Author: LFN
අමෙරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය නිල ‘X’ ගිණුමේ පණිවුඩයක් නිකුත් කරමින් සුබ පැතුම් එක්කර තිබේ. එම ‘X’ පණිවුඩයේ දැක්වෙන්නේ, ‘අමෙරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමින් තේරී පත් වූ ඩොනල්ඩ් ජේ. ට්‍රම්ප් @realDonaldTrump වෙත උණුසුම් සුබ පැතුම් පිරිනමමි. ශ්‍රී ලංකාවේ සහ එක්සත් ජනපදයේ ජනතාවට ප්‍රයෝජනවත් වන අපගේ සබඳතාවල පොදු අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ඔබ සමග සම්බන්ධව කටයුතු කිරීමට මම බලාපොරොත්තු වෙමි’ යනුවෙනි.
විදේශීය සමාගම් දෙකකින් මෙරටට විදේශ ගමන් බලපත්‍ර මිලදී ගැනීමේ ක්‍රියාවලිය අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබෙන රිට් පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම්කර තිබේ. අදාළ මිලදී ගැනීම් අභියෝගයට ලක් කරමින් එපික් ලංකා පුද්ගලික සමාගම විසින් ගොනු කර ඇති පෙත්සමට අදාළව පෙත්සම්කාර පාර්ශ්වය විසින් මෝසමක් ඉදිරිපත් කරමින් එහි වගඋත්තරකරුවකු ලෙස රනිල් වික්‍රමසිංහ මහතා නම්කර ඇත. මෙම පෙත්සම ඊයේ (06) මොහොමඩ් ලෆාර් තාහීර් සහ පී. කුමාරන් රත්නම් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. එම අවස්ථාවේදී අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කර තිබූ සමාගම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුව කරුණු දක්වමින් ඊ- විදේශ ගමන් බලපත්‍ර මිලියන පහක්…
පුද්ගලික වාසි වෙනුවෙන් තමන් බිලිදීම ගැන කනගාටු වන බවත්, තමන්ට සිදු වූ අසාධාරණය තවත් කෙනෙකුට සිදු නොවීමට නීතිය පැත්තෙන් ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවත් වෛද්‍ය සාෆි සහබ්දීන් මහතා පවසයි. කාන්තාවන් වන්ධ්‍යකරණයට ලක්කළ බවට චෝදනා එල්ල වූ කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය සාෆි සහබ්දීන් මහතා සියලු චෝදනාවලින් නිදහස්වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසීය. තවදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය සාෆි සහබ්දීන්, “පුද්ගලික වාසි වෙනුවෙන් තමන්ගේ තනතුර ඉහළ දමාගන්න මාව බිලිදීපු එකගැන කනගාටුවෙනවා. තමන්ගේ හැකියාව තුළින් ඉදිරියට යන්නේ නැතුව මං වගේ අහිංසක මනුස්සයෙක්ව, පවුලක් විනාශ කරලා ඉදිරියට ගියඑක ගැන නීතිමය පියවර ගන්වා. ඒ සම්බන්ධව මගේ නීතිඥවරයත් එක්ක සම්බන්ධවෙලා…
බියර් නිෂ්පාදනය සඳහා වැඩි වශයෙන් සහල් ලබාදීම වෙළෙඳපොළේ සහල් හිඟයක් නිර්මාණය වීමට සෘජුව බලපා ඇති බව සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ගේ සංගමය පවසයි. සුළු හා මධ්‍ය පරිමාණ මෝල්හිමියන්ගේ සංගමයේ සභාපති යූ.කේ. සේමසිංහ මහතා පෙන්වා දෙන්නේ, බියර් නිෂ්පාදනය කරන්න ලබාගන්නා කැකුළු සහල් නිපදවන්නේ නාඩු වී ලබාගැනීමෙන් බවයි. තවදුරටත් අදහස් දැක් වූ යූ.කේ. සේමසිංහ මහතා, “බියර් නිෂ්පාදනය කරන්න අවශ්‍ය වෙන්නේ කැකුළු සහල්. නමුත් බියර් නිෂ්පාදනය කරන්න අවශ්‍ය කැකුළු සහල් ලබාගන්නේ නාඩු වී වලින්. ඒ නිසා බියර් නිෂ්පාදනයට වැඩි ප්‍රතිශතයක් යොමු කළාම නාඩු සහල් නිපදවීම සඳහා අවශ්‍යකරන වී හිඟයක් නිර්මාණය වෙලා තිබෙනවා.” ගොවි සංවිධාන ද රජයෙන් ඉල්ලා සිටින්නේ සහල් මිල පාලනයට කඩිනමින්…
උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවය. මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
දේවගැති ජෙරම් ප්‍රනාන්දු ඊයේ (05) නාවලපිටිය මිපිටිය ප්‍රදේශයට පැමිණීමත් සමග නොසන්සුන්තාවයක් හටගෙන තිබේ. ඒ, ගම්වාසීන්ගෙන් දේවගැති ජෙරම් ප්‍රනාන්දුට දැඩි විරෝධයක් එල්ලවීමත් සමගය. මානසික ව්‍යාකුලතා සහිත දරුවන් පුනුරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයක් ඉදිකිරීම් සිදු කරන බව පැවසෙන ස්ථානයකට දේවගැති ජෙරම් ප්‍රනාන්දු පැමිණ තිබූ අතර එහිදී මෙම උණුසුම් තත්ත්වය හටගෙන තිබුණි. තත්ත්වය පාලනය කිරීම සඳහා නාවලපිටිය පොලීසියේ නිලධාරීන් ද පැමිණ තිබුණි. ගම්වාසීන් චෝදනා කරන්නේ මෙම ස්ථානයේ දරුවන් පුනුරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයක් ඉදිකරන බවට පවසමින් ආගමික ස්ථානයක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බවය. පසුව ගම්වාසීන්ගේ දැඩි විරෝධය මැද දේවගැති ජෙරම් ප්‍රනාන්දු ඔහුගේ ආරක්ෂක නිලධාරීන් සමග එම ස්ථානයෙන් පිටවී ගොස් තිබුණි.
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයාගේ හා ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකගේ වැඩ තහනම් කර තිබේ. ප්‍රධාන ජේලර්වරයා සහ නියාමකවරයා විසින් කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින ජීවිතාන්ත සිරඳඩුවමක් විඳින සිරකරුවකු සමග අනිසි සම්බන්ධතා පවත්වා බන්ධනාගාරය වෙත රහසිගත ලෙස ජංගම දුරකථන රැගෙනවිත් බන්ධනාගාර රැඳවියන්ට ලබාදී ඇති බව සිදුකරන ලද මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇති බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ගාමිණී බී. දිසානායක මහතා පැවසීය. පොලිස් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය මගින් සිදුකරන ලද විමර්ශනයකදී අනාවරණය වූ කරුණු අනුව බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් සහකාර අධිකාරීවරයෙකු යොදවා සිදුකරන ලද මූලික විමර්ශනයට අනුව 2024.11.04 දින කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ සේවයේ නියතු ප්‍රධාන ජේලර්වරයා…
ජනාධිපතිවරයාගේ රුව සහිත ව්‍යාජ රුපියල් 5,000ක නෝට්ටුවක් සමාජ මාධ්‍යයට එක් කළ සැකකරු නොවැම්බර් 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කැස්බෑව මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා ඒ බව පැවසීය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාළ සැකකරුව ඉකුත් 04 වනදා අත්අඩංගුවට ගෙන තිබුණි. සැකකරු අවුරුදු 38ක් වූ මහදෙණිය, කොරතොට, අතුරුගිරිය ලිපිනයේ පදිංචිකරුවෙකි.
2024 යල සහ මහ කන්නවලදී සහල් අතිරික්තයක් ලැබී ඇති පසුබිමක සහල් හිඟයක් සහ මිල ඉහළ යාමක් කිසිසේත් සිදුවිය නොහැකි බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනය පවසයි. කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එම ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය ඒ. එල්. රන්දික මහතා ප්‍රකාශ කළේ, වී මිලදී ගැනීමේදී රාජ්‍ය මැදිහත්වීම අවම මට්ටමක පැවතීම සහල් මිල ඉහළයෑමට හේතුවී ඇති බවය. මේ වනවිට වෙළෙඳපොළේ පවතින නාඩු සහල් හිඟය සහ ඉහළ මිල හේතුවෙන් පාරිභෝගිකයා පීඩාවට පත්වී තිබේ. එමෙන්ම ඔහු පැවසුවේ, සහල් මිල ගණනය කිරීමේදී සහල් නිෂ්පාදනයේදී ලැබෙන අතුරුඵල සැලකිල්ලට භාජනය නොකෙරෙන බවය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය ඒ. එල් රන්දික මහතා, “සහල් ව්‍යාපාරිකයෝ සහල්වලට පමණයි…
රාජ්‍ය නිලධාරීන් කප්පම් හෝ අල්ලස් ඉල්ලන්නේ නම් ඔවුන් පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි තමා ඉල්ලා සිටින බවත්, එලෙස ක්‍රියාකරන නිලධාරීන් රැකියාවෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජාතික ජන බලවේගය පසුගිය (04) සංවිධාන කළ මොනරාගල ජන රැලියට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේය. “පළමු වතාවට දූෂිත ප්‍රභූ පාලනයෙන් පොදුජනතාවගේ අතට බලය මාරු වුණා. රිදෙන්නේ නැද්ද?… රිදෙනවා…දුක ඇති ගොඩක්… දැන් නැවත උත්සාහ කරනවා මේක පරාජය කරන්න සහ වට්ටන්න. මේක එහෙම වට්ටන්නත් බැහැ, පරාජය කරන්නත් බැහැ. ඒවා ඒ ගොල්ලෝ දුකට කියන කතා. ඇත්තටම සමහරවිට ඒ ගොල්ලෝ රෑට කොට්ටේ බදාගෙන අඬනවත් ඇති. මොකක්ද මේ වුණේ කියලා… ඔවුන් හැමදාම හිතුවේ ජනතාව…