Author: LFN
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප.ව.1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. නැගෙනහිර පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.බස්නාහිර,සබරගමුව වයඹ, නැගෙනහිර සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී.100 පමණ තද වැසි ඇතිවිය හැක. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා…
ගාල්ල දඩල්ල ප්‍රදේශයේ නිවසකට අද(15) අලුයම මුහුණ වසාගෙන පැමිණි පුද්ගලයෙකු තියුණු ආයුධයකින් කළ පහරදීමකින් එම නිවසේ පුද්ගලයකු මිය ගොස් ඇතැයි පොලීසිය කියයි. අවුරුදු 47 ක් වයසැති අයි ඩී එච් වත්ත , දඩල්ල ප්‍රදේශයේ පුද්ගලයෙක් මෙලෙස බරපතල තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලීසිය පවසයි. අද අලුයම නිවසට ඇතුළු වූ මුහුණ වසාගත් පුද්ගලයකු එම නිවසේ අඹු සැමි යුවළට සහ දියණියට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදු කර ඇතැයි පොලිසිය සඳහන් කළේය. එහිදී රෝහල් ගතකිරීමෙන් පසු නිවෙස් හිමියා මියගොස් ඇති අතර බරපතල තුවාල ලැබූ එම පුද්ගලයාගේ බිරිද (45) සහ දියණිය(15) මෙ වන විට කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බවද පොලීසිය කියයි. සැකකරු…
හෝමාගම ගලවිලවත්ත ප්‍රදේශයේ දී ව්‍යාපාරිකයෙකු බව කියන පුද්ගලයකුට අද (15) අලුයම නාදුනන අයෙකු විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර පලා ගොස් ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි. වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා බරපතල තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුලත් කර ඇති බවත් වෙඩි උණ්ඩ දෙකක් ශරීරයට වැදී ඇති බවත් පොලිසිය පවසයි. වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා ශල්‍යකර්මයකට භාජනය කිරීමෙන් පසු රෝහලේ ප්‍රතිකාර ලබන බවද පොලිසිය පවසයි. යම්කිසි පලි ගැනීමක් මත මෙම වෙඩි ප්‍රහාරය සිදු කර ඇති බවට ලද මූලික තොරතුරු මත සැක කරන බවද පොලිසියේ උසස් නිළධාරියෙකු පැවසීය.
කිරින්ද , පුස්තෝලමුල්ල ජයවික්‍රම කණිෂ්ඨ විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයෙහි පැවැති අංක 98 ඡන්ද මධ්‍යස්ථානයෙහි බිමතින් රාජකාරි සේවයෙහි යෙදි සිටි පොලිස් නිළධාරින් දෙදෙනෙකු තිස්සමහරාම සහකාර පොලිස් අධිකාරි වරයාගේ උපදෙස් මත තිස්සමහරාම පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ. මොණරාගල කොට්ඨාශයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයකු සහ කිරින්ද පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ ආධුනික පොලිස් නිලධාරියකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
මැතිවරණ රාජකාරියේ නිරත පොලිස් නිලධාරියෙක් සහ සිවිල් නිලධාරීන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා පවසයි. ඒ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14) පැවති මාධ්‍ය හමුවකට සම්බන්ධ වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේ ඔවුන් තිදෙනාම ස්වභාවික හේතු මත ජීවිතක්ෂයට පත්ව ඇතැයි විශ්වාස කරන බවය. එලෙස මියගොස් ඇත්තේ කෝපායි පොලිස් වසමේ, කුරුම්බුරායි ප්‍රදේශයේ පාසලක පැවති ඡන්ද මධ්‍යස්ථානයක සේවය කරමින් සිටි වයස අවුරුදු 33ක පොලිස් නිලධාරියෙකි. එමෙන්ම කැස්බෑව පොලිස් වසමේ, සිරි සදහම් භික්ෂු ආරාමයේ ඡන්ද මධ්‍යස්ථානාධිපති ලෙස නම් කර තිබූ 48 හැවිරිදි පයාගල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් මියගොස් ඇත්තේ,අසනීප තත්ත්වයෙන් රෝහල් ගත කිරීමෙන් අනතුරුවය. මේ අතර කොබෙයිගනේ ප්‍රදේශයේ ඡන්ද…
නිකරුනේ මග රැඳී නොසිට අද උදෑසනම ඡන්ද පොළට ගොස් ඡන්දය පාවිච්චි කර නිවෙස් වෙත යන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා ඡන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටී. ඡන්ද පොළ ආරක්ෂාව සඳහා ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බවත් ඡන්ද ප්‍රකාශ කිරීමට බාධාවන ක්‍රියාවන් සිදු වුවහොත් අදාළ ඡන්ද පොළ ප්‍රතිඵල ශූන්‍ය කරන බවත් රත්නායක මහතා සඳහන් කරයි. ඡන්ද පොළ සිට අවට මීටර 500ක් ඇතුළත අපේක්‍ෂකයන් හෝ පක්‍ෂ ප්‍රවර්ධනය වන ආකාරයේ ක්‍රියාවන් සිදු කරන තැනැත්තන් පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා බවද නීතිය හා සාමය ආරක්‍ෂා කිරීමට සැමගේ සහාය අවශ්‍ය බවද හෙතෙම කීය. පුළුල් තිර යොදාගෙන හෝ විශාල රූපවාහිනී යන්ත්‍ර භාවිතා කර පොදු…
එංගලන්ත පල්ලියේ කීර්තිමත් පූජකවරයෙක් වන කැන්ටබරියේ අගරදගුරු ජස්ටින් වෙම්බ්ලි සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඒ පිරිමි ළමයින් සහ තරුණයින් සිය දෙනෙක් පමණ අපයෝජනයට ලක් කළ ජෝන් ස්මයිත් නමැති පුද්ගලයෙක් සම්බන්ධව කරුණු වසන්කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙනි. අදාළ පුද්ගලයා සම්බන්ධව 2013 වසරේදී වෙම්බ්ලි වෙත තොරතුරු ලැබී ඇතත්, ඔහු එම තොරතුරු සඟවාගෙන සිට ඇත. එමගින් ඔහු 2018 වසරේදී සිදුවූ ස්මයිත්ගේ මරණය දක්වා ළමා අපයෝජන අඛණ්ඩව සිදුවීමට ඉඩ හැර ඇති බව එංගලන්ත පල්ලියේ රදගුරුවරුන් චෝදනා කළ අතර, ඔවුන් අවධාරණය කළේ අගරදගුරුවරයා වහාම ඉල්ලා අස්විය යුතු බවටය. චාල්ස් රජු කිරුළු පැළඳවීම සිදුවූයේත් අගරදගුරු ජස්ටින් වෙම්බ්ලි අතිනි.
කිසිවක් පහළට වැටීම හරහා මහජනතාවට පීඩාවක් ඇති නොවන සේ කොළඹ කොටුවේ පිහිටි මහල් 60 කින් සමන්විත ක්‍රිෂ් ගොඩනැගිල්ල පවත්වාගෙන යා යුතු බවට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (13) රිට් ආඥාවක් නිකුත් කළේය. ක්‍රිෂ් ගොඩනැගිල්ල හිමිකාර සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට එම ආඥාව නිකුත්කළේය. විදේශීය ආයෝජනයක් ලෙස 2015 දී ඉදිකිරීම් ආරම්භ වූ මෙම ගොඩනැගිල්ල කොළඹ කොටුවේ පිහිටි උසම ගොඩනැගිල්ල වෙයි. පසුගිය කොවිඩ් කාලසීමාවේ මෙහි ඉදිකිරීම් නතර වූ අතර පසුව මෙරට පැවති ආර්ථික කඩාවැටීමත් සමග එහි ඉදිකිරීම් සම්පූර්ණයෙන්ම නතර කර දැමුණි. මෙම ගොඩනැගිල්ලෙහි ඉදිකිරීම් නවතා දැමීමත් සමග මේ වනවිට එහි දිරාගිය ඇතැම් කොටස් බිමට ඇද වැටෙමින් පවතියි. පසුගිය ඔක්තෝම්බර් මාසයේදී සිදුවූ එවැනි අනතුරකින් මෝටර්…
ඊයේ (13) රාත්‍රියේ ගල්කිස්ස පොලිස් වසමේ බඩෝවිට ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. වෙඩිතැබීමෙන් තුවාල ලැබූ අදාළ පුද්ගලයා ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එලෙස මියගොස් ඇත. මියගොස් ඇත්තේ වයස අවුරුදු 30ක් වූ 03වන අදියර, බඩෝවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම වෙඩිතැබීම සඳහා ටී56 ගිනිඅවියක් භාවිත කර ඇති බවට සැකකරන අතර, සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත. පොලීසිය සඳහන් කළේ 119 හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් ඔස්සේ සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය විමර්ශනයක් ආරම්භ කර ඇති බවය.
සංචාරක නවසීලන්ත කණ්ඩායම පරාජය කර දඹුල්ලේදී ඊයේ (13) අවසන් වූ පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය අනුව ලකුණු 45ක පහසු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. මේ අනුව තරග 3කින් යුත් තරගාවලිය තරග 1-0ක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණ ගත්තේය. වර්ෂාවෙන් බාධා එල්ල වූ මෙම තරගයේ නවසීලන්ත කණ්ඩායමට ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය අනුව පන්දුවාර 27කදී ජයග්‍රහණය සඳහා ලකුණු 221ක ඉලක්කයක් හිමිවිය. කෙසේ නමුත් ඊට පිළිතුරු ලෙස ඔවුන්ට නියමිත පන්දුවාර සංඛ්‍යාව තුළදී කඩුලු 9ක් දැවී රැස්කිරීමට හැකිවූයේ 175ක් පමණි. ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිතර වූ මහීෂ් තීක්ෂණ ලකුණු 32කට කඩුලු 2ක් දවාගැනීමට සමත් විය.