Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂකවරයාගෙන් ඩඩ්ලි සිරිසේනට චෝදනා
    Featured

    හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂකවරයාගෙන් ඩඩ්ලි සිරිසේනට චෝදනා

    By LFNNovember 4, 2024No Comments1 Min Read132 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වරින්වර නිර්මාණය වන වෙළෙඳපොළේ සහල් අර්බුදයට පැවති ආණ්ඩු වගකිව යුතු බවට මහා පරිමාණ සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පසුගිය (02) කළ ප්‍රකාශය මුළුමනින්ම අසත්‍යයක් බව හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ කේ.බී. ගුණරත්න මහතා පවසයි.

    ඔහු ඊයේ (03) ප්‍රකාශ කළේ ඩඩ්ලි සිරිසේන ඇතුළු මහා පරිමාණ මෝල්හිමියන් පස් දෙනෙක් වරින්වර මෙම සහල් අර්බුදය ඇති කරන බවය.

    පසුගිය කාලයේ වෙළෙඳපොළේ පාලන මිල ඉක්මවා සහල් අලෙවි කෙරුණු අතර ඇතැම් සහල්වල හිඟයක් පැවතියේය.

    ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඔක්තෝබර් 24 වනදා මහා පරිමාණ සහල් නිෂ්පාදකයින් කැඳවා පාලන මිලට සහල් අලෙවි කරන ලෙස දැනුම් දුන් අතර ඔවුන්ද එහිදී ඊට එකඟතාව පළකළේය.

    එහෙත් තවමත් වෙළෙඳපොළේ සහල් හිඟය නිමා වී හෝ පාලන මිලට සහල් අලෙවි කිරීම සිදුනොවන බවට වෙළෙඳුන් සහ පාරිභෝගිකයන් චෝදනා කරයි.

    මේ අතර වී තොග සහ සහල් තොග පිළිබඳ දත්ත වාර්තාවක් වහාම ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා නියම කොට සතියක් ඉක්ම ගොස් ඇතත් තවමත් එම වාර්තාව ජනාධිපතිවරයා වෙත ලබා දී නොමැති බව වාර්තා වේ.

    අද දෙරණ ඒ පිළිබඳ විමසූ විට වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්. නයිමුදීන් මහතා සඳහන් කළේ වී තොග පිළිබඳ දත්ත වාර්තාව තවමත් සකස් කෙරෙමින් පවතින බවත් එය නොවැම්බර් 6 වනදා ජනාධිපතිවරයා වෙත ලබාදීමට නියමිත බවත් ය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.