Close Menu
Lanka Focus News
    What's Hot

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අලි ඇතුන් ගැන නඩුවකට අතුරු තහනම් නියෝගයක්
    Featured

    අලි ඇතුන් ගැන නඩුවකට අතුරු තහනම් නියෝගයක්

    By LFNNovember 8, 2024No Comments2 Mins Read109 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලියාපදිංචි නොකළ අලි ඇතුන් සන්තකයේ තබා ගැනීමේ සිද්ධීන්වලට අදාළව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනුකර ඇති නඩුව විභාගකිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (07) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

    ස්වභාවික හා සංස්කෘතික අධ්‍යයනය කේන්ද්‍රය ඇතුළු පිරිසක් විසින් මීට පෙර ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමකට අදාළව ඉදිරිපත් කළ මෝසමක් සලකාබැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබේ.

    ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කළේය.

    පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණයට කරුණු දක්වමින් ලියාපදිංචි නොකළ අලි ඇතුන් සන්තකයේ තබාගැනීමේ සිද්ධීන්වලට අදාළව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුවට අදාළව වනජීවී දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින අලි ඇතුන් මුදාහැරීම වළක්වාලමින් මීට පෙර අභියාචනාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබූ බව පැවසීය.

    එවැනි නියෝගයක් නිකුත් කර තිබියදී අදාළ අලි ඇතුන් මුදිහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ එම අලි ඇතුන්ගේ හිමිකරුවන් බව කියන පුද්ගලයින් විසින් ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බවත් එය නීතියට පටහැනි බවත් ජනාධිපති නීතිඥවරයා තර්ක කළේය.

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම කරුණට අදාළව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩුවේ විභාගය වහාම අත්හිටුවීමට නියෝග කළ අතර මහෙස්ත්‍රාත් අධිකරණයේ තිබෙන මෙම නඩුකරයට අදාළ නඩුගොනුව වහාම ශ්‍රේෂ්ඨාධිකරණය භාරයට ගන්නා ලෙස නියෝග කළේය.

    ඊට අමතරව මෙම නඩුකරයට අදාළව ඉදිරි පියවර කිසිවක් නොගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට නියෝග කළේය.

    එසේම මෙම නඩුකරයට අදාළව මීට පෙර කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබූ සියලු නියෝග මෙම පෙත්සම් විභාගය අවසන් වනතුරු අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් තවත් නියෝගයක්ද නිකුත් කරනු ලැබීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 202606 Views

    2026 අගෝස්තු මාසයට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන වැඩිහිටි දීමනාව අද (03) ප්‍රතිලාභීන්ගේ…

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.