Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»එක් එක් පක්ෂවලට ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර බෙදී යන්නේ මෙහෙමයි
    Featured

    එක් එක් පක්ෂවලට ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර බෙදී යන්නේ මෙහෙමයි

    By LFNNovember 17, 2024No Comments2 Mins Read114 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2024 මහ මැතිවරණයේදී එක් එක් පක්ෂ වෙත හිමි වූ ජාතික ලැයිස්තුවෙන් තේරී පත්වන මන්ත්‍රී ධුර සඳහා දේශපාලන පක්ෂ විසින් නම් කරනු ලබන නාමලේඛනය මැතිවරණ කොමිෂන් සභාව වෙත කඩිනමින් ලබා දෙන ලෙස එම පක්ෂවල මහලේකම්වරුන් වෙත දැනුම් දී තිබෙනවා.

    ඒ අනුව වැඩිම ආසන ප්‍රමාණයක් දිනාගත් ජාතික ජන බලවේගය සිය පක්ෂයේ ජාතික ලැයිස්තුව අද (17) දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.

    සමගි ජන බලවේගයට මෙවර ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුර 05 ක් හිමි වූ අතර ඒ සඳහා පත්කරන්නේ කවුරුන්ද යන්න පිළිබඳ එම පක්ෂය මෙතෙක් අවසන් තීරණයකට එළැඹ නොමැති බවද වාර්තා වේ.

    මේ අතර නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 02 ක් හිමිවුණු අතර එම මන්ත්‍රී ධුර සඳහා පත් කරන්නේ කවුරුන්ද යන්න සාකච්ඡාවක් ඊයේ පවත්වා තිබේ.

    ඒ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේදීයි.

    එමෙන්ම පොදුජන පෙරමුණට එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමිව තිබූ අතර එම මන්ත්‍රීධුරය සඳහා පොදුජන පෙරමුණේ ජාතික සංවිධානය නාමල් රාජපක්ෂ මහතා නම් කිරීමට එම පක්ෂය තීරණය කර තිබේ.

    මෙවර නව පක්ෂයක් ලෙස මහ මැතිවරණයට ඉදිරිපත් වූ සර්වජන බලය ද එක් ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් දිනා ගැනීමට සමත්ව තිබේ.

    ජාතික ලැයිස්තුවෙන් හිමි වූ එම මන්ත්‍රීධුරය සඳහා නම් කරන්නේ කවුදැයි යන්න අද පක්ෂයේ ජාතික විධායක කමිටුව රැස්වී තීරණය කරන බව එහි ප්‍රකාශකයකු සඳහන් කළේය.

    මීට අමතරව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ ඉලංකෙයි තමිල් අරසු කච්චි අතරේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර එක බැගින් බෙදී බෙදී ගිය අතර ඉලංකෙයි තමිල් අරසු කච්චි සිය ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා කවුරුන්දැයි අද දිනයේ ප්‍රකාශ කිරීමට නියමිත බව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026

    ඉදිරියේ දී QR ක්‍රමවේදය තදින් ක්‍රියාත්මක කරන්න පියවර ගන්නවා – බලශක්ති ඇමති

    June 1, 2026

    ඇමති සමන්ත විද්‍යාරත්නගෙන් ප්‍රකාශයක්

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,405 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 202605 Views

    කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ විතානගේ පාර ප්‍රදේශයේදී කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින්…

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.