Close Menu
Lanka Focus News
    What's Hot

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පාස්පෝට් රිට් පෙත්සමේ රනිල්වත් වගඋත්තරකරුවෙක් ලෙස නම් කෙරේ
    Featured

    පාස්පෝට් රිට් පෙත්සමේ රනිල්වත් වගඋත්තරකරුවෙක් ලෙස නම් කෙරේ

    By LFNNovember 7, 2024No Comments2 Mins Read112 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    විදේශීය සමාගම් දෙකකින් මෙරටට විදේශ ගමන් බලපත්‍ර මිලදී ගැනීමේ ක්‍රියාවලිය අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබෙන රිට් පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම්කර තිබේ.

    අදාළ මිලදී ගැනීම් අභියෝගයට ලක් කරමින් එපික් ලංකා පුද්ගලික සමාගම විසින් ගොනු කර ඇති පෙත්සමට අදාළව පෙත්සම්කාර පාර්ශ්වය විසින් මෝසමක් ඉදිරිපත් කරමින් එහි වගඋත්තරකරුවකු ලෙස රනිල් වික්‍රමසිංහ මහතා නම්කර ඇත.

    මෙම පෙත්සම ඊයේ (06) මොහොමඩ් ලෆාර් තාහීර් සහ පී. කුමාරන් රත්නම් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

    එම අවස්ථාවේදී අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කර තිබූ සමාගම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුව කරුණු දක්වමින් ඊ- විදේශ ගමන් බලපත්‍ර මිලියන පහක් මිලදී ගැනීම වළක්වාළමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇති නිසා තම සේවාදායකයින්ට දැඩි අගතියක් සිදුවී ඇති බව සඳහන් කළේය.

    මෙම අතුරු තහනම් නියෝගය නඩු විභාගය අවසන් වන තෙක් බල පැවැත්වෙන බව පෙන්වා දුන් එම නීතිඥවරුන් අදාළ අතුරු නියෝගය ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියේය.

    පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ විරාන් කොරයා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විදේශ ගමන් බලපත්‍ර මිලදී ගැනීමේ ක්‍රියාවලිය අවිධිමත් ප්‍රසම්පාදන ක්‍රමවේදයක් යටතේ සිදුවී ඇතැයි පෙන්වා දුනි.

    මෙම අතුරු නියෝගය ඉවත් කරන ලෙස කරනු ලබන ඉල්ලීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ වන බවත් මෙම නඩුව කඩිනමින් විභාග කොට අවසන් තීන්දුවක් ලබාදීම සුදුසු බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල අදාළ අතුරු තහනම් නියෝගය ඉවත් කරන ලෙස කර තිබෙන ඉල්ලීමට අදාළ විරෝධතා තිබේ නම් ඒවා ගොනු කරන ලෙස පෙත්සම්කාර පාර්වශ්වයට නියෝග කළ අතර ඒ පිළිබඳ කරුණු විභාගය දෙසැම්බර් මස 09 වනදා සිදුකරන බවත් නියෝග කළේය.

    සාමාන්‍ය විදේශික ගමන් බලපත්‍ර 750,000 සහ ඊ විදේශ ගමන් බලපත්‍ර මිලියන 05ක් මිලදී ගැනීම සඳහා ඉකුත් රජයේ අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන තිබූ තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා එපික් ලංකා පුද්ගලික සමාගම විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 202606 Views

    2026 අගෝස්තු මාසයට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන වැඩිහිටි දීමනාව අද (03) ප්‍රතිලාභීන්ගේ…

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.