Close Menu
Lanka Focus News
    What's Hot

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පොහොර සහනාධාර ප්‍රමාදයට හේතුව හෙළිවෙයි
    Featured

    පොහොර සහනාධාර ප්‍රමාදයට හේතුව හෙළිවෙයි

    By LFNNovember 19, 2024No Comments2 Mins Read135 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පොහොර සහනාධාර මුදල් ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත බැර වීමට ප්‍රමාද වී ඇත්තේ පරිගණක පද්ධතියේ පවතින දෝෂ සහගත තත්ත්වයක් හේතුවෙන් බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

    ඒ අනුව මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ඊයේ දිනයේදීම නිලධාරීන් කණ්ඩායමක් යොමුකර ඇති බව සදහන් කළ කෘෂිකර්ම අමාත්‍යාංශය ඊට අදාළ වාර්තාවක් අද (19) දිනයේ දී කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයා වෙත භාර දීමට නියමිත බව ද සඳහන් කළේය.

    කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ පොහොර සහනාධාර මුදල් මේ වන විටත් ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත නිදහස් කිරීමට පියවර ගත් බවය.

    එහෙත් අදාළ මුදල් මේ දක්වාත් ලැබි නොමැති බව ගොවීන් ඊයේ දිනයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේය.

    මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රිනි රෝහිණි කවිරත්න මහත්මිය ද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ගොවීන් වෙත ලබාදීමට සැලසුම් කර ඇති පොහොර සහනාධාර මුදල් වහාම ලබාදීමට පියවර ගන්නා ලෙසය.

    මේ සම්බන්ධයෙන් අද දෙරණ කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් විමසීමක් කළ අතර එහිදි ඔවුන් සඳහන් කළේ අදාළ මුදල් ගොවීන්ගේ ගිණුම් වෙත නිදහස් කිරීමට පියවර ගෙන ඇති බවය.

    මහ කන්නයේ කුඹුරු වගාව සඳහා අවශ්‍ය වන පොහොර ලබාගැනීමට ගොවීන් වෙත රුපියල් 25,000 බැගින් වන පොහොර සහනාධාරයක් රජය විසින් ලබාදෙනු ලබයි.

    අම්පාර ඇතුළු නැගෙනහිර කලාපයේ වී ගොවිතැන ආරම්භ වී මේ වන විට දින 20කට වඩා කාලයක් ගත වී ඇතත් පොහොර මිල දී ගැනීමට ගොවීන්ට නොහැකි වී ඇති බවද වාර්තා වේ.

    මේ අතර මහ කන්නයේ පළමු අදියරේ පොහොර සහනාධාරය ලබාදීම අවසන් කර ඇති බව ද වාර්තා වේ.

    ඒ දිස්ත්‍රික්ක 23ක හෙක්ටයාර 86,162ක් සදහා ය.

    කෙසේ වෙතත් පොළොන්නරුව, ගිරිතලේ සහ කවුඩුල්ල මහ වාරී ජලාශවල ජලය නිකුත් කිරීම ප්‍රමාද වීම හේතුවෙන් එම ප්‍රදේශවලට පොහොර 15සහනාධාරය ලබාදීම ප්‍රමාද කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 202604 Views

    මැදපෙරදිග කලාපයේ බලශක්ති සැපයුම්වලට එල්ල වී ඇති බාධාකාරී තත්ත්වයත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන්…

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.