Close Menu
Lanka Focus News
    What's Hot

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පාස්පෝට් රිට් පෙත්සමේ රනිල්වත් වගඋත්තරකරුවෙක් ලෙස නම් කෙරේ
    Featured

    පාස්පෝට් රිට් පෙත්සමේ රනිල්වත් වගඋත්තරකරුවෙක් ලෙස නම් කෙරේ

    By LFNNovember 7, 2024No Comments2 Mins Read113 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    විදේශීය සමාගම් දෙකකින් මෙරටට විදේශ ගමන් බලපත්‍ර මිලදී ගැනීමේ ක්‍රියාවලිය අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබෙන රිට් පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම්කර තිබේ.

    අදාළ මිලදී ගැනීම් අභියෝගයට ලක් කරමින් එපික් ලංකා පුද්ගලික සමාගම විසින් ගොනු කර ඇති පෙත්සමට අදාළව පෙත්සම්කාර පාර්ශ්වය විසින් මෝසමක් ඉදිරිපත් කරමින් එහි වගඋත්තරකරුවකු ලෙස රනිල් වික්‍රමසිංහ මහතා නම්කර ඇත.

    මෙම පෙත්සම ඊයේ (06) මොහොමඩ් ලෆාර් තාහීර් සහ පී. කුමාරන් රත්නම් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

    එම අවස්ථාවේදී අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කර තිබූ සමාගම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුව කරුණු දක්වමින් ඊ- විදේශ ගමන් බලපත්‍ර මිලියන පහක් මිලදී ගැනීම වළක්වාළමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇති නිසා තම සේවාදායකයින්ට දැඩි අගතියක් සිදුවී ඇති බව සඳහන් කළේය.

    මෙම අතුරු තහනම් නියෝගය නඩු විභාගය අවසන් වන තෙක් බල පැවැත්වෙන බව පෙන්වා දුන් එම නීතිඥවරුන් අදාළ අතුරු නියෝගය ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියේය.

    පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ විරාන් කොරයා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විදේශ ගමන් බලපත්‍ර මිලදී ගැනීමේ ක්‍රියාවලිය අවිධිමත් ප්‍රසම්පාදන ක්‍රමවේදයක් යටතේ සිදුවී ඇතැයි පෙන්වා දුනි.

    මෙම අතුරු නියෝගය ඉවත් කරන ලෙස කරනු ලබන ඉල්ලීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ වන බවත් මෙම නඩුව කඩිනමින් විභාග කොට අවසන් තීන්දුවක් ලබාදීම සුදුසු බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල අදාළ අතුරු තහනම් නියෝගය ඉවත් කරන ලෙස කර තිබෙන ඉල්ලීමට අදාළ විරෝධතා තිබේ නම් ඒවා ගොනු කරන ලෙස පෙත්සම්කාර පාර්වශ්වයට නියෝග කළ අතර ඒ පිළිබඳ කරුණු විභාගය දෙසැම්බර් මස 09 වනදා සිදුකරන බවත් නියෝග කළේය.

    සාමාන්‍ය විදේශික ගමන් බලපත්‍ර 750,000 සහ ඊ විදේශ ගමන් බලපත්‍ර මිලියන 05ක් මිලදී ගැනීම සඳහා ඉකුත් රජයේ අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන තිබූ තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා එපික් ලංකා පුද්ගලික සමාගම විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 202604 Views

    මැදපෙරදිග කලාපයේ බලශක්ති සැපයුම්වලට එල්ල වී ඇති බාධාකාරී තත්ත්වයත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන්…

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.