Close Menu
Lanka Focus News
    What's Hot

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ප්‍රමිතියෙන් තොර කෑම පෙට්ටි සහ වතුර බෝතල් ගැන ඔබ දැනුවත්ද ?
    Featured

    ප්‍රමිතියෙන් තොර කෑම පෙට්ටි සහ වතුර බෝතල් ගැන ඔබ දැනුවත්ද ?

    By LFNNovember 3, 2024No Comments2 Mins Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දරුවන් භාවිතා කරන කෑම පෙට්ටි සහ වතුර බෝතල්වලින් 75%ක් ප්‍රමිතියෙන් තොර බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

    මේ අතර ප්‍රමිතියෙන් තොර ප්ලාස්ටික් උපකරණ භාවිතයෙන් දරුවන්ගේ ජීවිතවලට දැඩි තර්ජනයක් සිදුවෙමින් පවතින බව ලෝක පිළිකා සංගමය ද අනාවරණ කර තිබේ.

    ඒ අතර දරුවන්ට තිලිණ කරන සහ දරුවන් පරිහරණය කරන කෑම පෙට්ටි සහ වතුර බෝතල් ප්‍රමිතියෙන් තොර බවට විවිධ තොරතුරු අවස්ථා ගණනකදී අද දෙරණ ද රට හමුවේ අනාවරණ කළේය.

    මහජන සෞඛ්‍ය පරීක්ෂකරුවන් පෙන්වා දී ඇත්තේ එහෙත් අදටත් ප්‍රමිතියක් නොමැති එවැනි උපකරණ මෙරට වෙළඳපොළේ දිනෙන් දින වැඩිවෙමින් පවතින බවයි.

    මේ සම්බන්ධව අදහස් දක්වමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ මෙම උපකරණ ඉතාමත් අවදානම් ලෙස දරුවන්ට බළපෑම් කරන බවය.

    “දරුවෝ භාවිතා කරන කෑම පෙට්ටි සහ වතුර බෝතල් 75%කට එහා ප්‍රමාණයක් නුසුදුසු ප්ලාස්ටික්වලින් නිෂ්පාදනය කරපුවා කියලා ඉතාම පැහැදිලිව අපිට පේන්න තියෙනවා. චීනය වැනි රටවලින් ආනයනය කරනවා පාලනයකින් තොරව. ඉතාමත් අවදානම් විදිහට දරුවන්ට මේවා බළපෑම් කරනවා.”

    කෙසේ වෙතත් වෙළෙඳපොළට යන පාරිභෝගිකයාට මෙම භාණ්ඩ මිලදී ගැනීමේදී වැටහීමක් තිබේදැයි අප විමසීමක් කළා.

    එහිදී බොහෝ පාරිභෝගියකින් පවසන්නේ, තමන් සැළකිලිමත් වන්නේ, භාණ්ඩයේ මිල සහ එහි ලස්සන පිළිබඳව පමණක් බවයි.

    සෞඛ්‍ය බලධාරීන්ට අනුව ආහාර සහ ජලය දැමීම සඳහා භාවිත කරන ප්ලාස්ටික් ඇසුරුම් මිලදී ගැනීමේදී එහි පතුල මත BPA වලින් තොර හෝ අංක 5 සටහන් කර ඇද්දැයි නිරීක්ෂණය කළ යුතුවේ.

    එසේ නොමැතිනම් වීදුරුවක් සමග ගෑරුප්පුවක සළකුණක් එම භාණ්ඩවල තිබේදැයි පරීක්ෂාකළ යුතු වේ.

    මෙම සලකුණු දෙකම ඇත්නම් එවැනි උපකරණ ඔබේ දරුවාටත් ඔබටත් භාවිතයට සුදුසු බව සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දී තිබේ.

    මේ සම්බන්ධව අදහස් දැක්වූ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය විරාජ් ජයසිංහ මහතා,

    “ශරීරයට අහිතකර නොයෙක් වර්ගයේ රසායනික ද්‍රව්‍ය ගණනාවක් ප්ලාස්ටික් වල අඩංගු වෙනවා. රසායනික ද්‍රව්‍ය අපගේ ශරීරගත වුවහොත් නොයෙක් වර්ගයේ දරුණු පිළිකා සෑදීමේ අවධානමක් තියෙනවා. දරුවෙක් නම් වර්ධනයට බාධා ඇති වෙන්නත් පුළුවන්. ප්ලාස්ටික් භාජනම අවශ්‍ය වෙනවානම් ආහාර ද්‍රව්‍ය ගබඩා කරන්න ප්‍රමිතියෙන් යුක්ත උපකරණම පාවිච්චි කරන්න ඕනේ.”

    විවිධ අංක සඳහන් කරමින් වෛළඳ පොළේ අලෙවි කෙරෙන ආකර්ශණිය කෑම පෙට්ටි සහ වතුර බෝතල් සම්බන්ධයෙන් ඉදිරියේදී වැටලීම් තීව්‍ර කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසීය.

    “1980 අංක 26 දරන ආහාර පනත යටතේ නඩු පවරන්න පුළුවන්. ඉදිරියේදී අපි විශේෂ අවධානය යොමු කරලා විශේෂ පරීක්ෂා කිරීම් කරන්න බලාපොරොත්තු වෙනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 202606 Views

    2026 අගෝස්තු මාසයට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන වැඩිහිටි දීමනාව අද (03) ප්‍රතිලාභීන්ගේ…

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.