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත යොමු කළ බවය. දිගින් දිගටම සිදුවන මැතිවරණ පරාජයන් හමුවේ දේශපාලනයේ තමන් ඉතා දුෂ්කර ගමනක් පැමිණියත්, මෙතැන් සිට තම පවුල ගැන සිතීමට මෙන්ම ඔවුන් වෙනුවෙන් වැඩ කිරීමට කාලය එළැඹ ඇති බව තමන්ට හැඟෙන බවත් ඔහු සඳහන් කර තිබේ. එමෙන්ම ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ මෙම තීරණය ඉතා පහසුවෙන් ගත් තීරණයක් නොවන නමුත් එය දැනට නිවැරදි තීරණයක් ලෙස හැගෙන බවයි. ඔහු මින් පෙර වැලිගම නගර සභාවේ…

Read More

මහමැතිවරණය සහ දීර්ඝ සතිඅන්ත නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන මගී ජනතාව සදහා විශේෂ දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ අද සහ හෙට දිනවල දී සාමාන්‍ය දුම්රිය ධාවන වාරයන්ට අමතරව විශේෂ දුම්රිය කිහිපයක් ධාවනය සදහා යොදවා ඇති බවය. ඒ අනුව විශේෂ දුම්රිය වාර 7ක් සැලසුම් කර තිබේ. කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වාත්, බදුල්ල සිට කොළඹ කොටුව දක්වාත්, මහනුවර සිට කොළඹ කොටුව දක්වාත්, බෙලිඅත්ත සිට කොළඹ කොටුව දක්වාත් විශේෂ දුම්රිය වාර ක්‍රියාත්මක වේ. එමෙන්ම කොළඹ කොටුව සිට හික්කඩුව දක්වාත්, මාතර සිට කොළඹ කොටුව දක්වාත්, ගාල්ල සිට කොළඹ කොටුව දක්වාත් මෙලෙස විශේෂ දුම්රිය…

Read More

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී.75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවය. උතුරු සහ නැගෙනහිර පළාත්වලත් ස්ථාන ස්වල්පයක උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකිය. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.

Read More