Close Menu
Lanka Focus News
    What's Hot

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මෙහෙම ගියොත් KDU බස් එක වගේ වෙයි – රනිල්
    Featured

    මෙහෙම ගියොත් KDU බස් එක වගේ වෙයි – රනිල්

    By LFNNovember 3, 2024No Comments2 Mins Read118 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මහමැතිවරණයේදී දේශපාලන පළපුරුද්දක් සහිත පුද්ගලයින් පාර්ලිමේන්තු නියෝජිතයින් ලෙස පත්කළ යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ එසේ නොවුණහොත් රට යළි අර්බුදකාරී තත්ත්වයකට පත්වනු ඇති බවය.

    කොළඹ ටොරින්ටන් ආකේඩ් පරිශ්‍රයේදී තරුණයන් වෙනුවෙන් 3 idiots හින්දි චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට ඊයේ (02) කටයුතු යොදා තිබුණි.

    එම අවස්ථාවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාටද ආරාධනය කර තිබුණි.

    චිත්‍රපට දර්ශනය ඇරඹීමට පෙර ඔහු තරුණ පිරිස සමග සාකච්ඡා කළේය.

    ප්‍රශ්නය – හිටපු ජනාධිපතිතුමා ඔබතුමා සිකුරාදාට චිත්‍රපටියක් බලනවා ඒක තාම බලනවද ?

    “දැන් ඉතින් ඕනේ දවස බලන්න පුළුවන් නේ.. කිසි ප්‍රශ්නයක් නැහැ.”

    ප්‍රශ්නය – ඒ කියන්නේ දැන් ඉස්සරට වඩා නිදහස වැඩිද ?

    “ඔව් දැන් ඉතින් නිදහස තියෙනවා. කොහොමත් ඉතින් ඒ කාලෙත් බැලුවා, සුමානෙට සැරයක් දෙසැරයක් විතර බැලුවා.”

    ප්‍රශ්නය – මෙච්චර ලංකාවේ පෙන්වන්න ෆිල්ම් තියාගෙන 3 idiots පෙන්වන්නේ කවුද ? කවුද 3 idiots?

    “දන්නේ නෑ කවුද තේරුවේ කියලා. සාමාන්‍යයෙන් මේක විහිළු චිත්‍රපටයක්නේ. දැන් ඔබ හිතන්නේ කවුද 3 idiots? මට එහෙම එකක් නැහැ මම ඒකයි ඇහුවේ.”

    ප්‍රශ්නය – සිනමාවේ ක්‍රෂ් එකක් හිටියද ? ඉන්නවද ?

    “ඒ කියන්නේ ? මොකක්ද ක්‍රෂ් එක කියන්නේ.”

    ප්‍රශ්නය – ක්‍රෂ් එක කියන එක පැහැදිලි කරන්න කවුරුහරි.

    “අපේ කාලේ තිබුණේ ඔරේන්ජ් ක්‍රෂ් විතරයි.”

    ප්‍රශ්නය – බැරි වෙලාවත් මේ පාර්ලිමේන්තු මැතිවරණය ඉවරවෙලා පාර්ලිමේන්තුවට පත් වුණ මන්ත්‍රීවරයෙක් කීවොත් එහෙම මම ඉල්ලා අස්වෙලා ඔබතුමාට දෙනවා කියාල. ඔබතුමා කොහොම හරි එනවද ?

    “මම අහනවා ඒ මන්ත්‍රීවරයාගෙන් ඔයා මගේ හතුරෙක්ද කියලා.”

    ප්‍රශ්නය – ඒ කියන්නේ ඔබතුමා පාර්ලිමේන්තු යන එක සියදිවි නාසාගැනීමක් ලෙස ද සලකන්නේ ?

    “නෑ මම දැන් පාර්ලිමේන්තුවේ හිටියා ඇති. මම හිතන්නේ දැන් අපේ මේ සිලින්ඩරයෙන් එහෙම අලුත් කණ්ඩායමක් ඇතිකරන්න ඕනේ. මොකද මේ අය විතරයි අද රටේ පළපුරුදු අය ඉන්නේ. ආණ්ඩුවේ කවුරුත් නැහැ පළපුරුදු අය. මේ අය දැන් අවුරුදු තුන හතරක් වැඩ කළා. කවුරුත් නැති වෙලාවේ මට උදව්කළා මේක අවුරුදු දෙකකින් හරවා ගන්න. මම හිත්නේ ලෝකේ සීග්‍රයෙන් බංකොලොත් බවින්
    පිට වුණ රට තමයි ලංකාව ඉතින් මේ යන විදිහට කොහේ යයිද කියලා අපි දන්නේ නැහැ. අර KDU බස් එක වාගේ පෙරළෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි මම කියන්නේ දන්න අය, පළපුරුදු අය එවන්න පාර්ලිමේන්තුවට.”

    ප්‍රශ්නය – ඒ කියන්‍නේ 14 වෙනිදායින් පස්සේ පළපුරුදු නැති අය එනවා කියන එක ඔබ නිගමනය කරලාද තියෙන්නේ මේ වෙද්දි ?

    “නෑ සමහරු කියවා ඔක්කොම ගෙනල්ලා දාන්න කියනවා පළපුරුදු නැති අය. දැකලා තියෙනවාද ? මේක හරියට සැඟවුණු අමුත්තා වගේ”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 202604 Views

    මැදපෙරදිග කලාපයේ බලශක්ති සැපයුම්වලට එල්ල වී ඇති බාධාකාරී තත්ත්වයත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන්…

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.